News Category
From Date
To Date
Maximum Number of Result

පිළිකා රෝගීන් සඳහා ගෙන්වන ඖෂධවලින් සියයට 60 ක්ම ලියාපදිංචි නොකළ ආයතනවලින් ගෙන්වන ඖෂධ බවට තහවුරු වී ඇති බව සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පවසයි.

තමන් අත්අඩංගුවට ගත්තේ නීති විරෝධීව බවත් එසේ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෛළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පාසල් පොත් බෑගයේ බර වැඩවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව සතිපොළක් මට්ටමටම අද පත්කර ඇති බවත්, මේ රට උරුමයක්, ඉතිහාසයක් හා අයිතියක් ඇති රටක් මිස සතිපොළක් නොවන බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 13 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම මුල්කරගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සහ ඊට සමගාමීව ජනාධිපතිවරයා විසින් පළාත්වලට පොලිස් බලය හැර සෙසු බලතල ලබාදිය හැකි බව සඳහන් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බාල තෙල් රටට ගෙනවිත් කෝටි 3000ක වංචාවක් සිදුකර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.

ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවකට එක් විය.

පොලිස් බලතල ලබා දීම හැර බලය බෙදීමේ තුන්වන ලැයිස්තුවේ තිබෙන බලතල පළාත් සභාව වෙත ලබාදිම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

1980 දශකයේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හා සිසු විරෝධය නිසා හකුළාගත් අධ්‍යාපන ධවල පත්‍රිකාව දැන් නැවත කරළියට පැමිණ ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස

පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

කැනඩාවේ දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත කැනඩාවේ අධිකරණයේදී පරාජය කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වෙන සම්මන්ත්‍රණයක්

104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA ) නමින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2025 මාර්තු 27 වන දින තීන්දු කරනු ලැබීය.

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය.

උපකාර පන්ති ගුරුවරියට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වේ.

ආණ්ඩුව ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නැගුවා - ඉන්දික අනුරුද්ධ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (21) පැවසීය.

මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්‍රතිඵල

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය.

තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.