වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ යුද තර්ජනය වැලැක්වීමට වහා මැදිහත් වන්නැයි අධිරාජ්‍ය විරෝධී ගෝලීය දකුණු සන්ධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි..
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ යුද තර්ජනය වැලැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වහා මැදිහත් වන්නැයි අධිරාජ්‍ය විරෝධී ගෝලීය දකුණු සන්ධානය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් එම සංවිධානය මෙම ඉල්ලීම සිදුකර ඇත.
අදාළ ලිපිය පහළින්..
ගරු මහලේකම් තුමනි,
වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ යුද තර්ජනය වැලැක්වීමට වහා මැදිහත් වන ලෙස කරනු ලබන අවධාරණයයි!
අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය ලෙස මා නියෝජනය කරන දෙවන පරපුර පක්ෂය ඇතුළුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි දෙශපාලන පක්ෂ සහ සංවිධාන හතක නියෝජිතයන් පසුගිය ඔක්තෝබර් 20 වනදා ඔබ තුමා වෙත ලිපියක් යොමු කරමින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව අමෙරිකානු යුදමය මැදිහත් වීමක් සිදු කිරීමට ආසන්න බවත් එය වැලැක්වීමට වහා මැදිහත් වන ලෙසත් ඔබ වෙත අවධාරණය කර සිටියෙමු.
එලෙසම පසුගිය දෙසැම්බර 18 වනදා ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය ඔබ තුමා වෙත ලිපියක් යොමු කරමින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට අයත් තෙල් ප්‍රවහාන නෞකාවක් අමෙරිකානු හමුදා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් කැරිබියානු කලාපයේ සිදු විය හැකි යුද ගැටුමක් වැලැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස මැදිහත් වන ලෙසද ඉල්ලා සිටියේය. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔබ තුමා විසින් සාධනීය පියවරක් ගෙන ඇති බවක් මේ වන තෙක් අප වෙත පෙනෙන්නට නැති බව අවධාරණය කරමු. එලෙසම තත්වය තවත් උත්සන්න කරමින් මේ වන විට අමෙරිකානු වෙරළ ආරක්ෂක බලකාය විසින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට අයත් තෙල් ප්‍රවාහන නෞකාවක අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔබ තුමා දැනුවත්ව ඇතැයි අප විශ්වාස කරමු.
එලෙසම අමෙරිකා එක්සත් ජනපදය විසින් මත්ද්‍රව්‍ය රැගෙන යන බවට චෝදනා කරමින් වෙනිසියුලාවට අයත් බෝට්ටුවකට පළමු වරට එක්සත් ජනපද වෙරල ආරක්ෂක බලකාය විසින් ප්‍රහාර එල්ල කරන්නේ 2025 සැප්තැම්බර් 2 වන දිනය. එහිදි පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කරනු ලැබීය.
එලෙසම 2025 දෙසැම්බර් 22 වන විට, කැරිබියන් මුහුදේ සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා කරමින් අවම වශයෙන් ධීවර යාත්‍රා 30 කට ප්‍රහාර එල්ල කර පුද්ගලයින් 105 දෙනෙකුට ආසන්න ප්‍රමානයක් ඝාතනය කර ඇත.
ඔබ සංවිධානය නිකුත් කර ඇති මත් ද්‍රව්‍ය සම්බන්ධ වාර්තා වලට අනුවත් අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙතෙක් නිකුත් කළ වාර්තා වලට අනුවත් වෙනිසියුලාව මත් ද්‍රව්‍ය ප්‍රවාහනය රාජ්‍යයක් නොවන බවට තහවුරු වී තිබියදී මෙවැනි ව්‍යාජ හේතු මවමින් අමෙරිකානු එක්සත් ජනපදය වෙනිසියුලාව ඇතුලු කැරිබියානු කලාපය යුද්දයකට මැදිහත් කර ගැනීමේ මෙහෙවරක නිරත වන බව ඔබ තුමාද පිලිගන්නවා ඇතැයි අපි විශ්වාස කරමු.
ගරු මහ ලේකම් තුමනි, 2014 ජනවාරි 28-29 දින කියුබාවේ හවානා නුවරට එක්වූ CELAC සාමාජික රටවල් "ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපය සාම කලාපයක් ලෙස ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ ප්‍රකාශය" සම්මත කර ගනු ලැබිනි.
එලෙසම,2014 සැප්තැම්බර් 11 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය A/RES/68/304 යෝජනාව සම්මත කර ගනිමින් මෙම ප්‍රකාශය විධිමත් ලෙස පිළිගනු ලැබිණි.
ඒ අනුව ලතින් ඇමරිකාව සහ කැරිබියන් කලාපය සාම කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට මැදිහත් වීම ඔබ තුමාගේ අනුලංඝනීය වගකීමක් බව සාමයට ලැදි සංවිධානයක් ලෙස ඔබ තුමාට අපි දැඩිව අවධාරණය කරමු.
ඒ අනුව දැනටමත් කරුණු පෙල ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යනය කිරීමේදී වෙනිසියුලාව සමඟ විවිධ ගිවිසුම් වලට එළඹෙමින් වෙනිසියුලාව තුල විශාල ආයෝජන කර ඇති රටවල් මෙන්ම බලහත්කාරය නොඉවසන කලාපයේ වෙනත් රටවල් අමෙරිකානු බලහත්කාරයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතී. මෙය ලෝක සාමයට විශාල බාධාවක් බව ඔබ තුමාට අප විශේෂයෙන් පැහැදිලි කළ යුතු නැත. එබැවින් මහලේකම් තුමනි පවතින තත්වය හමුවේ තව දුරටත් ලෝක සාමය පවත්වා ගැනීම වෙනුවෙන් සක්‍රිය මැදිහත් වීමේ ඔබ සතු අනුලංඝනීය වගකීම ඉටු කිරීමට වහ වහා කටයුතු කරන ලෙස මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..