
රංජන් ජයලාල් ලංවිම සේවකයන්ට බෝනස් නොගෙන හිඳිමු යැයි යෝජනා කරයි
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරිව ඇති මුදල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන ජනවාරි සිට ජූලි දක්වා මාස හයේ එන දැවැන්ත ඉඩෝරයේදී විදුලි අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසිය නොහැකි වනු ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පවසන්නේ, ලංවිම පාලනාධිකාරිය ප්‍රකාශ කළ පරිදි මණ්ඩලයට ලාභ ලැබී ඇත්තේ, රුපියල් බිලියන 162ක් බවත් ඉන් බිලියන 112ක් තෙල් සංස්ථාවේ ණය ගෙවා ඇති බවත්ය. ඒ අනුව ඉතිරිව ඇත්තේ, රුපියල් බිලියන 42ක් පමණක් බව ඔහු අවධාරණය කරයි.
පාරිභෝගිකයාගේ විදුලි බිල අඩු කිරීමට සහ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා දීමට නම් මුදල් වෙන් කළ යුත්තේ එම රුපියල් බිලියන 42න් පමණක් බව ත් එය සිදු කළහොත් ලබන ජනවාරි සිට ජූලි මස දක්වා මාස හය තුළ රට මුහුණ දෙන දැවැන්ත නියඟයට මුහුණපාන්නට නොහැකිවනු ඇති බවත් රංජන් ජයලාල් මහතා පවසයි.
ඒ අනුව එම වකවානුව තුළ රටේ ජලාශ හිඳීම ආරම්භ වන අතර එහිදී සමස්ත ජනතාව ම විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව පැවැසූ රංජන් ජයලාල් මහතා පෙන්වා දුන්නේ රටේ පොදු ජනතාව ගැන සලකා ඒ වෙනුවෙන් දැනටමත් අදාළ මුදල ඉතිරි කර ගැනීමට තීන්දු කර ඇති බව ය.
තවද නියඟය පැමිණියහොත් රටේ දැඩි ලෙස විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සිදුවනවා සේ ම විදේශ රටවලින් පාවෙන බලාගාර ගෙන්වීමට ද සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
එම නිසා මේ ඉතිරි වී ඇති රුපියල් බිලියන 42 ලාභය දැනට අවසන් කර ගතහොත් ලංවිම විදුලිබල මණ්ඩල සේවකයන්ට පමණක් නොව සමස්ත රට වැසියාට ම එම නියඟයට මුහුණ දීමට සිදුවනු ඇති බව ජයලාල් මහතා තවදුරට ත් පැවසීය.
එමෙන් ම, ලංවිම විසින් යම් මුදලක් ඉතිරි කර නොගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නැවත ණයක් ලබාගෙන විදුලි කප්පාදුව නවත්වා ගැනීමට රජයට සිදුවන අතර එම හේතුව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා තීන්දු කරන්නේ ඊට අදාළ ණය පහසුකම් ලබා දීමට ඔවුන් එකඟවනු ඇති නමුත් ඔවුන් ඊට පලිහක් ලෙස නැවත ලංවිම කෑලි දොළහකට කඩා ඉන්දියාවට සහ චීනයට පැවරීමට ලංකා රජය කටයුතු කරන ලෙස ඔවුන් විසින් ම රටට බලපෑම් කරනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එම නිසා රටේ සම්පත් විකිණීම වෙනුවට මේ මොහොතේ යම් යම් කැපකිරීමක් සිදු කිරීමට සේවකයා මැදිහත් වුවහොත් එළැඹෙන සිංහල-හින්දු අලුත් අවුරුද්දට හෝ ප්‍රසාද දීමනාවක් ලබා දීමට රජයට හැකිවනු ඇති අතර විශේෂයෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ද මේ මොහොතේ උපරිම කැපකිරීම් සිදු කරමින් සිටින බැවින් ජනතාවද ඉදිරිය ගැන සිතා කුඩා කැපකිරීමක් කරන ලෙස තමා ඉල්ලා සිටින බව ඔහු සිය සාමාජිකයන්ගෙන් වැඩිදුරට ත් ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
