ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් රුසියානු ස්ථාවරයට ඊශ්‍රායලය අසතුටෙන්
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම සම්බන්ධයෙන් මොස්කව්හි ස්ථාවරය සම්බන්ධයෙන් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඊශ්‍රායලයේ “අතෘප්තිය” දන්වා ඇති බව ඊශ්‍රායල " කන්" පුවත් සේවය නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් ඊයේ (24) වාර්තා කළේය.
"රුසියාවේ හැසිරීම සහ ඊශ්‍රායලයට එරෙහි ප්‍රකාශයන් ඊශ්‍රායලයේ පවතින තත්වයේ බරපතලකම සමඟ නොගැලපෙනවා. ඇතිවී තිබෙන්නේ යුදමය තත්වයක්" යැයි ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන්ගේ රුසියානු සගයන්ට පැවසූ බව වාර්තා වන බව " කන්" පුවත් සේවය වාර්තා කළේය.
බටහිර ජෙරුසලම ද හමාස් ට එරෙහි යුද්ධයේ දී රුසියාව ඉටු කරන භූමිකාව පිලිබඳ අප්‍රසාදය පළ කළ අතර මොස්කව් "වඩා සමතුලිත" ස්ථාවරයන් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව තවත් ඉශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙකු ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් පතට පැවසීය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට මොස්කව් පරිපාලනය විසින් යෝජිත යෝජනාවට හමාස් සංවිධානය විසින් "පැහැදිලි හෙළා දැකීමක්" කිරිමක් නොකළ අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය අනුමත කිරීම සමඟ නොගැලපේ.
ඊශ්‍රායලය "පෙර නොවූ විරූ ප්‍රහාරයකට ගොදුරු වූ අතර එහි සාමකාමී පැවැත්ම සහතික කිරීම සඳහා ආරක්ෂාව සඳහා නිසැකවම අයිතියක් ඇත," රුසියානු නායකයා ඊශ්‍රායල ජාතිකයන් 1300 කට වැඩි පිරිසක් මරණයට පත්වූ හමාස් ආක්‍රමණයෙන් දින කිහිපයකට පසු ඔක්තෝබර් 13 දින පැවසීය. .
කෙසේ වෙතත්, එම අවස්ථාවේදීම රුසියානු ජනාධිපති පුටින් මහතා සඳහන් කළේ සැබෑ සාමය ළඟා කර ගත හැක්කේ පලස්තීනුවන්ට ඔවුන්ගේම රාජ්‍යයක් ස්ථාපිත වූ විට පමණක් බවයි. ගාසා තීරයේ මිලියන දෙකක පමණ සිවිල් වැසියන් පිරිසක් ජීවත්වන බවත්, ඔවුන් සියලු දෙනාම හමාස් සංවිධානයට සහය නොදැක්වූ බවත්, යෝජිත “සම්පූර්ණ අවහිර කිරීම” වටලෑම තරම්ම පිළිගත නොහැකි බව පැවසූ රුසියානු ජනාධිපතිවරයා ඊශ්‍රායලයට උපදෙස් දුන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදී ඔහුගේ උපන් නගරයට (එවකට ලෙනින්ග්‍රෑඩ්) නාසි හමුදාව ක්‍රියා කළ “ම්ලේච්ඡ” ලෙස ප්‍රතිචාර නොදක්වන ලෙසයි.
"ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කරන්න. ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් සහ නොසැලකිලිමත් ලෙස බලය යෙදවීමෙන් වලකින්න." යනුවෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ගැටුම වහාම නැවැත්වීම වෙනුවෙන් පෙනී සිටියේය. ගැටුමට එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ඊයේ (2) ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින්, හමාස් ප්‍රහාරය “රික්තයක් තුළ සිදු වූවක් නොවන” බව ආරක්ෂක කවුන්සිලයට ප්‍රකාශ කිරීමෙන් පසු පලස්තීනුවන් “වසර 56ක හුස්ම හිර කරන වාඩිලෑමකට යටත් වී ඇති” බව සඳහන් අවධාරණය කර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය.
"ත්‍රස්තවාදය සහ මිනීමැරුම් සඳහා අවබෝධයක්" සහ "ඊශ්‍රායලයේ පුරවැසියන්ට සහ යුදෙව් ජනතාවට එරෙහිව සිදු කරන ලද දරුණුතම කුරිරුකම්වලට" එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අනුකම්පා කරන බවට චෝදනා කළ එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන්,ඇන්ටෝනීයෝ ගුටාරෙස්ට එක්සත් ජාතීන්ගේ මහලේකම් තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය.
මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලි කොහෙන් ගුටරෙස් සමඟ පවත්වන රැස්වීම් වර්ජනය කරන බව ප්‍රකාශ කළ අතර, “ඔක්තෝබර් 7 වෙනිදායින් පසු සමබර ප්‍රවේශයකට ඉඩක් නැත. හමාස් ලෝකයෙන් අතුගා දැමිය යුතුයි!” යනුවෙන් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..