දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය මඟින් පත් කළ විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව ඊයේ (31) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත බාර දී තිබේ.
ඒ අනුව එම විශේෂඥ වෛද්‍ය කමිටු වාර්තාව සහ මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.
ඒ අනුව ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් හේතුවෙන් සිදු වී ඇති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බව පැවසූ මහේස්ත්‍රාත්වරිය, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින් ගේ මතය මෙම තීන්දුව දීම සඳහා පදනම් කරගත් බව මසේත්‍රාත්වරිය සඳහන් කරයි.
එම කමිටුවේ සාමාජිකයන් ගේ මතය 04ට 01ක් ලෙස සඳහන් ව තිබූ බව ද මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ පැවසීය.
පැමිණිල්ල මාර්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරුණු අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මේ අතර, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණය ගැන සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව මඟින් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, මරණය සිදු ව ඇත්තේ, සයනයිඩ් ශරීරගත වීමකින් ද නැතහොත් ගෙල සිර කිරීමකින් ද යන්න පිළිබඳවයි.
ඒ අනුව සිදු කළ සොයා බැලීමේ දී අනාවරණ වී ඇත්තේ, ෂාෆ්ටර් මහතා රෝහල්ගත කරන විටත් ඔහු ගේ හෘදය වස්තුව අකර්මණ්‍ය වී තිබූ බවයි.
ඒ අනුව හෘදය වස්තුව අකර්මණ්‍ය වීම සයිනයිඩ් ශරීරගත වීමෙන් සිදු ව නොමැති බවට කමිටුව නිගමනය කර තිබේ.
අනතුරු ව ෂාෆ්ටර් මහතා ගේ දේහය ගොඩගෙන සිදු කළ පටක පරීක්ෂාවේ දී ගෙලෙහි හා මුහුණෙහි වූ සීරීම් තුවාල හේතුවෙන් කමිටුව තීරණය කර ඇත්තේ, ගෙලෙහි ඇති වූ පීඩනයක් හේතුවෙන් හෘදය වස්තුව අකර්මණ්‍ය වී ඇති බවයි.
ෂාෆ්ටර් මහතා ගේ මුඛයෙන් සයනයිඩ් ශරීරගත වී ඇති නමුත් මරණය සිදුවීම සඳහා ප්‍රමාණවත් සයනයිඩ් ප්‍රමාණයක් ශරීරගත වී නොමැති බවත් අදාළ වාර්තාවේ සඳහන්ය.
කෙසේ වෙතත් ෂාෆ්ටර් මහතා ගේ ගෙල සිරකිරීම තන්තුවක් යොදා ගනිමින් සිදු කළේ ද නැතහොත් අතකින් සිදු කළේ ද යන්න නිශ්චිත ව සඳහන් කළ නොහැකි බව කමිටු වාර්තාවේ දැක්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වී සඳහා සහතික මිල නියම කිරීමට නොහැකිව ආණ්ඩුව බරපතළ අමාරුවක
සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන දෙනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක
ජෙරොම්ට එරෙහිව තවත් පැමිණිලි බාරගන්නවා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි
කොළඹ දේශපාලනය හරහා දියත්වන ජාත්‍යන්තර ආක්‍රමණයන් පරාජය කිරීමට දේශප්‍රේමීත්වය පෙරට දමා ජාතික සංවිධාන නැගීසිටිය යුතුයි - ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ (වීඩියෝ)
කවුරු කිව්වත් විදුලිබිල අඩු කරන්නේ මුදල් ඇමතිගේ අනුමැතිය ලැබුණොත් පමණයි - විදුලිබල මණ්ඩලයේ සභාපති
මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා - බලශක්ති ඇමති කියයි
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි