News Category
From Date
To Date
Maximum Number of Result

2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැංහයි හිදී අද (26) ආරම්භ විය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වී පාසල් වැසීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යැයි ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.

පසුගිය ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට පෙර පැමිණි කොමසාරිස්වරුන්ට වඩා බලහත්කාරී ප්‍රකාශ සිදුකරනු ලැබූ බවත්, එසේ මානව හිමිකම් කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන් පසුව ඔවුන් විසින් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත සදා නිමකළ කොමසාරිස් වාර්තාව සාධාරණිකරණය කිරීමට බව ඉතා පැහැදිලි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රටේ ජාතික අනන්‍යතාවක් සහිත පුද්ලයකු බිහිකිරීම සඳහා අවශ්‍ය වන ඉතිහාසය විෂය නැති කිරීම සඳහා කිසිවෙකුට හෝ උවමනාවක් තිබේද යන්න දේශපාලනික කාරණාවක් බවත්, එසේ අවශ්‍යතාවක් ඇත්නම් එය කරන්නේ මේ රටේ ජාතික අනන්‍යතාවක් සහිත පුද්ගලයකු බිහිකිරීම නැවැත්වීම සඳහා බවත් පුහුණු උපදේශක සොනාල ගුණවර්ධන මහතා පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විෂය හොඳටම දන්න පිරිසක් යොදාගත් බව ආණ්ඩුව පැවසුවද, මෙම කමිටුවේ සිටියේ අධ්‍යාපනඥයන් නොව ව්‍යාපාරිකයන් සහ ලෝක බැංකු නියෝජිතයන් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය අතර යෝජිත දැවැන්ත වෙළෙඳ ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු වෙළෙඳ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත්, ශ්‍රී ලංකා ආයෝජන ඉන්දියාව වෙත යොමු වීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බව ඔවුන්ගේ අදහසයි.

LTTE කොටි ත්‍රස්ථවාදීන් නැවත නැගී සිටීමක් පෙනෙන්නට ඇති බවත්, ඉකුත් දා කිරිබත්ගොඩ දී අත්අඩංගුවට පත්වූ LTTE කොටි ත්‍රස්ථවාදීන් සමග කටයුතු කළ පුද්ගලයා මාර්ගයෙන් විශාල අවිආයුධ ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව නවතම ගෝලීය ආරක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් පහත වැටී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියම කර තිබේ.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.