ඔස්ලෝ නුවර 'යුද හමුදාව භාවිත කරන' අත් බෝම්බයක් පුපුරා යයි
ඊයේ (23) සවස මධ්‍යම ඔස්ලෝ ප්‍රදේශය කම්පා කළ පිපිරීමක් පිළිබඳව නෝර්වීජියානු පොලිසිය විමර්ශනය කරමින් සිටින අතරතුර අතිරේක පුපුරණ ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන් පසු ප්‍රදේශයේ ජනතාවට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව නොර්වේ රාජ්‍යයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
පළමු පිපිරීම එරට වේලාවෙන් රාත්‍රී 8:45 ට පමණ, විශ්ව විද්‍යාල මණ්ඩපයක් අසල රාජ මාළිගාවෙන් සහ ඊශ්‍රායල තානාපති කාර්යාලයෙන් මීටර් 500 ක් පමණ දුරින් පිහිටි පිලෙස්ට්‍රෙඩෙට් වීදියේ සිදු විය.
"යුද හමුදාව භාවිත කරන" අත් බෝම්බයක් ලෙස විස්තර කරන ලද දෙවන බෝම්බයක් එම ස්ථානයේ තිබී සොයා ගැනීමෙන් පසු බලධාරීන් ඔස්ලෝ පදිංචිකරුවන්ට පිපිරීම පිළිබඳව අනතුරු අඟවමින් සහ ප්‍රදේශයේ ජනතාවට නිවෙස් වල ජනේලවලින් ඈත්ව සිටින ලෙස උපදෙස් දෙමින් හදිසි ජංගම දුරකථන අනතුරු ඇඟවීම් පණිවිඩයක් පවා යවා ඇත.
"ප්‍රදේශයේ තවමත් පුපුරණ ද්‍රව්‍යය ඇති බැවින්, පොලිසිය ඉල්ලා සිටින්නේ නිවැසියන්ට ජනේලවලින් ඈත්ව සිටින ලෙසයි. අපි දැනට ප්‍රදේශ වැසියන් ඉවත් කිරීමට තීරණයක ගෙන නොමැත." පණිවිඩයේ සඳහන් විය.
පොලිසිය දිස්ත්‍රික්කයේ විශාල කොටසක් වටලා, ට්‍රෑම් රථ සේවාවලට බාධා කළ අතර, පාලිත පිපිරීමක් සිදු කිරීමට පෙර වාහන ගමනාගමනය වෙනත් ප්‍රදේශවලට යොමු ක්‍රනු ලැබීය.
බෝම්බය ට්‍රෑම් රථ මාර්ගයක දමා ගොස් ඇති බව නෝර්වීජියානු ගුවන් විදුලි නාලිකාවක් වන ණ්ර්‍ඛ් පැවසීය. පොලිසියට සහාය වීම සඳහා ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ද යොදවා තිබුණි. ආරක්ෂක හමුදා සිද්ධිය වූ ස්ථානය ආරක්ෂා කිරීමට කටයුතු කළ හෙයින් ඔස්ලෝහි ට්‍රෑම් රථ ජාලය වසා දමන ලදී.
කිසිවෙකු හෝ තුවාල ලැබූ බවට වාර්තා නොමැති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසයි. සිද්ධිය කළමනාකරණය පිණිස භාරව සිටින අණදෙන නිලධාරී බ්‍රයන් ස්කොට්න්ස් වාර්තාකරුවන්ට පැවසුවේ එක් සැකකරුවෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 13 ක පිරිමි ළමයෙකු බව ඇෆ්ටන්පොස්ටන් ඇතුළු ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළ නමුත් සැකකරුගේ වයස තහවුරු කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කළේය.
“අපි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් පුද්ගලයින් මෙන්ම වැඩිදුර තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටිනවා.” ස්කොට්න්ස් පැවසීය. “අපගේ උපකල්පනය නම් අපරාධකරුවන්ට වෙනත් අපරාධකරුවන්ට එරෙහිව න්‍යාය පත්‍රයක් ඇති බවයි. කෙසේ වෙතත් අපට කිසිවක් බැහැර කළ නොහැකියි.”
‘Military-style’ hand grenade explodes in Oslo (VIDEO)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..