ඉන්දියානු, චීන ආයෝජන සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ස්ථාවරය වෙනස් කිරීම ගැන සන්තෝසයි - නාමල් රාජපක්ෂ
ඉන්දියානු, චීන ගනුදෙනු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ස්තුතිය පළ කරන බව පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සහ චීනයේ සාර්ථක සංචාර නිම කිරීම ගැන ප්‍රශංසා කරන අතර, ජාතික ජන බලවේගය මීට පෙර “දූෂිත” යැයි විවේචනය කළ ඉන්දීය සහ චීන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කළේය.
"පසුගිය ආණ්ඩු සමයේදී, මෙම චීන සහ ඉන්දියානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උනන්දු වූ විට, මෙම සමාගම් ආන්දෝලනාත්මක, දූෂිත යනාදී ලෙස හුවා දක්වමින් ඊට එරෙහිව නැගී සිටියේ ජාතික ජන බලවේගයයි. කෙසේ වෙතත්, දැන් ඔවුන් විසින්ම එම රටවල් සමග ගිවිසුම් අත්සන් කිරීමේ ගෞරවය ඉල්ලා සිටින බවත් " මන්ත්‍රීවරයා පැවසීය.
එදා ඔවුන් මෙම සෘජු විදේශ ආයෝජනවලට විරුද්ධ වූයේ ඇයිද යන්න සහ ඔවුන් මෙම ඉන්දීය සහ චීන සමාගම්වල ප්‍රතිරූපය විනාශ කළේ මන්දැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවට පැහැදිලි කළ යුතු බව ද රාජපක්ෂ මහතා පැවසීය. එමෙන්ම ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද යන්න පැහැදිලි කළ යුතුයැයිද ," මන්ත්‍රීවරයා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි
එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය
සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්