රුසියාව තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික ගිවිසුමකට බැඳී නැහැ!
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, 1987 දී එක්සත් ජනපදය සමඟ ඇති කරගත් අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා (INF) ගිවිසුම පවත්වාගෙන යාම සඳහා වන කොන්දේසි "අතුරුදහන් වී" ඇති බවත් "තවදුරටත් තමන් බැඳී නොමැති" බවත් මොස්කව් පරිපාලනය පවසයි.
කිලෝමීටර් 500–5,500 පරාසයක් සහිත භූමි-විදින මිසයිල තහනම් කළ INF ගිවිසුම, 2019 දී රුසියාව ගිවිසුම උල්ලංඝනය කළේ යැයි පවසමින් වොෂින්ටනය ඉවත් වූ අවස්ථාවේදීම බිඳ වැටුණි. තහනම් මිසයිල සංවර්ධනය කරන බවට එක්සත් ජනපදය විසින් චෝදනා කරමින් ගිවිසුමෙන් ඉවත් වුවද මොස්කව් පරිපාලනය එක්සත් ජනපද චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වුවද ඓණ්F බිඳවැටීම ගෝලීය ආරක්ෂක රාමුව සැලකිය යුතු ලෙස ඛාදනය කරන බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබේ.
"සමාන තත්වයේ ආයුධ යෙදවීම සඳහා ඒකපාර්ශ්වික තහනම පවත්වා ගැනීම සඳහා වන කොන්දේසි අතුරුදහන් වීම රුසියානු විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන අතර රුසියාවට ඉතිහාසයේදී සම්මත කරගත් අනුරූප ස්වයං-පනවන ලද සීමාවන්ට තවදුරටත් බැඳී නොමැති බව ප්‍රකාශ කිරීමට පවා බලය ඇත." විදෙශ අමාත්‍යාංශයේ ප්‍රකාශයේ සඳහන් වේ.
අමාත්‍යාංශයට අනුව, "බටහිර රටවල ක්‍රියාමාර්ග" රුසියානු ආරක්ෂාවට "සෘජු තර්ජනයක්" නිර්මාණය කරමින් පවතී. පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදය පිලිපීනයේ ටයිෆෝන් මිසයිල දියත් කිරීමක් යෙදවූ බව ද එහි සඳහන් විය. ඕස්ට්‍රේලියාවේ පැවති ටැලිස්මන් සේබර් අභ්‍යාසය පිළිබඳව ද එම ප්‍රකාශයේ සඳහන් වන අතර එහිදී එක්සත් ජනපද හමුදාව ටයිෆෝන් මිසයිල අභ්‍යාසය සඳහා යොදා ගනු ලැබීය.
ටයිෆෝන් යනු ටොමාහෝක් කෲස් මිසයිල (කිලෝමීටර් 1,800 දක්වා පරාසය) සහ SM-6 බහුකාර්ය මිසයිල (කිලෝමීටර් 500 දක්වා පරාසය) දියත් කිරීම සඳහා නිර්මාණය කර ඇති ජංගම භූමි පාදක මිසයිල දියත් කරන යන්ත්‍රයකි.
ජූලි මාසයේදී ඕස්ට්‍රේලියානු හමුදාව ප්‍රථම වරට ඇමරිකානු නිරවද්‍යතා ප්‍රහාරක මිසයිලයක් (PrSM) අත්හදා බැලීම රුසියානු විදේශ අමාත්‍යාංශයේ අවධානයට ලක් විය. ඵ්‍රSM යනු කිලෝමීටර 500 ඉක්මවන උපරිම පරාසයක් ඇති අතර එය “ඕස්ට්‍රේලියාවේ ගොඩබිම් සහ සමුද්‍රීය ප්‍රහාරක හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් යොදා ගනී.” යනුවෙන් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශයේ තවදුරටත් මෙසේද සඳහන් විය: “ප්‍රතිචාර පියවරවල නිශ්චිත පරාමිතීන් පිළිබඳ තීරණ රුසියානු නායකත්වය විසින් ඇමරිකානු සහ අනෙකුත් බටහිර භූමි පාදක අතරමැදි දුර සහ කෙටි දුර මිසයිල යෙදවීමේ පරිමාණය මෙන්ම ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපායමාර්ගික ස්ථාවරත්වය පිළිබඳ ක්ෂේත්‍රයේ තත්වයේ සමස්ත සංවර්ධනය පිළිබඳ අන්තර් ආයතනික විශ්ලේෂණයක් මත පදනම්ව ගනු ඇත.”
2026 දී ජර්මනියේ දිගු දුර අවි යෙදවීමට එක්සත් ජනපදය සැලසුම් කරන බව නිවේදනය කිරීමෙන් පසුව, මොස්කව් තහනම ඉවත් කිරීමේ හැකියාව නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. නොවැම්බර් මාසයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ වොෂින්ටනයේ ක්‍රියාවන්ට ප්‍රතිචාර වශයෙන් රුසියාව අතරමැදි සහ කෙටි දුර මිසයිල සංවර්ධනය කරමින් සිටින බවයි.කෙසේ වුවද ආසියා-පැසිෆික් කලාපයේ මිසයිල යෙදවීම ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර නැත.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ INF සහ 1992 වර්ෂයේ අත්සන් කළ එකිනෙකාගේ භූමිය හරහා නිරීක්ෂණ ගුවන් ගමන් පැවැත්වීමට ඉඩ සලසන විවෘත අහස ගිවිසුමෙන් ඉවත් වූ තර රුසියාව සමඟ න්‍යෂ්ටික අවි සඳහා පවතින සීමාවන් පවත්වා ගැනීම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරන බවට යෝජනා කර තිබේ.
Russia ‘no longer considers itself bound’ by nuclear treaty with US
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..