News Category
From Date
To Date
Maximum Number of Result

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

විවිධ විදේශීය ආදාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධවී සිටින සහ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති සංශෝධනය කර සමලිංගික ක්‍රියා සහ ළමා අපචාර ප්‍රචලිත කිරීම මගින් සමාජය බිඳවැට්ටවීමට කුමන්ත්‍රණ කරන පිරිස්වල නම් ලැයිස්තු 3ක් මේ වන විට හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන් නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇතැයි මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විද්වතුන් පවසති. එලෙසම ඔවුනට අනුව ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය පරිභෝජන රටාව තුළ මෙතම්ෆෙටමින් භාවිතය දක්වා සැලකිය යුතු වෙනස්කමකට භාජනය වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදල් යන සංකල්පය බදු දැලෙන් නිදහස්ව මුදල් භාවිතා කරමින් මුදල් විශුද්ධිකරණයේ යෙදීම සඳහා භාවිතා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා නගයි.

පසුගිය රණවිරු සැමරුම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය පිළිබඳව ජනතාවගේ සැකසංකා වර්ධනය වීමක් පෙන්නුම් කරන පසුබිමක ආණ්ඩුව විසින් අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ක්‍රියාදාමය කරළියට පැමිණ ඇති බවත්, අධිකරණ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙනෙන දෙයක් ලෙස මතුපිටින් පෙන්නුවද මෙම අභිචෝදක කාර්යාලය ගෙන ඒමේ ඇත්ත අරමුණ එය නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

"දීමනාවක් දෙකක් අල්ලාගෙන වර්ජන කරන්න ලෑස්ති වෙන්න එපා" – ජනපති

දීමනාවන් දෙන්නේ නෑ කියා වැඩ වර්ජන කිරීම සාධාරණ නැති බවත්, එයට කිසිවෙක් ලෑස්ති නොවන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.