News Category
From Date
To Date
Maximum Number of Result

මහා රාජ්‍ය දෝහී ක්‍රියාවන්ට සම්බන්ධ අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තයා වන රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ එකම ගැලවුම්කරුවා ලෙස සලකන්නේ කෙසේදැයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි. ඔහු මෙසේ විමසුවේ පසුගියදා යූ ටියුබ් නාලිකාවක් සමගින් සංවාදයකට එක්වෙමිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුලදී ඔහු මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වාගෙන ගිය වධකාගාරයක් වන බටලන්දේ මෙහෙයුම් සෘජුවම සිදුකරන ලද බවට බටලන්ද වාර්තාව විසින් චෝදනා කර ඇත්තේ එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා වැඩි කල් නොගොස් එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැමිණීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කළුතර දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් විජේමාන්න විරෝධය පළ කළා. කෙසේ වෙතත්, පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී තත්ත්වය සමනය කර ගැනීමට කටයුතු කළ බවයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි. බෝසත් චරිතයෙන් සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි දෙමව්පියන්ට සැලකීම.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළේය.

ආගමික කෘති ගෙන්වීමට තිබූ තහනම ආණ්ඩුව විසින් ඉවත්කරන බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළවී තිබූ බවත්, මෙම පොත්පත් ගෙන්වීමට ආණ්ඩුව තීරණය කළේ කුමන නිර්ණායක යටතේ දැයි හෙළිකළ යුතු බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.


දේශීය පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න වෙලාවක... සෙවනගල උක්ගොවීන් මාධ්‍ය අමතයි

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

එකදු කලාකරුවෙකු හෝ නොමැතිව ලංකාවේ ප්‍රකට ගායිකාවක් මීගමුවේ දී අවසන් ගමන් යයි..

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.

මුල්‍ය වංචාවකට සිර දඩුවම් නියම වූ අයෙක් නිදහස් වූ හැටි බන්ධනාගාර කොමසාරිස් කියයි..

වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනපතිගේ අමාත්‍යංශයේ ලොක්කන් කිහිපදෙනෙක් මත්පැන් සමාගම්වලින් අල්ලස් ගන්නා බව ඇමති හඳුන් කියයි..

අරක්කු මිල වැඩි වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නා නිසා බවටත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.

පොසොන් සතිය අදින් ඇරඹෙයි..

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.