News Category
From Date
To Date
Maximum Number of Result

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැලසුම් කර ඇති බවයි.

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබේ.

මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඉදිරි මාස 03ක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් හි සහාය ලබාගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ ප්‍රකාශ කළද, එවැනි ඉල්ලීමක් ස්කොට්ලන්ඩ්යාඩ් වෙත ලැබී නොමැති බව අනාවරණය වේ.

පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වීම් හා ඇතැම් ගුවන් ගමන් වාරවල දිගින් දිගටම සිදුවූ ප්‍රමාදයන් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.


දේශීය පුවත්

දූෂණ චෝදනා මත උතුරු මැද හිටපු මහඇමතිවරයාට සහ ලේකම්වරියට වසර 16 ක සිර දඬුවමක්

දූෂණ චෝදනාවලට වරදකරුවන් වූ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන ශාන්ති චන්ද්‍රසේන යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද(02) වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස අප්‍රේල් 11 දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක්

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාර වැසියන්ට ආධාර ලෙස ලබාදීමට මුදල් එකතු කිරීම සඳහා අප්‍රේල් 11 වනදා දීප ව්‍යාප්ත පිණ්ඩපාත චාරිකාවක් සංවිධාන කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය සඳහන් කරයි.

චාමර සම්පත් යළි රිමාන්ඩ්

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ

මේ වසර 5තුළ විධායකයත් අහෝසි කරනවා... පළාත් සභා මැතිවරණයත් පවත්වනවා - අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා

‍නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ අනිවාර්යෙන් සිදුකරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමෙන් රටට සිදුවන විපත ගැන දුක්වෙන පාඨකයින් මෙසේ ලියති

අප මුහුණ දී සිටින බරපතළ තත්ත්වය පිළිබඳව ලාංකීය පුරවැසියන් සියලු දෙනාට පෙන්වා දීමට ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට මම කැමැත්තෙමි.

ආණ්ඩුව සත්‍ය සෙවීමේ කොමිසම් උගුලට තල්ලු කිරීමට ජී.එල්. පීරිස් වැඩට බසියි

බෙදුම්වාදී මර උගුලක් ලෙස හදුන්වමින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට එරෙහිව ජාතික සංවිධාන විසින් පසුගිය කාලයේදී ප්‍රබල විරෝධයක් මතුකරනු ලැබීය.

මඩ ගහන්න එපා... ප්‍රතිපත්ති කියන්න - නාමල් පොහොට්ටුවෙන් ඉල්ලයි

මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලාත් පාලන ඡන්ද අපේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර ඇත.

මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා.. නිර්මාල් රංජිත් දේවසිරි කියයි

ජාතික ජන බලවේග නායකයන් අද කටයුතු කරන ආකාරයෙන් ඔවුන්ගේ ජන පදනම විශාල වශයෙන් දුර්වල කර ගැනීමක් තමන් දකින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. අද වන විට ජාතික ජනබල වේගය යටපත් වී ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වී ඇති බවත් පවසන ඔහු ආණ්ඩුව මෙහෙයවමින් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් පවසයි. සිය අන්තර්ජාල නාලිකව ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.