ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් රුසියානු ස්ථාවරයට ඊශ්‍රායලය අසතුටෙන්
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම සම්බන්ධයෙන් මොස්කව්හි ස්ථාවරය සම්බන්ධයෙන් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඊශ්‍රායලයේ “අතෘප්තිය” දන්වා ඇති බව ඊශ්‍රායල " කන්" පුවත් සේවය නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් ඊයේ (24) වාර්තා කළේය.
"රුසියාවේ හැසිරීම සහ ඊශ්‍රායලයට එරෙහි ප්‍රකාශයන් ඊශ්‍රායලයේ පවතින තත්වයේ බරපතලකම සමඟ නොගැලපෙනවා. ඇතිවී තිබෙන්නේ යුදමය තත්වයක්" යැයි ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන්ගේ රුසියානු සගයන්ට පැවසූ බව වාර්තා වන බව " කන්" පුවත් සේවය වාර්තා කළේය.
බටහිර ජෙරුසලම ද හමාස් ට එරෙහි යුද්ධයේ දී රුසියාව ඉටු කරන භූමිකාව පිලිබඳ අප්‍රසාදය පළ කළ අතර මොස්කව් "වඩා සමතුලිත" ස්ථාවරයන් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව තවත් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙකු ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් පතට පැවසීය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මොස්කව් පරිපාලනය විසින් යෝජිත යෝජනාවට හමාස් සංවිධානය විසින් "පැහැදිලි හෙළා දැකීමක්" කිරිමක් නොකළ අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය අනුමත කිරීම සමඟ නොගැලපේ.
ඊශ්‍රායලය "පෙර නොවූ විරූ ප්‍රහාරයකට ගොදුරු වූ අතර එහි සාමකාමී පැවැත්ම සහතික කිරීම සඳහා ආරක්ෂාව සඳහා නිසැකවම අයිතියක් ඇත," රුසියානු නායකයා ඊශ්‍රායල ජාතිකයන් 1300 කට වැඩි පිරිසක් මරණයට පත්වූ හමාස් ආක්‍රමණයෙන් දින කිහිපයකට පසු ඔක්තෝබර් 13 දින පැවසීය. .
කෙසේ වෙතත්, එම අවස්ථාවේදීම රුසියානු ජනාධිපති පුටින් මහතා සඳහන් කළේ සැබෑ සාමය ළඟා කර ගත හැක්කේ පලස්තීනුවන්ට ඔවුන්ගේම රාජ්‍යයක් ස්ථාපිත වූ විට පමණක් බවයි. ගාසා තීරයේ මිලියන දෙකක පමණ සිවිල් වැසියන් පිරිසක් ජීවත්වන බවත්, ඔවුන් සියලු දෙනාම හමාස් සංවිධානයට සහය නොදැක්වූ බවත්, යෝජිත “සම්පූර්ණ අවහිර කිරීම” වටලෑම තරම්ම පිළිගත නොහැකි බව පැවසූ රුසියානු ජනාධිපතිවරයා ඊශ්‍රායලයට උපදෙස් දුන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදී ඔහුගේ උපන් නගරයට (එවකට ලෙනින්ග්‍රෑඩ්) නාසි හමුදාව ක්‍රියා කළ “ම්ලේච්ඡ” ලෙස ප්‍රතිචාර නොදක්වන ලෙසයි.
"ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කරන්න. ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නොසැලකිලිමත් ලෙස බලය යෙදවීමෙන් වලකින්න." යනුවෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ගැටුම වහාම නැවැත්වීම වෙනුවෙන් පෙනී සිටියේය. ගැටුමට එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ඊයේ (2) ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින්, හමාස් ප්‍රහාරය “රික්තයක් තුළ සිදු වූවක් නොවන” බව ආරක්ෂක කවුන්සිලයට ප්‍රකාශ කිරීමෙන් පසු පලස්තීනුවන් “වසර 56ක හුස්ම හිර කරන වාඩිලෑමකට යටත් වී ඇති” බව සඳහන් අවධාරණය කර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය.
"ත්‍රස්තවාදය සහ මිනීමැරුම් සඳහා අවබෝධයක්" සහ "ඊශ්‍රායලයේ පුරවැසියන්ට සහ යුදෙව් ජනතාවට එරෙහිව සිදු කරන ලද දරුණුතම කුරිරුකම්වලට" එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අනුකම්පා කරන බවට චෝදනා කළ එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන්,ඇන්ටෝනීයෝ ගුටාරෙස්ට එක්සත් ජාතීන්ගේ මහලේකම් තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය.
මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලි කොහෙන් ගුටරෙස් සමඟ පවත්වන රැස්වීම් වර්ජනය කරන බව ප්‍රකාශ කළ අතර, “ඔක්තෝබර් 7 වෙනිදායින් පසු සමබර ප්‍රවේශයකට ඉඩක් නැත. හමාස් ලෝකයෙන් අතුගා දැමිය යුතුයි!” යනුවෙන් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා
මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි
ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි