‘ඉරානය පෘථිවියෙන් අතුගා දමනවා’ - ඊශ්‍රායල ආර්ථික අමාත්‍ය නිර් බර්කට්
පලස්තීන සටන්කාමීන් යම් විදියකින් “උතුරු පෙරමුණක්” විවෘත කළහොත් ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා සංවිධානය “තුරන් කර” ඉරානය ඉලක්ක කර පහර දෙන බව ඊශ්‍රායල ආර්ථික අමාත්‍යය නිර් බර්කට් ඊයේ (15) ප්‍රකාශ කළේය.
“ඉරානයේ සැලසුම ඊශ්‍රායලයට සෑම පෙරමුණකින්ම පහර දීමයි. ඔවුන් ඊශ්‍රායලය ඉලක්ක කිරීමට අදහස් කරන බව අපට පෙනී ගියහොත්, අපි එම පෙරමුණුවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පමණක් නවතින්නේ නැහැ. ඒ අනුව අපි ඉරානය නම් සර්පයාගේ හිසටම පහර දෙනවා.” නිර් බර්කට් ඊයේ (22) 'ද මේල්' පුවත් පත වෙත පැවසීය. ඊශ්‍රායලයට එරෙහිව කටයුතු කළහොත් ඉරානයේ අයතුල්ලාවරුන්ට රාත්‍රියේ සුව නින්දක් නොලැබෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පුවත් පත වෙත අවධාරණය කළේය.
ලෙබනනයට සහ පලස්තීනයට ගැති සටන්කාමී කන්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයටද "හමාස් සංවිධානයට ගෙවීමට යන මිලට සමාන විශාල මිලක් ගෙවීමට ඊශ්‍රායල සූදානම්" බවට නිර් බර්කට් අනතුරු ඇඟවීය.
අවශ්‍ය නම් ඊශ්‍රායලය “ඉරානයේ ප්‍රධානීන් පසුපස” හඹා යන බවටද ඇමතිවරයා අනතුරු ඇඟවීය. “ ඊශ්‍රායලයේ සතුරන්ට අපි ඉතා පැහැදිලි පණිවිඩයක් දී තිබෙනවා. අපි ඔවුන්ට කියනවා, බලන්න ගාසාවේ සිදුවන දේ - ඔබ අපට පහර දුන්නොත් ඔබටත් එම ඉරණමම අත්වෙනු ඇති.අපි ඔබව පෘථිවියෙන් අතුගා දමනවා. ”
ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය ඉතා ඉක්මනින් නරක අතට හැරිය හැකි බව ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් පසුගිය(9) වනදා ප්‍රකාශ කිරීමෙන් පසුව ඊශ්‍රායලය මෙම ප්‍රකාශය සිදු කරනු ලැබීය. "පලස්තීනුවන්ට එරෙහි යුද අපරාධ වහාම නතර නොකළහොත් වෙනත් බහු පෙරමුණු විවෘත වීම නොවැළැක්විය හැකියි." ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේය.
ඉරාන විදේශ අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඔහුගේ තර්ජනාත්මක වදන් දෙගුණ තෙගුණ ලෙස තීව්ර කරමින් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය. " ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය පලස්තීනුවන්ට අයුතු ලෙස සැලකීම නතර නොකළහොත්, “ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකි අතර කළාපය පාලනයෙන් තොර වනු ඇත.” යනුවෙන් තර්ජනය කළ අමීර්-අබ්දුල්ලාහියන් පලස්තීනයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීම “දුරදිග යන ප්‍රතිවිපාක” ඇති කරන බවද අවධාරණය කළේය.
මෙම මස මුලදී ඊශ්‍රායල හමුදා සහ හමාස් සංවිධානය අතර සටන් ඇවිලුනු දා සිට ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ හිස්බුල්ලා සංවිධානය නැවත නැවතත් වෙඩි හුවමාරු කර ගෙන ඇත. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ(22) ප්‍රකාශ කළේ හිස්බුල්ලා සංවිධානය යුදෙව් රාජ්‍යයට එරෙහි යුද්ධයට නිල වශයෙන් සම්බන්ධ වුවහොත් “පෙර නොවූ විරූ විනාශයකට” ලක්වනු ඇති බවයි.
ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීම සඳහා විශාල පරිමාණයේ ආක්‍රමණ කිහිපයක් පසුගිය කාලයේ සිදු කළේය. ආසන්නතම ආක්‍රමණය 2006 දී සිදු විය.
ඔක්‌තෝබර් 7 වැනිදා හමාස් සහ මිත්‍ර පලස්තීන කණ්ඩායම් ඊශ්‍රායල ජනාවාස කිහිපයකට ප්‍රහාර එල්ල කරනු ලැබීය. එම ප්‍රහාර ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර ආරම්භ කිරීමට පොළඹවන ලදී. දෙපාර්ශවයේම නිලධාරීන්ට අනුව ඊශ්‍රායල ජාතිකයින් 1,400 කට වැඩි ප්‍රමාණයක් සහ පලස්තීනුවන් 4,300 කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත.
බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනින් ආධාර දුන්නා - හිටපු ඊශ්‍රායල් අගමැති එහුඩ් ඔල්මෙට්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..