"Ceylon Today" විශ්ලේෂණාත්මක ලිපි ලෙස සාවද්‍ය මත සමාජගත කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
"Ceylon Today" පුවත් පත ඊයේ (04) ""A Comparative Analysis of the Israel-Iran and Russia-Ukraine Conflicts. Implications for Sri Lanka's National Security-- ඊශ්‍රායල්-ඉරාන සහ රුසියානු-යුක්රේන ගැටුම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක්. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා ඇඟවුම්" යනුවෙන් විශ්ලේෂණාත්මක ලිපියක් පල කරමින් සාවද්‍ය මත සමාජගත කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පවසන රුසියානු තානාපති කාර්යාලය රුසියානු සමූහාණ්ඩුව සැමවිටම තමන්ගේ ශ්‍රී ලාංකික මිතුරන්ට බොහෝ සේ උපකාරී වී ඇති බවත් බටහිර රටවල් විශේෂයෙන් ලැට්වියාව විසින් ඇති කරන ලද බාධක ජය ගනිමින් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දුන් බවද සිහිපත් කරයි.
රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනයේ සිංහල පරිවර්තනය පහතින්...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය
"සිලෝන් ටුඩේ" පුවත්පතේ 2025 අගෝස්තු 4 වන දින කලාපයට ලුතිනන් කර්නල් පාලිත හේරත් විසින් රචිත " A Comparative Analysis of the Israel-Iran and Russia-Ukraine Conflicts. Implications for Sri Lanka's National Security- ඊශ්‍රායල්-ඉරාන සහ රුසියානු-යුක්රේන ගැටුම් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක්. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සඳහා ඇඟවුම්" යනුවෙන් ලිපියක් පල කර තිබුණි. එම ලිපියේ සඳහන් වැරදි වැටහීම් කිහිපයක් පිළිබඳව ලිපියේ කතුවරයාගේ මෙන්ම පුවත් පතෙහි ප්‍රකාශකයාගේද අවධානය යොමු කිරීම පිණිස රුසියානු තානාපති කාර්යාලය මෙම ලිපිය යොමු කරනු ලබයි.
පළමුව, ලුතිනන් කර්නල් පාලිත හේරත් භාවිතා කරන්නේ රුසියාව විසින් ක්‍රිමියාව, ලුගන්ස්ක් සහ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩු, සැපෝරෝෂියා සහ කෙර්සන් කලාප ඈඳා ගැනීම පිළිබඳව සාමාන්‍යයෙන් බටහිර මාධ්‍ය ඉදිරිපත් කරන මතයයි. ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් ශබ්දකෝෂවලට අනුව "සාමාන්‍යයෙන් බලහත්කාරයෙන් සහ අවසරයකින් තොරව ඉඩමක් අත්පත් කර ගැනීම" යන අර්ථය ඇති "annexation" යන වචනයේ නිශ්චිත සංකල්පය කතුවරයාගේ "විශ්ලේෂණාත්මක" මත ඉදිරිපත් කිරීම තුළ ගැලවී ගොස් ඇති බව පෙනේ. ඉහත සඳහන් භූමි ප්‍රදේශ රුසියානු සමූහාණ්ඩුව සමඟ එක්වීම සිදු වූයේ ජනමත විචාරණයක් හරහා එම භූමියේ ජීවත්වන ජනතාවගේ නිදහස් කැමැත්ත ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.
දෙවනුව, 2014 දී කියෙව්හි ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බලයට පත් වූ නව-නාසි පාලන තන්ත්‍රයේ ආක්‍රමණශීලී සහ යුදවාදී ප්‍රතිපත්ති බටහිර රටවල් උසිගැන්වීම නිසා ගැටුම ඇති වූ බව රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරන්නෙමු . 2014 සිට රුසියාව විසින් ගන්නා ලද සෑම සාම ප්‍රයත්නයක්ම බටහිර රටවල් විසින් අඩපණ කරන ලදී. උදාහරණයක් ලෙස, එම රටවල් මින්ස්ක් ගිවිසුම් අවස්ථා කිහිපයකදී උල්ලංඝනය කරනු ලැබුවෝය. ඒ හා සමානව, එක්සත් රාජධානියේ හිටපු අගමැති බොරිස් ජොන්සන් මහතාගේ පීඩනය හේතුවෙන් ආරම්භ කරන ලද ඉස්තාන්බුල් ගිවිසුම පවා අවලංගු කරන ලදී.
තෙවනුව, ආහාර ද්‍රව්‍ය සඳහා මිල ගණන් වේගයෙන් ඉහළ යාමට හේතු වූයේ බටහිර රටවල් ගෝලීය වෙළඳාමට අසමතුලිත ලෙස ප්‍රවේශ වීම නිසාය. යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුම ආරම්භ වීමට බොහෝ කලකට පෙර එරට ආහාර උද්ධමනය ඇති විය. ඊට අමතරව, රුසියානු සමූහාණ්ඩුව සැමවිටම අපගේ ශ්‍රී ලාංකික මිතුරන්ට බොහෝ සේ උපකාරී වී ඇත. බටහිර රටවල්, එනම් ලැට්වියාව විසින් ඇති කරන ලද බාධක ජය ගනිමින් අපි ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දුන්නෙමු.
හතරවනුව, ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම කිසිදු ආකාරයකින් ඉරාන පාර්ශවය විසින් කුපිත කරන ලද එකක් නොවේ. 2015 දී ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමේ සෑම අංශයකටම ඉරානය අනුකූල විය. එක්සත් ජනපදය ඒකපාර්ශ්විකව ගිවිසුමෙන් ඉවත් වීමෙන් මෙම ගිවිසුම බල රහිත කළ අතර එසේ කිරීමෙන් ඔවුහු බැඳීම් උල්ලංඝනය කළහ.
අවසාන වශයෙන්, මින් පසු පුවත් පතෙහි පළ කරන "විශ්ලේෂණාත්මක" ලිපි හොඳින් අධ්‍යනය කල පාඨකයා නොමඟ යවන සුළු නොවන පරිදි කරුණු නිසි ලෙස පරීක්ෂාවකින් පසුව සිදු කරන ලෙස තානාපති කාර්යාලය කතුවරයාට මෙන්ම ප්‍රකාශකයාටද අවධාරණය කරනු ලබන්නේය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..