News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං (Li Keqiang) හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල - හමාස් ගැටුමේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයට බව සඳහන්ය.

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම් මාලාවෙන් මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රුසියාව සිය උපායමාර්ගික න්‍යෂ්ටික බලවේග අත්හදා බැලීමේ අරමුණින් දැවැන්ත අභ්‍යාසයක් පවත්වා ඇති බව ක්‍රෙම්ලිනය ඊයේ(25) ප්‍රකාශ කළේය. මෙම අභ්‍යාසවලට රුසියානු හමුදාවේ න්‍යෂ්ටික බලකායේ කොටස් ත්‍රිත්වය වන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ඒකකය, න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීන ඒකකය සහ උපාය මාර්ගික බෝම්බ හෙලන යානා ඒකකය සම්බන්ධ වී ඇති බව රුසියානු පුවත් සේවා පවසයි.

ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම සම්බන්ධයෙන් මොස්කව්හි ස්ථාවරය සම්බන්ධයෙන් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඊශ්‍රායලයේ “අතෘප්තිය” දන්වා ඇති බව ඊශ්‍රායල " කන්" පුවත් සේවය නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් ඊයේ (24) වාර්තා කළේය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ගාසා තීරයට ගොඩබිම් හමුදා යැවීම සඳහා ඊශ්‍රායලයට ක්‍රියාකාරී සැලැස්මක් නොමැති බවට එක්සත් ජනපද නිලධාරීන් කනස්සල්ල පළ කර තිබේ.

පලස්තීන සටන්කාමීන් යම් විදියකින් “උතුරු පෙරමුණක්” විවෘත කළහොත් ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා සංවිධානය “තුරන් කර” ඉරානය ඉලක්ක කර පහර දෙන බව ඊශ්‍රායල ආර්ථික අමාත්‍යය නිර් බර්කට් ඊයේ (15) ප්‍රකාශ කළේය.

කුමන ආකාරයේ අභියෝග ආවත්, පලස්තීන වැසියන්, ඔවුන් ජීවත් වන භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා ඇත.


ප්‍රධාන පුවත්

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!

බයිඩන් පාලනය යටතේ යුක්‍රේනයට ලබාදුන් ඇමරිකානු මිසයිලවලට සිදුවූයේ කුමක්දැයි ට්‍රම්ප් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..

සෞදි අරාබියේ ක්‍රියාත්මක වන දැවැන්ත හරිත ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට සැලසුම් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 130.16ක කොහුබත් ව්‍යාපෘතියක්, රාජ්‍ය ආයතනයක නිලධාරියකු විසින් නීතිවිරෝධී ලෙස අල්ලස් ඉල්ලීමක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.