News Category
From Date
To Date
Maximum Number of Result

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය නිවැරදියි... වඩා නිවැරදි වීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක්ද පවතිනව - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

Jul 3, 2024 at 01:10 PM
|

මහචාර්ය ගෝමික උඩුගමසූරිය කණ්ඩායම ජාතික ජන බලවේගයේ ආරාධනයෙන් ඔවුන්ගේ "රිසර්ච් සහ ඩිවලප්මන්ට් පොලිසිය" සාදා ඇති බවත් එය ජනගත කිරීම ඊට සුදුසු ප්‍රචාරයක් දී සිදුකිරීම ඉතා නිවැරදි බවත් එසේම වඩා නිවැරදිව කිරීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක්ද පවතින බවත් යසස් ධර්මදාස මහතා පවසයි. 

මේ සම්බන්ධයෙන් ඒ මහතා සිදුකරන  සම්පූර්ණ ප්‍රකාශය පහළින්,

"මහාචාර්ය ගෝමිකයන් විසින් ජාතික ජන බලවේගය වෙනුවෙන් ඔවුන් විසින් සම්පාදිත තාක්ෂණික කටයුතු සඳහා වන "රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්" ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය දින උත්කර්ශවත් ලෙසින් එලි දක්වන ලදී. එහිදී ප්‍රධාන දේශණයේදී ඔහු සඳහන් කලේ නෑ එය ජාතික ජන බලවේගයේ ඉල්ලීම පරිදි සිදුකරන ලද බව. එසේ ඉල්ලීමක් නොකර ස්වාධීනව ඉදිරිපත් කරන ලද්දක් වෙනත් කණ්ඩායමක් සතුකර ගැනීමේ උත්සාහයක් ඇත්නම් එය බුද්ධිමය දේපොළ හොරකමක් ලෙසයි මා කලින් සඳහන් කරේ. ප්‍රධාන දේශණයෙන් බැහැරව ගෝමිකයන් විසින් සිදුකරන ප්‍රකාශයේදී එතුමා පවසනව අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම අනුව ඔහු ඇතුළු විද්වතුන් කණ්ඩායමක් විසින් එම ප්‍රතිපත්ති මාලාව සම්පාදනය කළ බව. එබැවින් මෙහිදී බුද්ධිමය දේපොළ වංචාවක් සිදුව නැහැ. එබැවින්, මහාචාර්ය ගෝමිකයන් ඇතුළු කණ්ඩායම මෙහිදී අනුගමනය කළ ක්‍රියාව නිවැරදියි. තම කණ්ඩායම විසින් සම්පාදිත "රිසර්ච් ඇන්ඩ් ඩ්වලොප්මන්ට් සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය" අති උත්සවාකාරයෙන් ඊට අනුග්‍රහය දැක්වූ පාර්ශවයේ වේදිකාවකදී එලි දැක්වීම ඉතාමත්ම යෝග්‍ය සහ නිවැරදි කටයුත්තක්.

ඉදිරිපත් කර ඇති ලියවිල්ලේ කුමන අඩු ලුහුඬුකම් තිබුනිද එය, එනම් එළිදැක්වීමේ ක්‍රියාවලිය, මවිසින් විශේෂයෙන් මෙහි සඳහන් කරන්නේ අපට අතීතයේදී නිවැරදිව කිරීමට නොහැකිවූ කාර්‍යයක් ගෝමිකයන් ඇතුලු කණ්ඩායම තරමක් දුරට හෝ නිවැරදිව කර ඇති බව පෙනෙන නිසා සහ එය තවදුරටත් නිවැරදිව කිරීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක් පවතින බැවිනුයි.

අඩු ලුහුඬු කම් ලෙස මට ප්‍රථමයෙන්ම පෙනුනෙ ශ්‍රී ලංකවේ "රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්" වෙනුවෙන් වෙන්කර ඇති මුදල පිළිබඳව කර ඇති සන්සංදනයයි. ඇත්ත වශයෙන්ම එම මුදල් ප්‍රතිශතය දල දේශීය නිශ්පාදනයට සාපේක්ෂව 0.12% වන්නේ 2020 වසරේදී ඒ සඳහා වියදම් කර ඇති මුදලයි. ඒ වසරේදී ඉන්දියාව විසින් වියදම් කර තිබුනේ 0.64% ක ප්‍රමාණයක්. ඔබ දන්නව 2020 වසර කියන්නෙ ශ්‍රී ලංකාවට ඉතාමත්ම උවදුරු සහිත වසරක්. ඊට මුළු ලෝකයට බලපා තිබුන කොවිඩ් වසංගත තත්ත්වයට අමතරව 2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ දරුණු වැටීමත් යහපාලන රජයේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය හමුවේ සංවර්ධන දර්ශකය සෘණ අගයක් කරා රැගෙන යමින් තිබූ වර්ෂයක් ලෙසත් සටහන්ව තිබීමයි. එවන් වාතාවරණයක් ඉන්දියාවේ පැවතුණේ නෑ. එබැවින් "රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්" සඳහා දල දේශීය නිශ්පාදනයෙන් 0.12% හෙවත් රුපියල් මිලියන 18 දාහකට වැඩිය වියදම් කිරීමට හැකිවීම ජයග්‍රහණයක් ලෙස දැකිය හැකියි. ඒ වසරේදී මාස හතරක කාලයකට රට වසා තබා තිබුන බවත් අමතක කළ නොහැකියි. 

අනෙක් කාරණා වන්නේ ශ්‍රී ලංකාවේ "සංචාරක ව්‍යාපාරය" දියුණු කිරීම සඳහා සිදුකළ යුතු "R&D" පිළිබඳව සාධනීය කිසිවක් එහි සඳහන් නොකිරීමයි. ගොවිතැන යටතේ සංචාරක කලාප සිතියම් ගත කරන්නේ යැයි පමණක් සඳහන් වීම සෑහේ යැයි සිතන්න අපහසුයි. අප දුටුව අනුර කුමාර දිසානායක මහතාගේ කැනඩා සංචාරයේදී එතුමාගෙන් සංචාරක ව්‍යාපාරයේ දශක ගණනාවක් නියුතු පුද්ගලයෙක් ප්‍රශ්ණ කරනව "කෲස් සංචාරක ව්‍යාපාරය" දියුණු කරන්න මොනවද කරන්නෙ කියල. එවිට අනුර කුමාර දිසානායක මහත පවසනව "හෝටල් ටුවරිස්ම්" එකක් ගැන හා හෝටල්වල ගාන වැඩිනම් "අහස්‍ යාත්‍රාවේ නවාතැන් ගැනීමක්" පිළිබඳව. එසේම "ඇල්ල" නැරඹීම පිළිබඳවද එතුමා පවසන්නෙ එකවරක් දෙවරක් ඇල්ල නරඹපු පසුව නැවත ඇල්ලෙ වාහනය නැවැත්වීමට කිසිදු හේතුවක් නොවන බවයි. නමුත් වසරකට වරක් හෝ දෙවරක් පමණක් ශ්‍රී ලංකාවේ නිවාඩුව ගතකරන අප දන්නව ඇල්ල ආශ්‍රිතව කෙතරම් දියුණු සංචාරක කලාපයක් සහ ක්‍රියාකාරකම් පවතින්නේද යන වග. එසේනම්, සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඉතා විස්තීරණ "R&D" ප්‍රතිපත්ති මාලාවක් මේ "විද්‍යා හා තාක්ෂණය" සඳහාවූ "R&D" ප්‍රතිපත්ති ප්‍රකාෂණයට ඇතුලත් කරන්න තිබුන. කවුරු හෝ තර්ක කරන්න හැකියි සංචාරක ව්‍යාපාරයට විද්‍යාව හා තාක්ෂණය අදාල නැහැ කියල. එසේනම් ඉතිහාසය, සංස්කෘතිය හා උරුමය කෙසේද මේ "R&D" ප්‍රතිපත්ති මාලාවට අදාල වෙන්නෙ කියා ප්‍රශ්ණ කරන්නත් හැකියි.

ප්‍රධාන වශයෙන්ම "R&D" අවධානය යොමුකළ යුතු පැති ගණනාවක් තියෙනව. එනම් "වරාය නගරයට" කුමක්ද කරන්නෙ, හම්බන්තොට වරාය ආශ්‍රිතව මොනවද කරන්නෙ, "එන්ටර්ටේන්ට්මන්ට්", "හොස්පිටලිටි කර්මාන්තය" ආදී බොහෝ පැති වලට සිදුකළ යුතු "R&D" ප්‍රතිපත්ති සෑදිය යුතුයි. මම මෙයින් අදහස් කරන්නෙ නෑ දැනටමත් එවන් ප්‍රතිපත්ති නොමැති බවක්. ඉහතින් පවසා තිබුන 0.12% තුල ඒ සඳහා යම් කිසි වෙන්කිරීමක් ඇති. නමුත් "කෲස් සංචාරක ව්‍යාප්තිය" හා "ඇල්ල කලාපය වැනි කලාපවල සංචාරක ආකර්ෂණය ඇදගැනීම වර්ධනය" ආදිය සඳහා අනිවාර්යයෙන්ම සොයා බැලීමක් අලුතෙන්ම සිදුකිරීමට අවශ්‍යයි.

තවත් සංකූලතාවයක් ඇති ප්‍රමුඛතා ලයිස්තුවේ ක්‍රියාකාරකම් ලෙසට හඳුන්වා ඇති කොටස වන්නේ අංක 6 දරණ කොටසයි. එහි අන්තර්ගතව ඇත්තේ "ජාතික ආරක්ෂාව, ආර්ථික, ගෝලීය දේශපාලනය, පොදු හා ජාත්‍යන්තර සබඳතා" ලෙස දක්වා ඇති කොටසේ "R&D" ප්‍රතිපත්තිය පිළිබඳවයි. එහි සඳහන් වන්නේ "මෙම කොටස් ඉතා සංවේදී, ජාතික අවශ්‍යතාවලට ඉතා තදින් බලපාන, බැවින් ඒ සඳහා කටයුතු කිරීමට අවශ්‍ය පිරිස් බලය ලබාදීමට කටයුතු කල යුතුයි" කියා පමණයි. 

එක අතකින් තමුන් නොදන්නා දෙයක් පිළිබඳව අත නොගැසීම මහාචාර්‍යතුමා ඇතුළු කණ්ඩායමේ ඉතා හොඳ ගුණයක්. සානාන්‍යයෙන් විද්වතුන් "අල්ට්‍රා වෛරස්" වෙන්න කැමති නෑ. එසේම අංක 6 කොහෙත්ම "ඇකෂන් ප්‍රයරටි" ලයිස්තුවේ සටහන් නොකර "ඉදිරියේදී සළකා බැලියයුතු" ලයිස්තුවක් යටතේ සඳහන් කරන්න හැකි උනානම් ලියවිල්ලේ විශ්වාසනීයත්වය වැඩිවෙන්න ඉඩ තිබුන.

කෙසේවුවද, මෙයින් පැහැදිලි වෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ පක්ෂයක් ලෙස ජාතික ජනබල වේගය සතුව "ජාතික ආරක්ෂාව, ආර්ථික, ගෝලීය දේශපාලනය, පොදු හා ජාත්‍යන්තර සබඳතා" පිළිබඳව අරමුණු කරගෙන සිටියේ හෝ අරමුණු කරන්නේ කුමක්දැයි මේ "ක්වොන්ටම් ලීප්" ප්‍රකාෂණ අවස්ථාවේද පවා නොතිබුන බවද?.

"ආර්ථිකය" පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය "කලින් කලට නායකයින් පවසන දේ" යැයි අර්ථකථනය කර ඇති පසුබිමක් තුල "ආර්ථිකය" කළමනාකරණය කරන්නට සැළසුම් කිරීමට අවශ්‍ය "R&D" ප්‍රතිපත්තියවත් නොමැති වීම ජාතික ජන බලවේගය "ක්වොන්ටම් ලීප්" යක් ලැබුවා යැයි හිතන මොහොතේවන් නොමැති වීම කෙසේ විග්‍රහ කරන්නේද යන්න පැහැදිලි නැත.

ඉහතදී මා "අපට අතීතයේදී නිවැරදිව කිරීමට නොහැකිවූ කාර්‍යයක්" ලෙස සඳහන් කරේ කුමක්ද කියා පැහැදිලි කිරීමක් කළයුතුයි කියා සිතමි.

වසර 2019 සැප්තැම්බර් මස 16 වන දින අපගේද දායකත්වයෙන්, ජාතික විද්වත් භික්ෂු සංසදයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද "මහජන කොමිසමේ වාර්තාව" හෙවත් "නූතන දස පනත" හෙවත් "සම්මුතියේ මාලිමාව" බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එවකට ජනාධිපති අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට උත්සවාකාරයෙන් පිළිගන්වන ලදී. එදින වාර්තාවේ පෙළගැස්වීමේ දෝශයක් හේතුවෙන් මූලික වාර්තාව එලි නොදක්වන ලද නමුදු පසුව පෙලගැස්වීම නිවැරදි කර එතුමාට වාර්තාව බාර දෙන ලදී. ඇත්ත වශයෙන්ම ගෝමිකයන්ගේ ප්‍රතිපත්ති මාලාව සම්පාදනයට විද්‍යාඥයින් ලොව දස දෙසින් දායක වූවා සේම මෙම මහජන කොමිසම සඳහාද විද්වතුන් සහ ආයතන 61 ක අදහස්, යෝජනා හා මාර්ගෝපදේශය ලැබුනා. මෙම වාර්තාව "නූතන දස පනත නම් වූ දාර්ශනික සහ සංකල්පීය මග පෙන්වීම මත යෝජිත දස වැදෑරුම් උපායමාර්ගික රාමුව" කින්ද, ඒ සඳහාවූ වගන්ති 339 කින් සමන්විත "ක්‍රියාකාරකම් සහ වැඩ සටහන් යෝජනාවලිය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය මග පෙන්වීම" කින්ද, 17 ක් වූ "හඳුන්වා දිය යුතු නව නීතිමය රාමු" වකින්ද, 18 ක් වූ "සංශෝධනය කළ යුතු නීතිමය රාමු" වකින්ද, අතුරු යෝජනා 100 කින්ද සමන්වෘත වුනා.

දස වැදෑරුම් උපායමාර්ගික රාමුවේ එක අංකයක් උනේ "වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ ව්භවය සහිත නව නිර්මාණ හඳුනාගැනීම සඳහා ජාතික මට්ටමින් විද්වත් කමිටුවක් පත් කිරීම සහ ඒවා වැඩි දියුණු කොට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ පුහුණුව විශ්වවිද්‍යාලය සහ තාක්ෂණික ආයතන පද්ධතිය මගින් ලබාදීම" යි. අද ඒ විද්වත් කමිටුවේ කාර්‍යභාරය මහාචාර්‍ය ගෝමිකයන් ඇතුලු කණ්ඩායම තරමක් දුරට හෝ සිදුකර තියෙනව.

තවද, ගෝමිකයන්ගේ ප්‍රකාෂණයේ "ජාතික ආරක්ෂාව" පිළිබඳ කොටසේ ඇත්තේ "ඒ පිළිබඳව සොයා බැලීමට අවශ්‍ය පිරිස් බලය ලබාදීම" ක් ගැන පමණක් උවද, "සම්මුතියේ මාලිමාවේ" ඒ සඳහා වගන්ති 11 කින් සමන්විත යෝජනා මාලාවක් අන්තර්ගතව ඇත. එසේම දේශීය ආර්ථිකය, විදේශීය වෙළඳාම සහ ගෝලීය දේශපාලනය පිළිබඳවද යෝජනා රැසක් "සම්මුතියේ මලිමාවේ" අන්තර්ගත වේ.

ජාතික විද්වද් භික්ෂු සංසදය විසින් ස්වාධීනව සාදනු ලැබූ එම සම්මුතියේ මාලිමාවේ පිටපතක් කවුරුන් විසින් හෝ කරු ජයසුරිය මහතාට ලබා දී තිබුන. එතුමා විසින් මෙම වාර්තාව අගයකර තිබුන බවක් පසුව දැනගැනීමට ලැබුන. එදා අපට සිදුකළ යුතුව තිබුනේ පොදුවේ සියළු පක්ෂ හා දේශපාලඥයින් වෙත එම වාර්තාව ලබාදීමයි. එසේ වූවානම් පක්ෂ පාට භේදයකින් තොරව අපගේ යෝජනා පිළිබඳව අවධානය යොමු කිරීමට දේශ හිතෛශී සියළුම පක්ෂ හා දේශපාලකයින් හට හැකියාව ලැබෙනට ඉඩ තිබුන.

අද එම වරද මහාචාර්‍ය ගෝමිකයන්ගේ පාර්ශවයෙන් යම්කිසි දුරකට සිදුවෙනු දැක්ම පිළිබඳව කනගාටුවක් ඇති වෙනව. යම් හෙයකින් මහාචාර්‍යතුමාලා හිතන ආකාරයට ජාතික ජන බලවේගයට ජයග්‍රහණය කිරීමට නොලැබුනොත් ඔවුන්ගේ උත්සාහයද අපගේ උත්සාහය මෙන්ම අපතේ යනු ඇති. එම වරද නිවැරදි කර ගැනීමේ "ක්වොන්ටම් පොටෙන්ෂල්" එකක් එතුමාල සතුව පවතිනව.

අපගේ "සම්මුතියේ මාලිමාව" හුදු "R&D" ප්‍රතිපත්ති යෝජනාවලියක් නොව, රටක් ජයග්‍රහණය සඳහා රැගෙන යා හැකි සංයුක්ත යෝජනා හා ප්‍රතිපත්ති පද්ධතියක්ම විය. අද හෝ කුමනම පාර්ශවයකින් එම වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා යොමුවන්නේනම් එය එම පාර්ශවයන්ට සැබෑටම ලැබෙන "ක්වොන්ටම් ලීප්" එකක් වනු ඇත. 

දැනට දේශපාලකයෙක් හා නායකයෙක් වශයෙන් සම්මුතියේ මාලිමාව පිළිගෙන තියෙන්නේ කරු ජයසූරිය මැතිතුමා පමණයි යන්න අපගේ හැඟිමයි. යම් හෙයකින් එතුමා හා එතුමා නියෝජනය කරන පක්ෂය අප මේ වෙනවිට ඉදිරිපත් කර ඇති "ජාතියට එක න්‍යාය පත්‍රයක්" සඳහාවූ කරුණු වලට සාර්ථකව ප්‍රතිචාරය දක්වන්නේනම් රටේ ඊළඟ නායකත්වයට එතුමාගෙන් විශාල කාර්‍යභාරයක් ඉටුවීමේ ප්‍රභවයක් පවතිනව."

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.