අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ලොකු වැඩ කරන්න මාලිමා ආණ්ඩුවට දැනුමක් නෑ - පාඨලී චම්පික රණවක
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ඉතාමත් භාර්යදූර ලොකු වැඩ කිරීමට තරම් දැනුමක් හෝ කුසලතාවක් ඇති පිරිසක් මාලිමා ආණ්ඩුවේ නැති බව ඔවුන් තේරුම්ගත යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කොළඹදී ඊයේ (18දා) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
“බලයට ඒමට පෙර විශ්වකෝෂ මෙන් මේ අය පෙන්නුවට ඔවුන් කොතරම් කුඩා පිරිසක් ද යන්න දැන් සමාජයට පෙනෙනවා” යැයි ද රණවක මහතා කීවේය. ඔහු මෙසේ ද පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ සා.පෙළට ප්‍රධාන විෂයන් 5ක් නම් කරලා අතුරු විෂයන් දෙකක් අඳුනගන්න පුළුවන් කියලා ඉතිහාසය, දෙවන බස, කලා විෂයන් එක ගොඩකට දාල තියෙනවා. එතන තාක්‍ෂණික විෂයනුත් තියෙනවා. ආණ්ඩුව මේ කරලා තියෙන්නේ හොඳ පුරවැසියා බිහිකිරීමේ වගකීමෙන් නිදහස් වෙලා වෙළෙඳපොළට අවශ්‍ය සිසුවෙක් බිහිකිරීමයි. හොඳටම පැහැදිලියි දරුවෝ රැකියාවලට අදාළ දේවල් තෝරාගන්නවා මිසක් ඉතිහාසය වැනි විෂයන් තෝරා ගන්නේ නැති බව. ඒ නිසා තමයි ඉතිහාසය වැනි විෂයන් වෙළෙඳපොළට තීරණය කරන්න දෙන නව ලිබරල්වාදී ප්‍රතිපත්තියේ යන්නේ නැතිව අධ්‍යාපන වගකීමක් හැටියට භාරගන්න කියලා බොහෝ දෙනා ආණ්ඩුවට කියන්නේ. විදේශ ආධාර ගත්තට කමක් නැහැ අධ්‍යාපනය වෙනුවෙන්. නමුත් අධ්‍යාපනයේ හර පද්ධතීන් මේ විදියට හෑල්ලු කරන්න අනුරගේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ පොරොන්දුවලටම එරෙහිවීමක්. ඒ වගේම රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කර හරයක් නැති තාක්‍ෂණික රොබෝවරුන් පිරිසක් බිහිකිරීමක්.
මෙයාල තේරුම් ගන්න ඕන මෙයාලට ලොකු ව්‍යාපෘති කරන්න බැරි බව. ඔවුන්ගේ සීමාව ඔවුන් මතක තබාගත යුතුයි. ලුණු සංස්ථාවත් කරන්න බැරි ආණ්ඩුවක්, කුඩා කර්මාන්තයක් කරන්න බැරි ආණ්ඩුවක්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ලොකු වැඩ කරන්නේ කොහොමද. ඒ නිසා තමන්ට කරන්න බැරි ප්‍රතිසංස්කරණ කරන්නේ නැතිව අධ්‍යාපනයට ඔහොම ඉන්න දෙන්න. ඔයාලට මේක කරන්න බෑ. ඒක මතක තියාගන්න. ඔයාලට කරන්න පුළුවන් වැඩ තෝරගෙන කරන්න.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්