
ආරුගම්බේ සිද්ධියට මාලදිවයින් ජාතිකයෙක් ඇතුළුව සැකපිට හයක් අල්ලලා – අල්ලපු හයටමට දින 90ක රැඳවුම් නියෝග
විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල අනුදැනුම මත, සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රට තුළ ප්‍රහාරයක් සැලසුම් කළ බවට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය.
ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත සැකකරුවන් දින 90ක රැඳවුම් නියෝග යටතේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ආරුගම්බේ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන පිළිබඳ රහස්‍ය වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේකර වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ විධිවිධාන යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යෑමට මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විදෙස් සංචාරකයන් බහුලව ගැවසෙන කලාපයක් ඉලක්ක කර ගනිමින් සැලසුම් කර ඇති ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවට අදාළ විශේෂ මෝසමක් ගොනුකරමින් රපොලිසිය මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සහ විශේෂ වාර්තාව සමාලෝචනය කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය නියමිත වේලාවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර විමර්ශන ගොනුව සටහන් කර තැබීය.
මේ අතර, ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.
සඳුදා (28) මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
