
විදුලිබල පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ඉල්ලා පෙත්සම් 7ක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන මේ වන විට පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ෂව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම් අද ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, මෙම පෙත්සම් පිළිබඳ විභාගය ලබන11 වන දා ආරම්භ කරන බවය.
එදින මෙම පෙත්සම් ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.
මෙම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ, යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවය.
තවද සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි විධානයක් මෙම පනත් කෙටුම්පතේ සඳහන් වී නොමැති බවත් පෙත්සම්වලින් චෝදනා කර තිබේ.
එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙයි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
