News Category
From Date
To Date
Maximum Number of Result

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වී තිබේ.

2025 අප්‍රේල් මාසය මුල්කරගෙන මහා සමාගම් 2ක් සතොස ආයතනයේ සභාපතිවරයාට සහ කළමානාකරුවන්ට රුපියල් දහස් ගණනින් වවුචර්පත් 150ක් ලබාදී ඔවුන්ගේ භාණ්ඩ අඩු කොමිස් මුදලකට ප්‍රචලිත කිරීමට කරන ලද පෙළඹීමක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විර්ශණ කොමිසමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තවදුරටත් කටඋත්තර ලබාදීම සඳහා එම කොමිසමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැමිණ තිබිණි.

රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පවත්වාගෙන ගිය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කිරීම ඇතුළු රටේ බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන්ට සහ නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නාහිමිවරුන්ට ඊයේ (19) ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.

කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් මහතා, කියුබාවේ "කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට" අරමුදල් සැපයීම සඳහා අරමුණුකරගත් ඩොලර් මිලියන 75 ක අයවැයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 17 වනද එක්සත් ජනපදයේ "කියුබානු විරෝධී දේශපාලනඥයන්" ලෙස ඔහු හඳුන්වා දුන් පිරිසට දෝශාරෝපනය කළේය.

රටේ අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බිඳින, අනන්‍යතාව නැති කරන, මොළ විකෘති කර මුල් සිඳ බිඳ දමන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය ගෙනවිත් ඇති බවත්, මේ දේවල් කිරීමට හරිනි අමරසූරියට USAID එකෙන් සල්ලි ගෙවා ඇත්දැයි ප්‍රශ්නයක් මතුවන බවත් හෙළ අභිමන් හෙළ අභිමන් ජාතික පෙරමුණේ නායක ආචාර්ය සුපුන් ජයසිංහ මහතා පවසයි.

ආණ්ඩුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයන් අනිවාර්ය විෂයන්ගෙන් පැහැදිලිවම ඉවත් කර ඇති බවත්, මෙරට පවතින්නේ නව ලිබරල් ක්‍රමවේදය යටතේ වහලුන් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමවේදයක් බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසති.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිසියෙන් ඉවත් කර තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ඉතාමත් භාර්යදූර ලොකු වැඩ කිරීමට තරම් දැනුමක් හෝ කුසලතාවක් ඇති පිරිසක් මාලිමා ආණ්ඩුවේ නැති බව ඔවුන් තේරුම්ගත යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කොළඹදී ඊයේ (18දා) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.