News Category
From Date
To Date
Maximum Number of Result

මූල්‍ය කළමනාකරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සුවිශේෂී නඩු තීන්දුවක්.... කෙටුම්පතේ වගන්ති 11ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Jul 3, 2024 at 06:21 AM
|

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී  නඩු තීරණයක් ලබා දී ඇති බව නීතිඥ දර්ශන වේරදුවගේ මහතා පවසයි.

ලංකා ලීඩර් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා පවසන්නේ සමස්තයක් ලෙස පනත් කෙටුම්පතේ වගන්ති 11ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇති බවයි.

ඒ මහතාගේ ප්‍රකාශය පහළින්...

"ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉතා සුවිශේෂී  නඩු තීරණයක් ලබා දී තිබෙනවා. ගරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය අගවිනිසිරිතුමාත්, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ විනිශ්ච මණ්ඩලයකින් සමස්තයක් ලෙස පනත් කෙටුම්පතේ වගන්ති එකොළහක් (11) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කොට තිබෙනවා.

ඉන් පළමු වන වගන්තිය වන්නේ 3(2)(ආ)(iv) වගන්තියයි. මුල් පනත් කෙටුම්පත මගින් අදාළ වගන්තිය යටතේ "අධිකරණ සේවයේ සාමාජිකයින්" පනතේ පාලනයට යොමු කිරීමට උත්සාහයක් තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 12(1) හා 108 වන ව්‍යවස්ථා සමඟ එකට කියවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් පනත් කෙටුම්පතේ 71 වෙනි වගන්තියෙන් අධිකරණ සේවයේ සාමාජිකයින් ඉවත් කළ යුතු බවයි. 

යෝජිත පනත් කෙටුම්පතේ 5(2)(ඊ) වගන්තිය මගින් රජයට අයත් ව්‍යවසායන්හි ඵලදායී කළමනාකරණය සහ සමස්ත අධීක්ෂණය සඳහා ප්‍රතිපත්ති හා ක්‍රමෝපාය සකස් කිරීමේ බලය භාණ්ඩාගාර ලේකම්වරයාට පවරා දී තිබුණා. එම පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 43(1,) හා 52(2) වන ව්‍යවස්ථා උල්ලංඝනය වන බැවින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු බවට පෙන්වා දී තිබෙනවා.  එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් කළ යුතු බවට පෙන්වා දී තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පතේ 32(3) වගන්තිය මගින් මුදල් අමාත්‍යවරයා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාව විමසා  ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් නිදහස් කළ යුතු රජයට අයත් ව්‍යවසායන් කවරේද යන්න තීරණය කිරීමේ බලයක් ලබා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 12(1) ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය මුදල් අමාත්‍යවරයාට නොව, ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවට ලබා දිය යුතු බවයි.

පනත් කෙටුම්පතේ 32(4) වගන්තිය මගින් පළාත්සභා විසින් ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවේ අනුමැතිය ඇතිව භාණ්ඩ, සේවා, උපදේශක සේවා, සහ තොරතුරු පද්ධති සම්බන්ධයෙන් පළාත් සභා සදහා ඔවුන්ගේම මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ බලයක් ලබා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 12(1), 148 සහ 156ඇ ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනනුකූලභාවය ඉවත් වීමට නම් එම බලය ද, පළාත් සභාවලට නොව, ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාවට ලබා දිය යුතු බවයි.

යෝජිත පනත් කෙටුම්පතේ 38(3) රාජ්‍ය සම්පත් බැහැර හැරීම් සම්බන්ධයෙන් ප්‍රතිපාදනයක් සලසා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හා 148 ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කළ යුතු බවයි. මෙහි සුවිශේෂී කාරණය වන්නේ, මෙම අනනුකූල භාවයෙන් මිදීම සඳහා කිසිදු සංශෝධනයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර නොමැති වීමයි.

මෙම පනත් කෙටුම්පතේ යෝජිතව තිබූ 63 වන වගන්තිය මගින් රාජ්‍ය අස්ථිත්වයක සේවක සංඛ්‍යාව කළමණාකරණය කිරීමේ බලය හා ඔවුන්ගේ වැටුප්, පඩි සහ වෙනත් ගෙවීම් තීරණය කිරීමේ බලය මුදල් අමාත්‍යවරයාට පවරා දී තිබුණා. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ව්‍යවස්ථාව සමඟ එකට කියවෙන 3, 12(l), 55(1), 55(3),108, 111(ඌ)(1)(ආ), 148, 153ඇ, 155උ(1) සහ 156ඊ ව්‍යවස්ථා උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. එම අනුනුකූලභාවයෙන් මිදීමට නම් එම බලය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට හා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් කළයුතු බවයි. 

පනත් කෙටුම්පතේ 69(1) වගන්තිය මගින් පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමෙහිලා පැන නගින දුෂ්කරතා ඉවත් කිරීම සඳහා නියෝග පැනවීමේ බලයක් මුදල් අමාත්‍යවරයා වෙත ලබා දී තිබුණ. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ එවැනි බලය ලබාදීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 76 වන ව්‍යවස්ථා සමඟ එකට කියවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත්, එය එම ආකාරයෙන් සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවයි. මෙහි ද සුවිශේෂී කාරණය වන්නේ, මෙම අනනුකූල භාවයෙන් මිදීම සඳහා කිසිදු සංශෝධනයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර නොමැති වීමයි."

මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නඩුකර විමසීම සඳහා ඉදිරිපත් වූ SC SD 72/2024 නඩුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන්, නීතීඥ සවණි රාජකරුණා මෙනවියගේ උපදෙස් පරිදි නීතිඥ ධනූෂි කළුපහන, කනිෂ්ක විතාරණ සමඟ දර්ශන වේරදුවගේ යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඉදිරිපත් වූ අතර ගරු නීතිපතිතුමා නියෝජනය කරමින් ආචාර්ය අවන්ති පෙරේරා හා මනෝහර ජයසිංහ යන නියෝජ්‍ය සොලිසිටිර් ජෙනරල්වරුන් ඇතුළු රජයේ නීතිඥ කණ්ඩායමක් සහභාගි වී තිබේ.

 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පහළින්...

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.