
ඉදිරි ජනපතිවරණයට මොකද වෙන්නේ? - තීන්දුව අද
ජනමත විචාරණයක් පවත්වා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කරගන්නාතුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේදී සලකා බැලීම සඳහා කැඳවීමට නියමිත අතර එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන්නේද නැතිද යන ශ්‍රේෂ්ඨාධිකරණය අද (15දා) ලබාදෙනු ලබන තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම තීරණය කෙරෙනු ඇත.
නීතියක් ලෙස සලකනු ලබන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් 70 (5) ව්‍යවස්ථාව සහ 33 (2) ඇ ව්‍යවස්ථාව යටතේ 2018 නොවැම්බර් 9 වන දින අංක 2096/70 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර එයට එරෙහිව පවරනු ලැබූ අංක 351/ 2018 මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 7 පුද්ගල විනිසුරු මඬුල්ලක් 2018.12.13 වන දින තීන්දුවක් ලබාදී තිබිණි. එකී තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) සහ 33 (2) ඈ ව්‍යවස්ථා යටතේ 2018.11.9 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය බලාත්මක නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ඇ ව්‍යවස්ථාව අභිභවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ක්‍රියාත්මක වන හෙයින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19 වන වගන්තිය ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව 2/3කට නොඅඩු පක්‍ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් මගින් නීතියක් කර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව වැරදි බවත් එය මේ දක්වා නීතියක් වී නැති බවත් 2018.12.13 දින දැනගත් පසු එයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව අනුව සුදුසු පියවර ගැනීමට තිබූ බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ 2018.12.13 දිනයෙන් පසු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පනත් කෙටුම්පතක් වන හෙයින් එය නීතියක් බවට පත්වීමට අවශ්‍ය ජනමත විචාරණය පැවැත්වීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79, 80 ව්‍යවස්ථා අනුව සුදුසු පියවර ගැනීමට අදාළ කටයුතු තිබීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ක්‍රියා කර නොමැති බවත් එම පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
