News Category
From Date
To Date
Maximum Number of Result

මයිදාන් ගෝල් ෆේස් පන්නයේ ඊනියා අරගල වලින් ජනතාවට විනාශය රැගෙන එන නායකයන් බලයට පත්වෙනවා- ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

Feb 27, 2025 at 12:42 PM
|

අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය විසින්  ඊයේ(26) කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවිධානය කර  තිබූ "යුක් රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව " ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ඊනියා මයිදාන් සහ ගෝල් ෆේස් පන්නයේ අරගල වලින් පාර කැපෙන්නේ සෙලෙන්ස්කිලා වැනි ජනතාවට විනාශය රැගෙන එන නායකයන්ට බවයි. ඒ මහතා කළ සම්පූර්ණ කතාව පහතින්, 


වැඩමවා වදාළ ගෞරවනීය, වන්දනීය, පූජනීය ස්වාමීන් වහන්ස ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වී සිටින මෙම කටයුතු සංවිධානය කරන්න පුරෝගාමීත්වය ගත්තු අධිරාජ්‍ය  විරෝධී සංසදයේ කැඳවුම්කරු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා ඇතුළු සියලුම මහත්ම මහත්මින් ගෙන් අවසරයි. ඒ වගේම රුසියානු තානාපති කියුබානු තානාපති චීන තානාපති කාර්යාලයේ සියලුම රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින සියළුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි.

මේ වන විට රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වෙලා අවුරුදු  තුනක් ගෙවිලා ගිහිං තියෙනවා. මට කලින්  අදහස් ඉදිරිපත් කරපු මොහාන් සමරනායක මැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා වගේ රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන මේ යුද්ධය සම්බන්ධයෙන් බටහිර බලවතුන් ඇතුළු බොහෝ දෙනෙක් කල්පනා කළේ ඔවුන්ගේ අවි ආයුධ යුක්රේනයට ලබා දීම හරහා රුසියාව පරාජයට පත් කිරීමට යුක්රේනයට හැකියාවක් ලැබෙනු ඇතැයි කියලා.

නමුත් ඉතාම පැහැදිලිව ගතවෙච්ච කාලය තුළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ඒ ජනතාව සනාථ කොට  තිබෙනවා බටහිර කඳවුරේ එම යුධ උපායික උවමනාව දේශපාලන උවමනාව ජයග්‍රහණය කරනවා වෙනුවට පරාජය කරා ගමන් කරවීමට ඔවුන්ට ශක්තිය තිබෙන බව.

අපි දන්නවා මේ යුක්රේනයට සෙලෙන්ස්කි නැමැති පාලකයා නිර්මාණය වෙන්නේ මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලයක් හැටියට බව. මයිදානය කියන්නේ ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර වගේම උද්‍යානයක්.

මයිදානයට තමයි එවකට යුරෝපා සංගමය සහ රුසියාව අතර තුලනාත්මක විදේශ සබඳතා පවත්වාගෙන ගිය  යුක්රේනයේ ජනාධිපතිවරයා වූ වික්ටර්යනුකොවිච් එළවා දැමීම සඳහා පිරිස එක් රැස් වුණේ. ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලය හා සමානවම වික්ටෝරියා නූලන්ඩ්ලා හදපු තිර පිටපතට අනුව ඔවුන් පොම්ප කරපු ඩොලර් බිලියන පහකට අධික මුදල් අරගත්තු, බෙදාහදාගත්තු යුක්රේනයේ රාජ්‍ය නොවන සංවිධාන, තැරැව්කාරයෝ, ඒ වගේම සමාජ මාධ්‍ය වීරයෝ, ඊනියා වීරයෝ  එක් රැස් වෙලා ජීව හුස්ම පිම්බේ. මයිදාන් අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලය වුණේ, සෙලෙන්ස්කි නැමැති කවට නළුවාගේ අතට, යුක් රේනයේ ඉරණම භාර කිරීමයි.

එවැනි ඊනියා අරගල වලින් පාර කැපෙන්නේ කිසිවෙක් නොහිතන කවට නළුවන්ට එක්කෝ වෙනත් වර්ගයේ සෙලින්ස්කිලාට.

මොකද එවැනි අරගල බාහිර බලවතුන්ගේ න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක අරගල නිසා ඒ වගේම ඔවුන් පොම්ප කරන ඩොලර් මත ජවය සපයන අරගල නිසා එවැනි අරගල වලින් කිසිම ජාතියකට කිසිම රාජ්‍යයකට සුභදායී තර්කානුකූල ප්‍රතිඵලයක් අත්පත් කර දෙන්නේ නෑ. ඒ වෙනුවට තිබුණාටත් වඩා අගතියේ දිශාවට තිබුණාටත් වඩා අනර්ථයේ දිශාවට තිබුණාටත් වඩා අයහපතේ දිශාවට තිබුණාටත් වඩා අවදානමේ  දිශාවට  ඒ ජාතිය රැගෙන යාම අනිවාර්යෙන් සිදු වෙනවා.යුක්රේනය අපට කියා දෙන වැදගත්ම පාඩම ඒක.

සමහරු හිතන් ඉන්නවා "අරගලය" කියන වචනයේ ලේබලය අලවන හැම අරගලයක්ම නිරපේක්ෂව නිවැරදියි කියලා. නමුත් ලෝක ඉතිහාසයේ ඉතාම දුෂ්ට හා ප්‍රතිගාමී අරගලත් තිබිලා තියෙනවා. ඉතාම ප්‍රගතිශීලී සාධාරණ අරගලයක් තිබිලා තියෙනවා. මේ දෙයාකාර අරගල වලින්ම තමයි ලෝක ඉතිහාසය නිර්මාණය වෙලා තියෙන්නේ.

ඒ අනුව යුක්රේන අරගලයේ තර්කානුකූල ප්‍රතිඵලය තමයි රුසියානු විරෝධී  යුරෝපා සංගමයට ගැති, බටහිරට ගැති යුක්රේන නායකත්වයක් අතට යුක්රේනයේ බලය හිමිවීම. ඔබ දන්නවා සංස්කෘතික වශයෙන් යුක්රේනය හා රුසියාව අතර තියෙන්නේ ඉතාම කිට්ටු බැඳියාවක්.ඕතඩොස් ආගම සමග ඉතාම කිට්ටු සංස්කෘතික බැඳියාවක්.

ඒ සියලු බැඳියාවන් පැත්තකට දාලා පසුකාලීන යුක්රේනයේ රුසියානු විරෝධී නව නාසිවාදී ප්‍රතිපත්තියකට ගමන් කරවනු ලැබුවා.යුක්රේනය පුරා ජීවත්වෙන රුසියානුවන්ට රුසියානු භාෂාව ඉගැන්වීම නතර කරනු ලැබුවා.

රුසියානුවන් අදහන ආගමට ගරහන්න පටන් ගනු ලැබුවා. එම ජනතාව යුක්රේන භූමියේ ජීවත් වුනු රුසියානු වැසියන්.රුසියානු සංස්කෘතියට අයත් වුනත් ඔවුන් යුක්රේන වැසියන්. ඒ අනුව ඔවුන් ජීවත් වෙච්ච භූමියේම නොතකා හරිනු ලැබුවා. ඔවුන්ව කොන් කරනු ලැබුවා.සෝවියට් සංගමය  බිඳ වැටීමෙන් පස්සේ ඉතාම අභාග්‍ය සම්පන්න දුර්භික්ෂ කාල රුසියානු ජනතා පහුකර පැමිණියා. එහෙත් රාජ්‍යයක් හැටියට බලවත්ව ශක්තිමත්ව නැගී හිටපු රුසියාවට ඒ දිහා ඇහැ කන පියාගෙන බලන් ඉන්න බැරි විදිහේ තත්වයක් නිර්මාණය වුණා.

යුක්රේනයේ ඊළඟ අභිලාශ වූයේ නේටෝ සාමාජිකත්වය ගැනීම .

අද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපතිවරයාට යෝජනා කරන ප්‍රධාන යෝජනාව තමයි යුක් රේනයේ තියෙන දුර්ලභ ඛණිජමය හා පාෂාණමය සම්පත් අමෙරිකාවට ලබා දීම.

ට්‍රම්ප් යුක්රේනයට පවසනවා ඩොලර් බිලියන පන්සීයක් වටිනා ඛණිජමය හා පාෂාණමය සම්පත් ඇමරිකාවට දෙන ගිවිසුමකට අත්සන් කරන්න කියලා.

මං හිතන්නේ චීනෙට පමණක් නොදෙවෙනි දුර්ලභ ඛනිජමය හා පාෂාණමය සම්පත් වලින් පිරිච්ච රටක් යුක්රේනය.

යුරෝපයේ පාන් කූඩය කියලා හඳුන්වන , යුරෝපයේ අංක එකේ ආහාර නිෂ්පාදකයා ලෙස  හඳුන්වන , මේ දුර්ලභ  පාෂාණමය හා ඛණිජමය සම්පත් වලින් අනූන වෙච්ච රටක් වූ  යුක්රේනයට  ට්‍රම්ප් ජනාධිපතිවරයා අමුවට කියනවා මේ ගිවිසුමට එන්න කියලා.

"යුක්රේනය වෙනුවෙන් මේ යුද්ධය වෙනුවෙන් අපි මෙච්චර මුදලක් වැය කරලා තියෙනව, ඒ මුදලට හිලව් වෙන්න මේ ගිවිසුමට එන්න. යුක්රේනය පොළොව ඇතුලේ තියෙන මෙන්න මෙච්චර වටිනා දුර්ලභ පාෂාණ සම්පත කඩිනමින් අපට දෙන්න." ට්‍රම්ප් සෘජුවම පවසනවා.

ඒකෙන් හොඳින් පැහැදිලි වෙනවා යුක්‍රේනය මේ ප්‍රොක්සි යුද්ධයට  බටහිර ජාතීන් තල්ලු කළේ මොන යටි අරමුණක් හිතේ තියාගෙනද කියලා.

ඔබට මතකයි යුද්ධය පටන් අරන් පළවෙනි මාස දෙක ඇතුලේ රුසියානු ජනාධිපති පුටින් සාම සාකච්ඡාවක් පවත්වන්න එකඟ වුණා.

සෙලෙන්කිගේ නියෝජිතයොයි රුසියානු ජනාධිපතිගේ නියෝජිතයොයි තුන්වෙනි පාර්ශවයේ රටකදී මුණ ගැහුනා.

මුණ ගැහිලා සාකච්ඡා කරාම රුසියාව ඉදිරිපත් කළේ කොන්දේසි දෙකයි.පළවෙනි කොන්දේසිය," ඔබ නේටෝවට එකතුවීමේ අදහස සම්පූර්ණයෙන්ම අතහරින්න ඕනේ.

නේටෝ කියන්නේ යුධ සන්ධානයක්. මිලිටරිමය සන්ධානයක්. ඒ මිලිටරිමය සන්ධානයට එකතු වීමේ අදහසින් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ඕනේ." අංක දෙක " යුක්රේනය නිශ්ක්‍රිය රාජ්‍යයක් හෙවත් කාටවත් ගැති නොවන රටක් හැටියට පවතින්න ඕනේ."

රුසියාව යෝජනා කළේ නැහැ. රුසියානු ගැති රටක් බවට පත්වෙන්න කියලා.අපටත් ගැති නොවී වෙන කාටවත් ගැති නොවී නිෂ්ක්‍රිය  රටක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක විතරයි කිව්වේ. මේ යෝජනා දෙකට යුක්රේනය සතුටු වුණා.මේ යෝජනා දෙකට එකඟ බවට යුක්රේනය අත්සන් කරා.

නමුත් සෙලෙන්ස්කිව මුණ ගැහෙන්න වේගයෙන් ආවා එවකට හිටපු බ්‍රිතාන්‍ය  අගමැති මොරිස් ජොන්සන් උන්නැහැ. ඇවිල්ලා කිව්වා මේකට එකඟ වෙන්න එපා. උඹලට අපි සම්පූර්ණයෙන් උදව් කරනවා යුද්ධ කරපන් කියලා.

මෝඩ සෙලෙස්කි කියන පාලකයා අච්චර සාධාරණ කොන්දේසි දෙකක් මත පදනම් වෙච්ච සාමයකට යන්න තිබිච්ච ඉඩ ප්‍රස්ථාව වළක්වලා  යුක්රේන ජනයාට  ජීවිත විනාශය පමණක් නෙවෙයි යුක්රේනය සතු අනභිභවනීය ස්වභාවික සම්පත් යුක්රේනයට අහිමි කරන යුක්රේනයේ අනාගතය බිලි ගන්වන ඒ මහා මෝඩ අනුවණ තීරණයට තල්ලූ වුණා අර හෙළි පෙහෙළි කරපු සාම සාකච්ඡාවේ එකඟතාවයට යන්නේ නැතුව. අද සෙලෙන්ස්කි මහත්තය තනිවෙලා. එක පැත්තකින් ට්‍රම්ප් ජනාධිපතිවරයාව විවේචනය කරන ඉරණමකට භාජනය වෙලා තියෙනවා.

අනිත් පැත්තෙන් යුරෝපය තමන්ව වෙනදා වගේ සැලකිල්ලට ලක් කරන්නේ නැති ඉරණමකට භාජනය වෙලා තියෙනවා.රුසියාව සාම සාකච්ඡාවට එකඟයි කියමින් තවදුරටත් යුක්රේනයට යුධමය පීඩනය එල්ල කරමින් ඉන්නවා. අද යුක්රේන තරුණයෝ යුක්රේන හමුදාව අතහැර දහස් ගණනින් පලා යන ඉරණමකට පත් වෙලා තියෙනවා. අද යුරෝපයට, බටහිරට තේරෙනවා ආයුධ කොච්චර සම්පාදනය කළත් යුක්රේනයට තමන්ට යුධමය ක්‍රියාන්විතයට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරගැනීමේ නොහැකියාවකින් පෙළෙනවා කියලා. මේක ඉතා වැදගත් අත්දැකීමක් අප වැනි සියලු රාජ්‍යයන් වලට.  බටහිරට ඕනේ ඒක ද්‍රැවීය ලෝකයක්.තමා පමණක් මත පදනම්ව කේන්ද්‍රගත වෙච්ච ලෝකයක්. තමා හිතන විදිහට කටයුතු කරන ලෝකයක්. තමාගේ අභිමතය එහෙමයි ස්වාමීනි කියලා පිළිගන්න ලෝකයක්.

ඒක ද්‍රැවීය ලෝකය වෙනුවට, බහු ද්‍රැවීය ලෝකය තමයි අපට තියෙන වඩාම යහපත් මාර්ගය.අපේ වගේ රටවල් වලට කෙලින් හිට ගැනීමේ, විභවය නිර්මාණය කර දෙන්නේ බහුද්‍රැවීය ලෝකය.මට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමහර බටහිර තෙල් සමාගම් ලංකාවෙන් පිටත් කරන්න හදනකොට එවකට හිටපු ඇමරිකානු තානාපතිවරයා සිරිමාවෝ මැතිනියට ඇවිල්ලා තර්ජනය කළා අපි ගන්න තේ සියල්ලම නතර කරනවා මේ තීරණය ගත්තොත් කියලා. සෝවියට් සංගමයේ හිටපු තානාපතිවරයා ඊට පසුවදාම ඇවිල්ලා සිරිමාවෝ මැතිනියට කියනවා ඒගොල්ලෝ නොගන්න සියලුම තේ ප්‍රමාණය අපි ගන්නවා. බය නැතුව ඔබ තීරණ ගන්න කියලා.

එහෙම ද්වි ධ්‍රැවීය ලෝකයක් තිබිච්ච හින්දා තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඒ ප්‍රගතිශීලී රැඩිකල් අධිරාජ්‍ය විරෝධී තීරණ ගන්න පුළුවන්කම ලබා දුන්නේ. 

ඒ නිසා තමයි අපි කියන්නේ අපට ඕනේ චීනය රුසියාව වැනි ප්‍රගතිශීලී රාජ්‍යන් බලවත්ව නැගී සිටින  බහු ධ්‍රැවීය ලෝකයක් කියලා. එහෙම ලෝකයක් තමයි අපට නැගිටින්න උදව් කරන්නේ. ඒ ලෝකය සමඟ තමයි නිර්භයව අපි සිටගත යුත්තේ. ඒ ලෝකය සමග තමයි ඒ අප විශ්වාස කරන ප්‍රගතිශීලී බල කේන්ද්‍ර හරහා අපි අපේ මාවත පාදාගත යුතුව තිබෙන්නේ. එහෙම නැතුව අපි මුල්‍ය අරමුදලේවත් බටහිරවත් දිහා බලාගෙන යන ගමනකින් අපේ රාජ්‍යන් ශක්තිමත් කරන්න බෑ. මුල්‍ය අරමුදලේවත් බටහිරවත් දිහා බලාගෙන යන ගමන මගින් අපි තව තවත් අගාධයේ පතුල කරා ගමන් කරනවා ඇරෙන්න එයින් එළියට එන මාවතක් එළිපෙහෙළි කරගන්න බෑ. ඒ නිසා විය යුතුයි  අධිරාජ්‍ය  විරෝධී ජාතික සංසදය අද මේ ඉතාම ප්‍රගතිශීලී නිවැරදි ඒ වගේම ආදර්ශමත් ක්‍රියා මාර්ගයට අවතීර්ණ වෙන්නේ. අපි ජාතිකවාදීන් එපමණටම අපි ජාත්‍යන්තරවාදීන් වෙනවා. අපි ජාතිකවාදීන්, සැබෑ ජාතිකවාදීන් එපමණටම අපි ජාත්‍යන්තරවාදීන්. රුසියානු යුක්රේන යුද්ධයට අවුරුදු තුනක් සම්පූර්ණ වෙන වෙලාවේ රුසියාවට එරෙහි ඡායාරූප ප්‍රදර්ශන පවත්වන විට ඒවා නවත්තන්න බැරිවුණා.

රුසියානු යුක්රේන යුද්ධයේ ඇත්ත පැත්ත මේ යුද්ධයේ ඇත්ත කතාව හෙළිපෙහෙළි කරන ප්‍රදර්ශනයක් පවත්වන ප්‍රගතිශීලී කාර්යයට අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය අවතීර්ණ වීම සඳහා ඔවුන්ට ලැබුණු ශක්තියට හා ධෛර්යයට මගේ සුබ පැතුම් පළ කරමින් මේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! මෙමගින් ලාංකීය ප්‍රගතිශීලී ජනයාගේ ප්‍රගතිශීලී ගමන් මාර්ගයට බලවත් උත්තේජනයක් ලැබේවා! කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා සියලු දෙනාටම ජය වේවා!

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.