කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ, විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසයි.
විදුලිබල පනතේ සඳහන් වන්නේ වියදමට සරිලන විදුලි බිලක් ස්ථාපිත කළ යුතු බව යැයි කී හෙතෙම ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම යන ආයතන දෙකම මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටතේ යැයි අවධාරණය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය නිර්දේශ ලෙස හඳුන්වමින්ද එම නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බව සඳහන් කරමින් ලංවීම නිවේදනයක් නිකුත් කිරීම ගැන කළ විමසීමට පිළිතුරු දෙමිනි.
සමස්තයක් ලෙස සියලුම කාණ්ඩවලට අයත් විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙරේදා (17දා) තීන්දුවක් ගත් අතර එය එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යැයිද එම කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා කොළඹදී නිල වශයෙන් මාධ්‍ය හමුවේ පැවැසීය.
මහජන උපයෝගිතා කොමිසම මෙම තීරණය ගත්තේ 2025 මුල් මාස 6 සඳහා මෙතෙක් පැවැති ගාස්තු එලෙසම පවත්වාගෙන යෑම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ පසු බිමකය.
මෙසේ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධන යෝජනාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රති යෝජනාව හා ඒවා සම්බන්ධයෙන් සිදු කළ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලිය ගාස්තු 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තීරණය කළ බව ඔහු කීය.
ඒ අනුව සිකුරාදා දින (17දා) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය වන බව කීවේ මේ අයුරිනි.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 – 30 අතර සියයට 29 කින්, ඒකක 31 – 60 අතර සියයට 28කින්, ඒකක 61 – 90 අතර සියයට 19කින්, ඒකක 91 -180 අතර සියයට 18 කින්, ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ විදුලිය ගාස්තුව සියයට 19 කින් අඩු කෙරෙන බවත්, පොදු කාර්ය කාණ්ඩය සඳහා සියයට 12කින්ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 11 කින්ද, හෝටල් සඳහා සියයට 31 කින්ද, කර්මාන්ත සඳහා සියයට 30 කින්ද, ආගමික හා පුණ්‍යායතන සඳහා සියයට 21 කින්ද, වීථී ලාම්පු සඳහා සියයට 11 කින්ද ගාස්තු අඩු කර ඇති බව ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.
නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඒකක 0 – 30 අතර ගෘහස්ථ කාණ්‍ඩයේ රුපියල් 100ක් වූ මාසික ගාස්තුව රුපියල් 75 දක්වාත්, ඒකකයක් සඳහා අය කළ රුපියල් 6ක් වූ ගාස්තුව රුපියල් 4ක් දක්වා අඩු වන බවත් ඒකක 31 60ත් අතර රුපියල් 250ක් වූ මාසික ගාස්තුව රුපියල් 200 දක්වාත්, ඒකකයත් සඳහා අය කළ රුපියල් 9ක් වූ ගාස්තුව රුපියල් 4 දක්වාත් අඩු වන බවත් හෙතෙම සඳහන් කළේය.
පනතේ ප්‍රතිපාදන අනුව අවසාන නිගමනය මෙය වන අතර, සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට නීත්‍යනුකූලව මෙම විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත්, නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බැඳී සිටින බවත් සඳහන් කළේය.
ලෙකෝ විදුලි පෞද්ගලික සමාගම පෙර ගෙවුම් ගාස්තු ක්‍රමයක් යෝජනා කර තිබූ බවත් එය අප්‍රේල් මාසයේදී පමණ ක්‍රියාත්මක විය හැකි බවත් සඳහන් කළ ඒ මහතා ඊට කැමැති ලෙකෝ විදුලි පාරිභෝගිකයන්ට මෙම ක්‍රමයට අනුගත විය හැකි බවත් පැවැසීය.
මෙය සරල ක්‍රමයක් බවත් පෙර ගෙවුම් අනුව ඒකක 90 ඒකකයක් සඳහාම රුපියල් 14ක්ද, ඒකක 90 වැඩි ඒකකයක් සඳහා රුපියල් 52ක ගාස්තුවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ බවද කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා