මයිදාන් අරගලයෙන් බටහිරයන් අතට පත්වී රූකඩ රාජ්‍යක් බවට පත්වූ යුක්‍රේනයේ වත්මන් ඉරණම - විමල් පැහැදිලි කරයි
බටහිර අධිරාජ්‍යවාදීන් තමන්ගේ අවි ආයුධ යුක්‍රේනයට ලබාදීම හරහා බලාපොරොත්තු වූයේ රුසියාව පරාජය කිරීමට හැකිවනු ඇතැයි කියා වුවද, නමුත් ගතවූ කාලයේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු ජනතාවට බටහිර කඳවුරේ යුද උපායික උවමනාව පරාජය කරා ගමන්කරවීමට හැකිවී ඇති බවද ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
යුක්රේනයේ සෙලෙන්ස්කි නමැති නායකයා නිර්මාණය වන්නේ මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස බවත්, සෙලෙන්ස්කිට පෙර රුසියාව සහ යුරෝපා සංගමය සමග තුලනාත්මක සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය
යුක්රේනයේ හිටපු නායකයා ශ්‍රී ලංකාවේ ගාලුමුවදොර අරගලය මෙන්ම අරගලයක් තුළින් පළවා හැරීමට විටොරියා නූලන්ඩ්ගේ තිරපිටපතට අනුව හැකිවූ බවද ඒ මහතා සඳහන් කරයි.
එම අරගලයට මෙරට අරගලයට මෙන්ම වික්ටෝරියා නූලන්ඩ්ලා විසින් ඩොලර් මිලියන ගනණක් පොම්ප කළ බවත් පවසන විමල් වීරවංශ මහතා, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය යුක්රේනය තුළ ස්ථාපනය කිරීමේ මුවාවෙන් මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලය වූයේ සෙලෙන්ස්කි නමැති විකට නළුවාගේ දෑත මතට යුක්රේනයේ ඉරණම බාරකිරීම බවත් පෙන්වා දෙයි.
එවැනි අරගල වෙනුවෙන් පාර කැපෙන්නේ නොසිතන චරිතවලට බවත්, එවැනි අරගලවලින් කිසිඳු රාජ්‍යයකට සුබදායී ප්‍රතිඵල අත් නොවන බවත්, යුක්රේනය අපට කියාදෙන වැදගත්ම පාඩම බවත් විමල් වීරවංශ මහතා පවසයි.
ලෝක ඉතිහාසයේ ඉතාම දුෂ්ඨ හා ප්‍රතිගාමී අරගල මෙන්ම, ඉතාම ප්‍රගතිශීලී අරගල ද ක්‍රියාත්මක වූ බවද පවසන ඒ මහතා, මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලය වූයේ රුසියානු විරෝධී, නේටෝවට ගැති, බටහිරට ගැති නායකත්වයක් අතට යුක්රේනයේ පාලනය ලබාදීම බවද සඳහන් කරයි.
අද ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපතිවරයාට සිදුකරන ප්‍රධාන යෝජනාව වන්නේ යුක්රේනයේ ඇති දුර්ලභ ඛනිජමය හා පාෂාණමය සම්පත් අමෙරිකාවට ලබාදෙන ගිවිසුමකට අත්සන් කිරීම බවත්, එයින් පැහැදිලි වන්නේ යුක්රේනය මෙම යුද්ධයට තල්ලු කළෙ බටහිරයන් විසින් වන බවත් යැයි විමල් වීරවංශ මහතා පවසයි.
යුක්‍රේන යුද්ධය ආරම්භ වී මාස 2කදී පමණ පැවති සාම සාකච්ඡාවලදී රුසියාව විසින් යුක්‍රේනයට කළ යෝජනා වූයේ නේටෝ යුදමය සංවිධානය හා එකතුවීමේ අරමුණ ඉවත්කරගන්නා ලෙස හා කිසිවෙකුට ගැති නොවන රාජ්‍යයක් ලෙස යුක්රේනය පැවතිය යුතු බවත් යැයි විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
යුක්රේනය මෙම යෝජනාවලට එකඟවූවද බ්‍රිතානයේ එවකට සිටි අගමැති බොරිස් ජොන්සන් පැමිණ එය වළක්වා යුද්ධ කිරීමට සහයෝගය ලබාදෙන ලෙස පැවසූ බවත්, සෙලෙන්ස්කි නමති පාලකයා ඊට එකඟවී යුක්රේනයට සාමය රැගෙන ඒම කඩාකප්පල් කර දැමූ බවත් ඒ මහතා පවසයි.
එමගින් සිදුවූයේ ජීවිත, දේපොළ පමණක් නොව යුක්රේනයේ අනාගතයද විනාශවීම පමණක් බවත් පවසන විමල් වීරවංශ මහතා, අද යුක්රේනයේ නායකයා සෑම පැත්තකින්ම හුදෙකලා වී ඇති බවත් සඳහන් කරයි.
මෙරට නායකයන්ටද මෙය ඉතා වැදගත් අත්දැකීමක් බවද, බටහිරට අවශ්‍ය ඒක ධ්‍රැවීය ලෝකයක් වුවත්, අපට අවශ්‍ය මාර්ගය වැටී ඇත්තේ බහුධ්‍රැවීය ලෝකයක් හරහා බවද විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..