හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සමස්ථ යටි අරමුණු නොසලකා සමලිංගික වේබ් අඩවි ගැන පමණක් කතා කිරීම බරපතළ වරදක්..
මේ වන විට 6 වසර ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය සමලිංගික වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළු කිරීම පිළිබඳව සමාජයේ පැනනැගුණු ආන්දෝලනය මුල්කරගෙන ජාතික අධ්‍යාපන ආයතනයේ යම් නිලධාරීන්ට දඬුවම් කිරීම සහ ඉල්ලා අස්වීමට බලකිරීම මගින් පැනනැගුන අර්බුදය සමනය කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවට සමාජයේ පවතින කතාබහ පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අදහස් දැක්වූයේ මෙසේය,
"හරිනි අමරසූරිය ඉතා දුෂ්ඨ සමාජ විරෝධී අරමුණකින් පරපතළ විනාශකාරී අවසන් ප්‍රතිඵලයක් මුල්කරගෙන හිතුවක්කාරී ලෙස ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මහා පින්තූරයෙන් ව්‍යුක්තව මොඩියුලයක දැක්වූ සමලිංගික අසභ්‍ය වෙබ් ලිපින ගැන පමණක් කතා කිීම මගින් ඇයගේ යටි අරමුණු සඟවාගෙන ඉදිරියට යාමට ඉඩ සැලසෙනවා. ඒ අනුව අදාළ කොටස මොඩියුලයට කුමන්ත්‍රණකාරී ලෙස ඇතුල් කළ බව පෙන්වමින් එය නිවැරදි කිරීමට කටයුතු කරන බව පේනවා. ඇයට තම දුෂ්ඨ අරමුණ ඉදිරියට ගෙනයාමට හැකිවී තිබෙනවා. එම නිසා පෙළපොත් අහෝසිකර, විභාග අහෝසිකර දරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ සැලසීම, ලිංගිකත්ව අධ්‍යාපනය නමින් සමලිංගික ක්‍රියා දරුවන් අතර ප්‍රචලිත කිරීමේ උත්සාහය, 6 වෙනි පන්තියේ දරුවන්ට පවා ස්මාර්ට් දුරකථන පන්ති කාමරයේදී භාවිතා කරමින් අන්තර්ජාලයේ නිදහසේ සැරිසැරීමට ඉඩ සැලසීම, දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කරමින් ගුරුවරුන්ට මානසික බාධක පනවා දරුවන් හික්මවීම වැලැක්වීම ආදී බරපතළ දුෂ්ඨ ක්‍රියා මේ යටතේ සිදු වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..