ලෝක උරුම ලෙස ස්ථාන 8 ක් නම්කර ඇති රටේ ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නැහැ
ශ්‍රී ලංකාවේ මේ වනවිට ලෝක උරුම ලෙස ස්ථාන 8 ක් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එහෙත් ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නැති බව ජාතික උරුමයන් සුරැකීම උදෙසා වූ පාර්ලිමේන්තු සංසදයේදී එහි සභාපතිවරයා අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ දෙලක්ෂ පනස් දහසකට අධික පුරා වස්තූන් ප්‍රමාණයක් පවතින බවද, මේ මොහොත වනවිට වාර්තා කර ඇත්තේ ඉන් දාහත් දහසකට අධික පුරාවිද්‍යාත්මක වස්තූන් ප්‍රමාණයක් පමණක් බවද සංසදය හමුවේ කරුණු දක්වමින් ජාතික සංවිධාන ප්‍රධානීන් එහිදී පවසා තිබේ.
ජාතික උරුම සුරැකීම වෙනුවෙන් ඒ සඳහා ස්ථාපිත වී ඇති සියලු ආයතන ඒකාබද්ධව නියාමන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ද ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන් විසින් සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කර ඇත.
ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සිවුවැනි සභාවාරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, මතුගම සෙනෙවිරුවන්, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සේනරත් බණ්ඩාර දිසානායක, වෛද්‍ය ගාමිණී ජයවීර, මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය, සුනිල් චන්ද්‍රකුමාර, එස්. කේ. සේනානායක යන මහත්වරුන් ද සහභාගි වූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වී සඳහා සහතික මිල නියම කිරීමට නොහැකිව ආණ්ඩුව බරපතළ අමාරුවක
සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන දෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක
ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි