News Category
From Date
To Date
Maximum Number of Result

ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් දුන් බව ලෝක බැංකුව කියලා...

Oct 31, 2024 at 07:51 AM
|

මාලිමා ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් ගෙන නැති බවට විජිත හේරත් අමාත්‍යතුමන් පැවසුවද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වු පසු ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් මෙරටට ලබා දුන් බව එම ආයතනයේ වෙබ් අඩවිය උපුටා දක්වමින් සර්වජන බලය කොළබ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

"තමන්ගේ ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් අරගෙන නැති බවට විජිත හේරත් ඇමතිතුමා ඊයේ කිව්වා. ඒක පට්ටපල් බොරුවක්. මම හැමෝටම ආරාධනා කරනවා www.worldbank.org කියන ලෝක බැංකු වෙබ් අඩවියට ගිහින් බලන්න. 2024 ඔක්තෝම්බර් 7දා අනුර කුමරු රජ වුණාට පස්සේ ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නු බව එහි සටහන් වෙනවා. දැන් එක්කෝ ලෝක බැංකුව බොරු කියනවා වෙන්න ඕනි. නැතිනම් ආණ්ඩුව බොරු කියනවා වෙන්න ඕනි. මේ කතා දෙකම ඇත්ත වෙන්න බෑ. ඒ නිසා බොරුව කියන්නේ ලෝක බැංකුව ද ආණ්ඩුව ද කියන එක කරුණාකරලා රටට කියන්න.

ඒ වගේම අනුර කුමරු ආණ්ඩුව ඊයේ වෙන විට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 958.75ක් ණයට අරන්. තේරෙන් භාෂාවෙන් කිව්වොත් එක මාසයකට රුපියල් කෝටි 95,875ක් ණයට අරන්. ඒ කියන්නේ එක මාසයකට එක මිනිසෙක් රුපියල් 43,600ක් ණය කරලා මේක ගිනස් වාර්තාවක් බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එන විට ආණ්ඩුවේ ණය තිබුණේ රුපියල් කෝටි 30,600යි.මේ වේගයෙන්ම දිගටම ණය ගත්තොත් ආණ්ඩුව වසර පහක් සම්පූර්ණ කරන කොට ආණ්ඩුවේ ණය තුන් ගුණයකින් ඉහළ යනවා. මේ ඉලක්කම් මගේ නොවේ.  ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව ණයක් ගත් විගස ඒ පිළිබඳ තොරතුරු ඇතුලත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. ඒවා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්.

ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වාට් නෑ අපි සල්ලි අච්චු ගැහුව්වා කියන එකයි මහ බැංකුවේ නිවේදනය සුපරික්ෂාවෙන් කියෙව්වොත් මහ බැංකුව කියන්නේ. සල්ලි අච්චු ගහනවා කියන්නේ නව මුදල් කෝට්ටු භාවිතයට එකතු කරනවා කියන එකයි. මහ බැංකුව කියන්නේ අපි ආණ්ඩුවට ණය දෙන්න සල්ලි අච්චු ගැහුව්වේ නෑ. ඒත් විදේශ විනිමය මිල දී ගැනීමටත් මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමටත් සල්ලි අච්චු ගැහුව්වා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ නව නෝට්ටු වෙළඳ පොලට නිකුත් කිරීම නම් ඒකෙන් කියැවෙන්නේ නව නෝට්ටු නිකුත් කළ පමණින් එවකට ඉන්න මුදල් ඇමතිගේ අත්සන තිබෙනවා කියලා, මොකද මහ බැංකුව ආණ්ඩුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තාම දවස් දෙකකින් මුදල් ගෙවන්න ඕනි. ආප්ප දානවා වගේ සල්ලි ක්ෂණිකව අච්චු ගහන්න බෑ. සුදු ආප්ප තුනයි, බිත්තර ආප්පයයි, පැණි ආප්පයයි කිව්වම විනාඩි දහයෙන් ආප්ප 5 ම ලෑස්තියිය. මුදල් මුද්‍රණය සංකීර්ණය කටයුත්තක්නේ. Netflix එකේ මේ සම්බන්ධව චිත්‍රපට පවා තියෙනවා. අවශ්‍ය අයට බලන්න පුළුවන්. ඒ නිසා මුදල් නෝට්ටු අච්චු ගහලා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා අවශ්‍ය වුණාම නිකුත් කරන්න. දැන් එසේ තැන්පත් කරලා තියෙන තොග අවසන් වන තුරම රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අත්සන් කල නෝට්ටු මිස අනුර කුමාර දිසානායක මහතා අත්සන් කල නෝට්ටු ලැබෙන්නේ නැ.

බැසිල් රාජපක්ෂ මහතා මාස 10ක් මුදල් ඇමති ධූරය දැරුවා. නමුත් ඔහුගේ නමින් කිසිම මුදල් නෝට්ටුවක් නිකුත් කරලා නෑ. ඒකෙන් කියැවෙන්නේ නෑ එයාගේ කාලයේ ආණ්ඩුව සල්ලි අච්චු ගහලා ණය ගත්තේ නෑ කියලා. ඒ යුගයේ භාවිතාවට නිකුත් කලේ මහින්ද රාපක්ෂ මුදල් ඇමති කාලයේ මුද්‍රණය කරලා ආරක්ෂිත ගබඩා වල තිබුණු මුදල් නෝට්ටු, ඒ නිසා ආණ්ඩුවක් මුදල් අච්චු ගහලා ණය ගත්තා ද නැද්ද කියන එක මුදල් නෝට්ටුවේ මුදල් ඇමතිගේ අත්සනින් සොයා ගන්න බෑ කියන එක විජිත හේරත් ඇමතිතුමාට පෙන්වා දෙන්න කැමතියි.

මේ යණ වේගයෙන් ණය අරගන්න ගියොත් නම් හිටපු මුදල් ඇමතිවරුනගේ අත්සන සහිතව ගබඩාවල ඇති මුදල් නොට්ටු ඉවර වෙලා අනුර කුමාර මහතාගේ අත්සන සහිත මුදල් නෝට්ටු භාවිතයට එකතුකරගෙන විජිත හේරත් මහතාගේ සිහිනය නුදුරු අනාගතයේම සැබෑවෙනු ඇතියි කියලා අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා."

මෙම මාධ්‍ය හමුව සදහා සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන සේනක මංගල ඊරියගොල්ල, කුමාර රාජරත්ත යන මහත්වරුන් ද සහභාගී විය.

– Media unit


සම්බන්ධිත පුවත් | Related News

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.