
නොවැම්බර් 14න් පස්සේ රටේ ස්ට්‍රයික් නෑ... අපේ වෘත්තීය සමිති විසුරුවාහරිනවා - නිපුණආරච්චි
මෙරට මුහුණ දෙන වැඩ වර්ජන අමිහිරි අත්දැකීම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දාහතරවෙනිදායින් පසු අවසන් වන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා සඳහන් කරයි.
ඒ සඳහා පළමු පියවර තම පාර්ශවයෙන් තබමින් තම පක්‍ෂය සම්බන්ධ සියලුම වෘත්තීය සමිති විසුරුවාහරින බවද ඔහු කියා සිටී.
කැස්බෑවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, අද උපදින දරුවන්ට තව වසර 10කින් 15කින් ස්ට්‍රයික් යනු කුමක්දැයි කියාදීමට පවා සිදුවනු ඇති බවයි.
“අපේ රටේ බොහොම අමිහිරි අත්දැකීම් තියෙන්නේ. ළමයා ඉස්කෝලෙ යනවා..දවසක් ගුරුවරු ස්ට්‍රයික්, තව දවසක් විදුහල්පති ස්ට්‍රයික්, තව දවසක් අනධ්‍යන කාර්යය මණ්ඩලය ස්ට්‍රයික්, ඉස්පිරිතාලෙට යනවා බේත් ගන්න..එක දවසක් ඩොක්ටර්ස්ලා ස්ට්‍රයික්, තව දවසක් නර්ස්ලා, තව දවසක් ඇටෙන්ඩන්ට්ලා. එක දවසක් පාරට බැස්සම…ලංගම බස් ස්ට්‍රයික්, අනෙක් දවසේ පාරට බැස්සම ප්‍රයිවට් බස් ස්ට්‍රයික්… මොනවගේ ඉතිහාසයක්ද තියෙන්නේ.
අද මම කිව්වයි කියලා හිතා තියාගන්න. ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ. ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් කථාකරලා බේරගන්න.
අද උපදින දරුවන්ට තව අවුරුදු 10ක් 15ක් යනකොට ඒ ළමයිට කියලා දෙන්න වෙනවා…පුතේ ස්ට්‍රයික් එකක් කියන්නේ මේකයි කියලා. ඇඳිරිනීතිය කියලා දෙන්න වෙනවා පුතේ…ඇඳිරිනීතිය කියන්නේ මේකයි කියලා. ඒ කිසිත් නැති හොඳ රටක් මේ නිර්මාණය කරන්නේ. බලන්නකො බොරුද කියලා. මේ තියෙන්නේ සංක්‍රාන්ති කාලයක්. මේ සංක්‍රාන්ති කාලය අවසන් වෙනවා නොවැම්බර් 14න් පස්සේ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
