
ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් දුන් බව ලෝක බැංකුව කියලා...
මාලිමා ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් ගෙන නැති බවට විජිත හේරත් අමාත්‍යතුමන් පැවසුවද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වු පසු ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් මෙරටට ලබා දුන් බව එම ආයතනයේ වෙබ් අඩවිය උපුටා දක්වමින් සර්වජන බලය කොළබ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"තමන්ගේ ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් අරගෙන නැති බවට විජිත හේරත් ඇමතිතුමා ඊයේ කිව්වා. ඒක පට්ටපල් බොරුවක්. මම හැමෝටම ආරාධනා කරනවා www.worldbank.org කියන ලෝක බැංකු වෙබ් අඩවියට ගිහින් බලන්න. 2024 ඔක්තෝම්බර් 7දා අනුර කුමරු රජ වුණාට පස්සේ ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නු බව එහි සටහන් වෙනවා. දැන් එක්කෝ ලෝක බැංකුව බොරු කියනවා වෙන්න ඕනි. නැතිනම් ආණ්ඩුව බොරු කියනවා වෙන්න ඕනි. මේ කතා දෙකම ඇත්ත වෙන්න බෑ. ඒ නිසා බොරුව කියන්නේ ලෝක බැංකුව ද ආණ්ඩුව ද කියන එක කරුණාකරලා රටට කියන්න.
ඒ වගේම අනුර කුමරු ආණ්ඩුව ඊයේ වෙන විට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 958.75ක් ණයට අරන්. තේරෙන් භාෂාවෙන් කිව්වොත් එක මාසයකට රුපියල් කෝටි 95,875ක් ණයට අරන්. ඒ කියන්නේ එක මාසයකට එක මිනිසෙක් රුපියල් 43,600ක් ණය කරලා මේක ගිනස් වාර්තාවක් බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එන විට ආණ්ඩුවේ ණය තිබුණේ රුපියල් කෝටි 30,600යි.මේ වේගයෙන්ම දිගටම ණය ගත්තොත් ආණ්ඩුව වසර පහක් සම්පූර්ණ කරන කොට ආණ්ඩුවේ ණය තුන් ගුණයකින් ඉහළ යනවා. මේ ඉලක්කම් මගේ නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව ණයක් ගත් විගස ඒ පිළිබඳ තොරතුරු ඇතුලත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. ඒවා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්.
ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වාට් නෑ අපි සල්ලි අච්චු ගැහුව්වා කියන එකයි මහ බැංකුවේ නිවේදනය සුපරික්ෂාවෙන් කියෙව්වොත් මහ බැංකුව කියන්නේ. සල්ලි අච්චු ගහනවා කියන්නේ නව මුදල් කෝට්ටු භාවිතයට එකතු කරනවා කියන එකයි. මහ බැංකුව කියන්නේ අපි ආණ්ඩුවට ණය දෙන්න සල්ලි අච්චු ගැහුව්වේ නෑ. ඒත් විදේශ විනිමය මිල දී ගැනීමටත් මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමටත් සල්ලි අච්චු ගැහුව්වා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ නව නෝට්ටු වෙළඳ පොලට නිකුත් කිරීම නම් ඒකෙන් කියැවෙන්නේ නව නෝට්ටු නිකුත් කළ පමණින් එවකට ඉන්න මුදල් ඇමතිගේ අත්සන තිබෙනවා කියලා, මොකද මහ බැංකුව ආණ්ඩුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තාම දවස් දෙකකින් මුදල් ගෙවන්න ඕනි. ආප්ප දානවා වගේ සල්ලි ක්ෂණිකව අච්චු ගහන්න බෑ. සුදු ආප්ප තුනයි, බිත්තර ආප්පයයි, පැණි ආප්පයයි කිව්වම විනාඩි දහයෙන් ආප්ප 5 ම ලෑස්තියිය. මුදල් මුද්‍රණය සංකීර්ණය කටයුත්තක්නේ. Netflix එකේ මේ සම්බන්ධව චිත්‍රපට පවා තියෙනවා. අවශ්‍ය අයට බලන්න පුළුවන්. ඒ නිසා මුදල් නෝට්ටු අච්චු ගහලා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා අවශ්‍ය වුණාම නිකුත් කරන්න. දැන් එසේ තැන්පත් කරලා තියෙන තොග අවසන් වන තුරම රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අත්සන් කල නෝට්ටු මිස අනුර කුමාර දිසානායක මහතා අත්සන් කල නෝට්ටු ලැබෙන්නේ නැ.
බැසිල් රාජපක්ෂ මහතා මාස 10ක් මුදල් ඇමති ධූරය දැරුවා. නමුත් ඔහුගේ නමින් කිසිම මුදල් නෝට්ටුවක් නිකුත් කරලා නෑ. ඒකෙන් කියැවෙන්නේ නෑ එයාගේ කාලයේ ආණ්ඩුව සල්ලි අච්චු ගහලා ණය ගත්තේ නෑ කියලා. ඒ යුගයේ භාවිතාවට නිකුත් කලේ මහින්ද රාපක්ෂ මුදල් ඇමති කාලයේ මුද්‍රණය කරලා ආරක්ෂිත ගබඩා වල තිබුණු මුදල් නෝට්ටු, ඒ නිසා ආණ්ඩුවක් මුදල් අච්චු ගහලා ණය ගත්තා ද නැද්ද කියන එක මුදල් නෝට්ටුවේ මුදල් ඇමතිගේ අත්සනින් සොයා ගන්න බෑ කියන එක විජිත හේරත් ඇමතිතුමාට පෙන්වා දෙන්න කැමතියි.
මේ යණ වේගයෙන් ණය අරගන්න ගියොත් නම් හිටපු මුදල් ඇමතිවරුනගේ අත්සන සහිතව ගබඩාවල ඇති මුදල් නොට්ටු ඉවර වෙලා අනුර කුමාර මහතාගේ අත්සන සහිත මුදල් නෝට්ටු භාවිතයට එකතුකරගෙන විජිත හේරත් මහතාගේ සිහිනය නුදුරු අනාගතයේම සැබෑවෙනු ඇතියි කියලා අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා."
මෙම මාධ්‍ය හමුව සදහා සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන සේනක මංගල ඊරියගොල්ල, කුමාර රාජරත්ත යන මහත්වරුන් ද සහභාගී විය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
