
සමරිසි පනතට මහ නාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය
සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබේ.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මල්වතු පාර්ශ්වයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ මහානායක සහ මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව එම යොමු කොට ඇත.
රටේ සංස්කෘතික අනන්‍යතාවයන් , ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්සාහ කරන්නේ නම් එය රාජ්‍ය ආරාජිකවීමට මෙන්ම සමාජ බිඳවැටීමට බලපාන බව චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇති බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
ධර්මද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශ්‍රී ලංකාව බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ට සංස්කෘතික උරුමකම් කියන බවත්, දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව හා සමානත්වතාව යන යන සතර සංග්‍රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලාංකේය සංස්කෘතියේ මූලික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම රාෂ්ට්‍රිය සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය සාධකයක් බවත් එම ලිපිය මගින් උන්වහන්සේලා පෙන්වා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
