මිග් යානා ගනුදෙනුවේ CID පරීක්ෂණ කඩිනම් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා 8ක් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන ගණනක මහ පරිමාණ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කඩිනම් කර ඇතැයි නීතිපතිවරයා, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (30 වැනිදා) දැනුම් දුන්නේය.
2006 වසරේදී සිදුවූ මෙම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබූ අතර, ඊට අදාළ නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම කරුණු කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළ ප්‍රශ්නගත මිග් යානා 8 මිලදී ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලෙස නම් කර ඇති සිංගප්පූරු ජාතිකයන් දෙදෙනකුට නිකුත් කර ඇති නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න ඉල්ලා සිටියේය.
එම සැකකරුවන් දෙදෙනා විමර්ශනය සඳහා සහාය වීමට මෙරටට පැමිණීමට සූදානමින් සිටින හෙයින් ඔවුන්ට එරෙහිව නිකුත් කර තිබෙන නිල් නිවේදනය ආපසු කැඳවන ලෙසද ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න ඉල්ලා සිටියේය.
‘මෙම නඩුව ආරම්භ කර ඇත්තේ 2015 වසරේදීයි. මීට අදාළ ගනුදෙනුව සිදුවී ඇත්තේ 2006 වසරේදීයි. ලංකාවේ පැවැති යුදමය වාතාවරණය යටතේ මෙම මිග් යානා මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතුකර තිබෙනවා. රජය විසින් මෙවැනි මිලදී ගැනීමක් කරනවා නම් නිසි පරිදි ටෙන්ඩර් පටිපාටියක් තිබිය යුතුයි. නමුත් මෙහි ටෙන්ඩර් කැඳවීම අවලංගු කර තිබෙනවා. මෙතනින් තමයි හොරකම පටන් ගන්නේ. මෙම ගනුදෙනු කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුක්රේන් රජය විසිනුයි. මෙම විමර්ශනය 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළත් 2024 වනතුරු වසර 9ක්. ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා ගන්න බැරි වුණා. මෙය ඩොලර් මිලියන 14ක ගනුදෙනුවක්. නමුත් ඊට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව තිබූ ගිවිසුමක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනතෙක් කිසිදු සැකකරුවකු අධිකරණයට වෙත ඉදිරිපත් කර නැහැ. මෙම සිද්ධියට අදාළ ටෙන්ඩර් පටිපාටිය අවලංගු කර පුද්ගලයන් උසාවියට මෙතෙක් රැගෙන විත් නැහැ. පැහැදිලි සාක්ෂි තිබියදී විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. සාක්ෂිකරුවන් නඩුවල විත්තිකරුවන් බවට පත්කිරීම නිසා අපරාධ නඩුවලින් විත්තිකරුවන් 85%ක් නිදහස් වෙනවා. වසර 9ක් ගත වෙලත් මිග් යානා වංචාවට අදාළ විත්තිකරුවන් සොයා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට බැරි නම් වැඩක් තියෙනවා දැයි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මාගේ සේවාදායකයින් දෙදෙනා කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා රජයට සල්ලි දෙන්න පමණයි. මිග් යානා ගන්න සල්ලි නොතිබුණු නිසා ඔවුන් දී තිබෙනවා. මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය නම් මාගේ සේවාදායකයින් දෙදෙනා සාක්ෂිකරුවන් බවට පත් කළ යුතුයි. අවශ්‍ය නම් සූම් තාක්ෂණය ඔස්සේ ඔවුන් කටඋත්තර දෙන්න කැමැතියි. එම නිසා ඔවුන්ට එරෙහිව නිකුත් කර ඇති නිල් නිවේදනය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
එම ඉල්ලීමට රජයේ නීතිඥවරයා සිය විරුද්ධතාවය පළ කළ අතර ඒ අනුව අදාළ නිල් නිවේදනය ආපසු කැඳවන ලෙස කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති