හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කරන්න එපා... මට නම් වරප්‍රසාද ඕනෙ නෑ... - රනිල් කියයි
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදුනොකළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තමාට කිසිදු වරප්‍රසාදයක් අවශ්‍ය නොවන අතර අනෙක් ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවය.
මාතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.
"ජනාධිපතිවරුන්ගේ ගෙවල් ඉවත් කරනවාලු. මට ප්‍රශ්නයක් නෑ. මම ගෙදරක නෙමෙයි ඉන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොනවට ද චන්ද්‍රිකා මැඩම්ව පන්නන්නේ. එයාට ඔය ගෙදර දෙන්න ඉන්න. මට විශේෂ දෙයක් නෑ. ඒත් මනුස්සකමට. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජීවිතයට ආරක්ෂාව උවමනාන්නම්, යුද්ධය අවසන් කරපු කෙනාට ඒ්ක හිතලා බලන්න. අද ඔක්කොමල්ලා කෑ ගහනවා එකම දේ කියලා. ඒක වෙන එකක්. අද ජනප්‍රිය නෑ මිනිස්සු අතර. ආරක්ෂාව ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දෙන්න ඕනේ කාටවුණත්. ඒක නවත්තන්න එපා. අනිත් අයට දෙන්නකෝ. මගේ ඒවා ඔක්කෝම අයින් කරන්නකෝ. දැන් මට නේ බනින්නේ. කෝටි 120ක් තියෙනවා නේ චීස් කාලා, කජු කාලා. ඒකට කමක් නෑ. දැන් දීලා තියෙනවා නේ පඩි වැඩි කරනවා කියලා. කියපු ඒවා කරන්නකෝ ඔක්කෝගේම සහයෝගය තියෙනවානේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති