ගෝලීය ආහාර අනාරක්ෂිත භාවය බටහිර නීති විරෝධී සහ අඥාන සම්බාධකවල ප්‍රතිඵලයක් -ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන්
සැප්තැම්බර් 08 වනදාට සැමරිමට නියමිත මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සහයෝගීතා දිනය නිමිත්තෙන් සහ රුසියාවේ පළමුවන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන ටාස් (TASS ) ප්‍රවෘත්ති සේවයේ 120 වන සංවත්සරය සැමරීම සඳහා ඊයේ (03 ) කොළඹ රුසියානු තානාපති කාර්යාලය සහ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලදී.
මාධ්‍යවේදීන් සමඟ ඉතාමත් සුහදව පැවැති සංවාදය අතරතුර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා ටාස් ප්‍රවෘත්ති සේවයේ ඉතිහාසය සම්බන්ධයෙන් කරුණු විදහා දැක්වීය. එලෙසම කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන න්‍යාය පත්‍රයේ උණුසුම් කරුණු පිළිබඳවද අදහස් දැක්වීමට රුසියානු තානාපතිවරයා කටයුතු කළේය.
එහිදී තානාපතිවරයා රුසියානු- යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වීය. රුසියාවට දේශසීමාවේ පිහිටි ප්‍රදේශවල සිවිල් ජනතාව අඛණ්ඩව භීතියට පත් කරන කියෙව් පාලනයේ ම්ලේච්ඡ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර ඔහු හෙළා දැකීමටද ඔහු කටයුතු කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ රුසියානු තානාපතිවරයා ගෝලීය ආහාර අනාරක්ෂිත භාවය බටහිර නීති විරෝධී සහ අඥාන සම්බාධකවල ප්‍රතිඵලයක් ලෙස මතු වූ තත්වයක් බවද පෙන්වා දුන්නේය. මෙවැනි නව යටත් විජිතවාදී භාවිතයන් ගෝලීය දකුණට දැඩි ලෙස අහිතකර වන අතර ඒවා වහා නැවැත්විය යුතු බවද එතුමා අවධාරණය කළේය.
උත්සව සභාව මෙහෙයවීම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මෙන්ම රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මාරියා එල් පොපෝවා මැතිණිය විසින් සිදු කරණු ලැබීය.
ලෝකයේ පැරණිතම සහ විශාලතම මාධ්‍යවේදීන්ගේ සංගමය වන්නේ මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානයයි ((International Organization of Journalists-ILO)). එම සංගමයේ 1958 දී බුකාරෙස්ට් හිදී පැවැති හතරවන සම්මේලනයේදී සෑම වසරකම සැප්තැම්බර් 8 වනදා මාධ්‍යයවේදීන්ගේ ජාත්‍යන්තර සහයෝගිතා දිනය ලෙස නම් කරනු ලැබීය.
ඔවුන් මෙම දිනය තෝරාගෙන ඇත්තේ නාසීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ චෙකොස්ලෝවැකියානු මාධ්‍යවේදියෙකු, සාහිත්‍ය හා නාට්‍ය විචාරකයෙකු වන ෆැසිස්ට් විරෝධී ජුලියස් ෆුචික් බර්ලිනයේදී ඝාතනය කරනු ලැබූ දිනය සිහිපත් කිරීමටය.
ජුලියස් ෆුචික් සිරගතව සිටියදී, ඔහු Notes from the Gallows ග්‍රන්ථය ලිවීය.(සුනිල් මාධව ප්‍රේමතිලක මහතා විසින් මෙම ග්‍රන්ථය "පෝරකයේ සටහන්" නමින් සිංහලට පරිවර්ථනය කළේය.). මෙම ග්‍රන්ථය ලිවීම වෙනුවෙන් ඔහුට ජාත්‍යන්තර සාම ත්‍යාගය (මරණින් පසු) පිරිනමන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි