News Category
From Date
To Date
Maximum Number of Result

නව වාර්තාමය කථාංගයක් කියුබාවට එරෙහි දශක ගණනාවක් පුරා පැවති එක්සත් ජනපද අවහිරය පිළිබඳව සොයා බලා තිබේ. එමගින් මෑත වසරවල එහි තීව්‍රතාවය සහ සාමාන්‍ය කියුබානුවන් මුහුණ දෙන දරුණු මානුෂීය ප්‍රතිවිපාක පරීක්ෂා කරයි.

අමෙරිකා එක්සත් ජනපදය කියුබාව වෙත පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත්කර තිබේ.

අමෙරිකානු එක්සත් ජනපදය කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් මේ වන විට වසර 60කට ආසන්න කාලයක් කියුබාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

ආණ්ඩුව විසින් හෙද නිල ඇඳුම ජාතිකත්ව හෝ ආගම් අන්ව බෙදීමක් ඇතිකිරීම සඳහා යොදාගැනීමට උත්සාහ කිරීම පිළිබඳව මේ වන විට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තම විරෝධය පළකර ඇත. ලංකා ලීඩර් ඊට අදාළව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

දඹුලු විහාරය සතු ඉඩම් රජයට පවරාගත් පසු වෙනත් ක්‍රියාවලීන් සිදුවෙමින් පවතින බව පූජ්‍ය දඬුබැදිරුප්පේ මහින්ද හිමි චෝදනා කරති.

රණවිරු පවුර සංවිධානය කල "ජිනීවා 60 වැනි සැසියේ පසු කම්පන" විද්වත් සංවාදය ඊයේ(26) සවස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේදී පැවැත්විණි.

අධ්‍යාපන ඇමතිවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රමුඛ වත්මන් හිතුවක්කාරී මාලිමා පුනරුද ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් මේ රටේ අධ්‍යාපන විශේෂඥයින්ගේ හා ප්‍රාමානික දැනුමක් ඇති බුද්ධිමතුන්ගෙන් කරුණු නොවිමසා විධිමත් අධ්‍යයනයකින් හෝ පර්යේෂණයකින් තොරව හිතුවක්කාරී ලෙස තීන්දු තීරණ ගනිමින් 2026 පාසැල් වාරය ආරම්භයේ සිට මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් ඇති කරන්නට සූදානමින් සිටින බව “ජාතික ගුරු ව්‍යාපාරයේ” ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම චෝදනා කළේය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.

අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ රුධිරය ආශ්‍රිත මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම් වලට සම්බන්ධ අවදානම සහිත පුද්ගලයන් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බව ලිංගාශ්‍රිතව බෝවන රෝග මර්ධන ඒකකය මගින් ප්‍රකාශිත අවදානම් සමාජ චර්යා සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.


දේශීය පුවත්

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුම් වෙනුවට උන්වහන්සේලාගේ ශාසනික නිල ඇඳුම වන සිවුර පොරවාගෙන යාමට නීතිමය ඉඩක් සලසා දෙන ලෙස ඉල්ලමින් යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇත.

උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. - මිහින්තලා හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පැමිණවීම වත්මන් ආණ්ඩුවට කිසිදා මකා දැමිය නොහැකි ඉතිහාසගත කළු පැල්ලමක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.