අයවැයෙන් 55%ක් වෙන්කරන්නේ ණය ගෙවන්න... වැට් බද්ධ 18%ක් වෙනතුරු වැඩි කරන්නත් වුණා - ජනපති රනිල් කියයි
ඉදිරි අයවැයෙන් 55%ක කොටසක් වෙන්කර ඇත්තේ ණය පොලී ගෙවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති උත්සවයකට එක්වෙමිනි.
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළ අද පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"මේ සැරේ අයවැය කරන්නේ අමාරු තත්ත්වකින් ණයකරුවන්ගේ බේරිලා ඉදිරියට යායුතුයි. අපිට ණය ගෙවන්න කල් දුන්නාට ණය ආපසු ගෙවන්න ශක්තිය තියෙනවාද කියලා බලනවා. අපි අයවැයෙන් විශ්වාසය දිනාගත යුතුයි. අපිට ණය ගෙවන්න පුළුවන් කියලා ඉදිරි අයවැයෙනුත් ණය පොලී ගෙවන්න කොටසක් වෙන්කළා. ණය පොලී සඳහා අයවැයෙන් 55%ක් වෙන්කළා. රු.බිලියන 2500ක් ණය පොලිය ලෙස ගෙවිය යුතුයි. රුපියලේ වටිනාකම ආරක්ෂා කරගෙන ගෙවිය යුුතුයි. රුපියල වැටෙන්න බැහැ, මුදල් මුද්‍රණය කරන්න බැහැ, බැංකුවෙන් ණය ගන්නත් බැහැ, අත් දෙකම බැදලා අත් බැදගෙනයි මේක ගෙවන්න ඕනේ. වැට් බද්ධ 18%ක් වෙනතුරු වැඩි කරන්න වුණා. ඡන්දයක් ළඟ තියෙද්දි මෙය කිරීම අමාරුයි. නොකෙරුවොත් සියලුදෙනාගේම අනාගතය නැති වෙනවා"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වී සඳහා සහතික මිල නියම කිරීමට නොහැකිව ආණ්ඩුව බරපතළ අමාරුවක
සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන දෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක
ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි