ට්‍රම්ප්ගේ තීරු බදු මැද මෝදි සහ පුටින් විශේෂ සාකච්ඡාවක..
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු නිවේදන මගින් ඇතිකරන ලද ගෝලීය වෙළෙඳ අවිනිෂ්චිතතා මධ්‍යයේ මෙම සාකච්ඡා පැවති බවය.
කෙසේ නමුත් අදාළ සාකච්ඡාවෙන් පසු සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග දුරකථන සංවාදයක නිරත වූ බවය.
එමෙන්ම තමන් රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් දෙරට අතර ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයක්ද මෙහිදී සිදුකළ බවත් ඔහු සිය X සටහන මගින් සඳහන් කර තිබේ.
එමෙන්ම ඉන්දු - රුසියා විශේෂ සහ වරප්‍රසාදිත උපායමාර්ගිත හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමටද මෙමගින් තහවුරු කළ බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා සිය X ගිණුමේ වැඩිදුරටත් සටහන් කර ඇත.
රුසියාවෙන් තෙල් ආනයනය කිරීම සඳහා ඉන්දියාව පියවර ගැනීමට එරෙහිව අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවට අමතර තීරුබදු පැනවූ අතර එම තීරණයත් සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ රුසියානු ජනාධිපතිවරයා මෙලෙස දුරකථන සාකච්ඡාවක නිරත වීම මේ වන විට විදෙස් මාධ්‍ය රැසක්ද වාර්තා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්