
ගෝලීය ආහාර අනාරක්ෂිත භාවය බටහිර නීති විරෝධී සහ අඥාන සම්බාධකවල ප්‍රතිඵලයක් -ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන්
සැප්තැම්බර් 08 වනදාට සැමරිමට නියමිත මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සහයෝගීතා දිනය නිමිත්තෙන් සහ රුසියාවේ පළමුවන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ටාස් (TASS ) ප්‍රවෘත්ති සේවයේ 120 වන සංවත්සරය සැමරීම සඳහා ඊයේ (03 ) කොළඹ රුසියානු තානාපති කාර්යාලය සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලදී.
මාධ්‍යවේදීන් සමඟ ඉතාමත් සුහදව පැවැති සංවාදය අතරතුර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා ටාස් ප්‍රවෘත්ති සේවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කරුණු විදහා දැක්වීය. එලෙසම කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන න්‍යාය පත්‍රයේ උණුසුම් කරුණු පිළිබඳවද අදහස් දැක්වීමට රුසියානු තානාපතිවරයා කටයුතු කළේය.
එහිදී තානාපතිවරයා රුසියානු- යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වීය. රුසියාවට දේශසීමාවේ පිහිටි ප්‍රදේශවල සිවිල් ජනතාව අඛණ්ඩව භීතියට පත් කරන කියෙව් පාලනයේ ම්ලේච්ඡ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර ඔහු හෙළා දැකීමටද ඔහු කටයුතු කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ රුසියානු තානාපතිවරයා ගෝලීය ආහාර අනාරක්ෂිත භාවය බටහිර නීති විරෝධී සහ අඥාන සම්බාධකවල ප්‍රතිඵලයක් ලෙස මතු වූ තත්වයක් බවද පෙන්වා දුන්නේය. මෙවැනි නව යටත් විජිතවාදී භාවිතයන් ගෝලීය දකුණට දැඩි ලෙස අහිතකර වන අතර ඒවා වහා නැවැත්විය යුතු බවද එතුමා අවධාරණය කළේය.
උත්සව සභාව මෙහෙයවීම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මෙන්ම රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මාරියා එල් පොපෝවා මැතිණිය විසින් සිදු කරණු ලැබීය.
ලෝකයේ පැරණිතම සහ විශාලතම මාධ්‍යවේදීන්ගේ සංගමය වන්නේ මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානයයි ((International Organization of Journalists-ILO)). එම සංගමයේ 1958 දී බුකාරෙස්ට් හිදී පැවැති හතරවන සම්මේලනයේදී සෑම වසරකම සැප්තැම්බර් 8 වනදා මාධ්‍යයවේදීන්ගේ ජාත්‍යන්තර සහයෝගිතා දිනය ලෙස නම් කරනු ලැබීය.
ඔවුන් මෙම දිනය තෝරාගෙන ඇත්තේ නාසීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ චෙකොස්ලෝවැකියානු මාධ්‍යවේදියෙකු, සාහිත්‍ය හා නාට්‍ය විචාරකයෙකු වන ෆැසිස්ට් විරෝධී ජුලියස් ෆුචික් බර්ලිනයේදී ඝාතනය කරනු ලැබූ දිනය සිහිපත් කිරීමටය.
ජුලියස් ෆුචික් සිරගතව සිටියදී, ඔහු Notes from the Gallows ග්‍රන්ථය ලිවීය.(සුනිල් මාධව ප්‍රේමතිලක මහතා විසින් මෙම ග්‍රන්ථය "පෝරකයේ සටහන්" නමින් සිංහලට පරිවර්ථනය කළේය.). මෙම ග්‍රන්ථය ලිවීම වෙනුවෙන් ඔහුට ජාත්‍යන්තර සාම ත්‍යාගය (මරණින් පසු) පිරිනමන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
