පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලිහ් පවසන්නේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට රජය අත්සන් තබා ඇති බවට ජනමාධ්‍ය වාර්තා තිබියදීත්, ඔහුගේ දැනුමට අනුව, එවැනි පියවරක් දැනට ක්‍රියාත්මක නොවන බවයි.
‘ඩේලි මෝර්නින්’ සමග අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ, එවැනි කිසිදු පියවරක් පිළිබඳව පාර්ලිමේන්තුවට හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තමාව දැනුවත් කර නොමැති බවයි.
මෙම ප්‍රකාශ නිකුත් වන්නේ, විනිසුරු කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට අධික සංඛ්‍යාවක් අත්සන් කර ඇති බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ අත්සන් දැනටමත් ලබාගෙන ඇති බව තහවුරු කර ඇති බවත් ප්‍රකාශ කරන ජනමාධ්‍ය වාර්තා මධ්‍යයේ ය.
එසේම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ද වාර්තා වේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව විනිසුරු කරුණාරත්න මේ මස අවසානයේ සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 වන බැවින් පසු ඔහු මේ වසරේ ජුනි 16 වැනි දින විශ්‍රාම යෑමට නියමිතව සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා