කබ්රාල් නඩුවේ දී අල්ලස් කොමිසම රටම නොමග යවලා.. - උදය ගම්මන්පිල
පිිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.
නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ලෙස සිටි සමයේ ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කරලා රටට පාඩුවක් කලා කියලා ඒ මහතාට එරෙහිව පදනම් විරහිත නඩුවක් අල්ලස් කොමිසම විසින් මහාධිකරණයේ පැවරුවා. මේ නඩුවේ පදනම් විරහිත භාවය පෙන්වලා මේ නඩුව ඉල්ලා අස්කර ගන්න කියලා කබ්රාල් මහතාගේ නීතිඥයෝ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියා. දූෂණ විරෝධි පනතේ 67 වගන්තිය අනුව කොමිසම අවසර දෙනවා නම් අධිකරණය අවසර දෙනවා නම් අධ්‍යක්ෂ ජනරාල්වරයාට එහෙම නඩුව අස්කර ගන්න පුළුවන්. නීතිඥයෝ ඒ ඉල්ලීම කලේ රුපියල් මිලියන 1,843ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීමේ කොන්දේසිය මත නොවේ. තමන් කිසිම වරදක් කරලා නැති නිසා නඩුව ඉවත් කර ගන්න කියන පදනම මත. හැබැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට කිව්වේ මොකක්ද?
අල්ලස් කොමිසම මේ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නේ රුපියල් මිලියන 1,843ක් ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවීමේ කොන්දේසිය මතයි කියලා අධිකරණයට කියනවා. එතකොට කබ්රාල් මහතාගේ නීතිඥයා මොකද කිව්වේ? අපි කිසිම වරදක් කරලා නෑ. අයථා විධියට උපයා ගත් මුදලක් අපි ලඟ නෑ. ඒ නිසා අපි මුදල් ගෙවීමේ කොන්දේසියට එකඟ වෙන්නේ නෑ. එහෙම කිව්වාට පස්සේ එසේ නම් අපි නඩුව ඉල්ලා අස්කර ගන්නේ නෑ කියලා අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙන්න ඕනි. මොකද අල්ලස් කොමිසම දාන කොන්දේසිය ඉටු කරන්න චුදිතයාට හැකියාව නැතිනම් හරි කැමැත්ත නැතිනම් හරි ඒ කොන්දේසිය ඉටු වෙන්නේ නෑ. මිලියන 1,843ක් කියන්නේ කෝටිපතියෙකුට වුණත් සුළුපටු මුදලක් නොවේ. ඒ මුදල ගෙවන්න හැකියාව සහ කැමැත්ත තිබෙනවා ද කියන එක චුදිතයාගෙන් අහන්නේ නැතිව ඒ කොන්දේසියට යටත්ව නඩුව ඉවත් කර ගන්නා බවට අධිකරණයට දැනුම් දීම හරහා අධිකරණය නොමග යැවීමක් අල්ලස් කොමිසම විසින් කර තිබෙනවා.
අධිකරණ නියෝගයේ ප්‍රධාන දුර්වලතා දෙකක් අපි දකිනවා. අල්ලස් කොමිසමේ කොන්දේසියට අපි එකඟ නෑ කියලා පළමු චුදිත අධිකරණයට දැනුම් දී තිබිය දී ඒ කොන්දේසියට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගැනීමට අධිකරණයෙන් අවසර ලබා දීම මේ නඩු තීන්දුවේ තිබෙන පළමු දුර්වලතාවය. දෙවන දුර්වලතාවය වෙන්නේ නඩුව ඉවත් කර ගැනීමේ කොන්දේසිය නිශ්චිතව නියෝගයේ සටහන් නොවීමයි. නියෝගයේ සඳහන් වෙන්නේ පැමිණිල්ලෙන් නියම කර ඇති කොන්දේසි වලට යටත්ව නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමි කියලා මිස කොන්දේසිය මොකක්ද කියන එක නොවේ. නමුත් එදින අධිකරණ වාර්තාවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කොන්දේසිය නිශ්චිතව සඳහන් වන නිසා ඒක ලොකු ගැටළුවක් නොවේ කියලා පැමිණිල්ල තර්ක කරන්න පුළුවන්.
කොන්දේසියේ කියන්නේ මාස තුනක් ඇතුලත රුපියල් මිලියන 1,843ක් පළමු චුදිත විසින් ගෙවිය යුතුයි කියන එක. නමුත් කබ්රාල් මහතා ඉතාම නිශ්චිතව කියනවා මම වරදක් කරලා නැති නිසා මම ගෙවන්නේ නෑ කියලා. එහෙම නම් ඉදිරියේ දී සිදු විය හැකි විකල්ප තුනක් තිබෙනවා. පළමු විකල්පය වෙන්නේ 67(5) වගන්තිය යටතේ තමන් වරදක් කර නොමැති නිසා වන්දි මුදල ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණ හේතුවක් ලෙස කොමිසම විසින් භාර ගැනීමයි. මොකද 67(5) වගන්තියේ කියන්නේ සාධාරණ හේතුවකින් තොරව ලබා දුන් කාලය තුල කොන්දේසි ඉටු කිරීමට චුදිත අපොහොසත් වුණොත් නැවත අධිචෝදනා ගොනු කළ යුතුයි කියලා. තමන් වරදක් නොකළ නිසා වන්දි මුදල නොගෙවන බවට කබ්රාල් මහතා කරන දැනුම් දීම සාධාරණ හේතුවක් ලෙස භාර ගැනීමෙන් මේ කතන්දරේ ඉවර කරන්න කොමිසමට පුළුවන්. දෙවන විකල්පය තමයි ඒක සාධාරණ හේතුවක් ලෙස පිලිනොගෙන මාස තුන ගෙවුණාම නැවත නඩු පවරන්න කොමිසමට පුළුවන්. එහෙම කළොත් කොමිසම සමාජය ඉදිරියේ විහිළුවක් බවට පත් වෙනවා. තුන්වන විකල්පය තමයි කොමිසම නඩු පැවරුවොත් ඒක කබ්රාල් මහතා අභියෝගයට ලක් කිරීම. නියෝගය තුල අධිචෝදනා ඉවත් කර ගැනීමේ කොන්දේසි නිශ්චිතව සඳහන් නොවන නිසා කොන්දේසි ඉටු නොකළ බවට යලි නඩු පවරන්න බෑ කියා තර්ක කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග අතිශයින්ම ව්‍යාකූල වී තිබෙනවා.
අධ්‍යක්ෂ ජනරාල් කියන විධියට කබ්රාල් මහතා වන්දි මුදල් නොගෙවූ නිසා කොමිසම විසින් යළි නඩු පවරනවා නම් ඒක විකාරයක්නෙ. කබ්රාල් මහතා විසින් කොමිසමට ඉදිරිපත් කළ ඉල්ලීමේ කිසිම කොන්දේසියකට යටත් වීමට එකඟ වී නෑ. එහෙම නම් නඩුව ඉවත් කර ගන්න අධිකරණයේ අවසර පතන්න කලින් මේ මුදල ගෙවිය හැකි ද? ගෙවීමට එකඟ ද? කියන ප්‍රශ්න දෙක කොමිසම විසින් කබ්රාල් මහතාගෙන් ඇසිය යුතුව තිබුණා. දැන් වෙලා තිබෙන්නේ අධිකරණයේත් කොමිසමේත් කාලය නාස්ති කරලා මහජන මුදල් නාස්ති කරලා කොමිසම රට ඉදිරියේ විහිළුවක් බවට පත් කිරීමට අධ්‍යක්ෂ ජනරාල් කටයුතු කිරීමයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..