නොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ... අපේ වෘත්තීය සමිති විසුරුවාහරිනවා - නිපුණආරච්චි
මෙරට මුහුණ දෙන වැඩ වර්ජන අමිහිරි අත්දැකීම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දාහතරවෙනිදායින් පසු අවසන් වන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා සඳහන් කරයි.
ඒ සඳහා පළමු පියවර තම පාර්ශවයෙන් තබමින් තම පක්‍ෂය සම්බන්ධ සියලුම වෘත්තීය සමිති විසුරුවාහරින බවද ඔහු කියා සිටී.
කැස්බෑවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, අද උපදින දරුවන්ට තව වසර 10කින් 15කින් ස්ට්‍රයික් යනු කුමක්දැයි කියාදීමට පවා සිදුවනු ඇති බවයි.
“අපේ රටේ බොහොම අමිහිරි අත්දැකීම් තියෙන්නේ. ළමයා ඉස්කෝලෙ යනවා..දවසක් ගුරුවරු ස්ට්‍රයික්, තව දවසක් විදුහල්පති ස්ට්‍රයික්, තව දවසක් අනධ්‍යන කාර්යය මණ්ඩලය ස්ට්‍රයික්, ඉස්පිරිතාලෙට යනවා බේත් ගන්න..එක දවසක් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් නර්ස්ලා, තව දවසක් ඇටෙන්ඩන්ට්ලා. එක දවසක් පාරට බැස්සම…ලංගම බස් ස්ට්‍රයික්, අනෙක් දවසේ පාරට බැස්සම ප්‍රයිවට් බස් ස්ට්‍රයික්… මොනවගේ ඉතිහාසයක්ද තියෙන්නේ.
අද මම කිව්වයි කියලා හිතා තියාගන්න. ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කථාකරලා බේරගන්න.
අද උපදින දරුවන්ට තව අවුරුදු 10ක් 15ක් යනකොට ඒ ළමයිට කියලා දෙන්න වෙනවා…පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා. ඇඳිරිනීතිය කියලා දෙන්න වෙනවා පුතේ…ඇඳිරිනීතිය කියන්නේ මේකයි කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ. බලන්නකො බොරුද කියලා. මේ තියෙන්නේ සංක්‍රාන්ති කාලයක්. මේ සංක්‍රාන්ති කාලය අවසන් වෙනවා නොවැම්බර් 14න් පස්සේ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති