News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා සමඟ "එක්සත් ජාතීන් 20 වන ශත වර්ෂයේ සිට 21 වන ශත වර්ෂය දක්වා" නමින් 2024 සැප්තැම්බර් මස 25 වනදා කළ වාර්තාමය සම්මුඛ සාකච්ඡාවක් පළ කිරීමට මොස්කව් බලධාරින් කටයුතු කර තිබුණි. තරමක් දීර්ඝ සාකච්ඡාවක් වන එම සම්මුඛ සාකච්ඡාව ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු.

දේශීය කර්මාන්ත හෝ ව්‍යාපාර සියල්ලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ රජයේ මැදිහත් වීම සහ ප්‍රතිපත්තිය බවත්, දේශීය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තයේ පැන නැගී ඇති ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන් නව රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය පවසයි.

මැතිවරණ අල්ලසක් ලෙස සලකා පොහොර සහනාධාරය අත්හිටුවීමෙන් 2024/25 මහ කන්නයේ වී සහ අතිරේක ආහාර භෝග වගාවලට මාරක ප්‍රහාරයක් එල්ලවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙරට කූඨ ආනයනකරුවන් කිහිප දෙනෙකු විසින් කෘත්‍රිමව පිරිපහදු කළ ශරීරයට අතිශයෙන් අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් මේ වසරේ දී වෙළඳපොළට නිකුත්කර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසයි.

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති L.Dzhagaryan මහතා අද(01) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේගය ලෙස අද බලයට පැමිණ ඇති බවත්, එම දේශපාලන ධාරා දෙක අතර ඇති වෙනස දැන් පැහැදිලිව දැකගත හැකි බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

යුක්ක්‍රේන, ඉන්දීය සහ බල්ගේරියන් සයිබර් අපරාධකරුවන් රටට ඇතුළු වී කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කඩා වැටී ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට (30) දැනුම් දුන්නේය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.