News Category
From Date
To Date
Maximum Number of Result

13 සංශෝධනයේ ප්‍රතිපාදන ද ඉක්මවා පළාත් සභාවලට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතු බලතල ලබාදීම... බෙදුම්වාදී, වර්ගවාදී විශ්වවිද්‍යාල පවා බිහිවීමේ අනතුරක් - ආචාර්ය නාලක සමරවීර හෙළිකරයි

Jun 27, 2024 at 10:04 AM
|

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “වසර 2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” යන දැක්මට අනුකූලව සකස්කර ඇති නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් යෝජිත විශ්වවිද්‍යාල පළාත්සභා කරණය කිරීමේ උත්සාහය රටේ අනාගතය අනතුරට ලක්කිරීමක් බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආචාර්ය නාලක සමරවීර මහතා පෙන්වා දෙයි.

නව අධ්‍යාපන කෙටුම්පත විසින් යෝජනා කෙරෙන ව්‍යවස්ථා සහ සදාචාර විරෝධී අධ්‍යාපන විමධ්‍යගත කිරීමේ තැත පිළිබඳව ලිපියක් සකස් කරමින් ඒ මහතා රට හමුවේ මෙම කරුණු හෙළිදරව් කිරීම සිදුකර තිබේ.

අදාළ ලිපිය පහළින්...  

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් යෝජිත විශ්වවිද්‍යාල පළාත්සභා කරණය කිරීමේ අනතුර 

රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය එම රටේ අනාගතය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන බව අවිවාදිතය. පුද්ගලයකුගේ වත්කම හා සමාජ තරාතිරම නොසලකා ඔහුට ඇති හැකියාව මත ඉහළම ශාරීරික, මානසික සහ සදාචාරාත්මක සංවර්ධනය ළඟා කරදීමේ උදාර පරමාර්ථ ඇතිව ඉදිරිපත් කරන ලද කන්නංගර අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙරට අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. පොදු මහත් ජනතාවගේ ජීවිත නඟා සිටුවීමට එයින් ලැබූ පිටුවහල අනුපමේය වේ. එවන් පරමාදර්ශයන් ඉතිහාසයෙන් අපට හමුවෙද්දී මෙම ලිපියේ ප්‍රස්තුතිය වන්නේ වර්තමාන රජය විසින් ඉදිරිපත් කරන ලද දැනට ක්‍රියාත්මක කිරීමේ අදියරේ පවතින නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි.

එම කෙටුම්පතේ දක්වා ඇති පරිදි එය සකස් කර ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහගේ “වසර 2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” යන දැක්මට අනුකූලවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රතිපත්ති සම්පාදක ආයතනය ලෙස ජාතික අධ්‍යාපනය කොමිසම 2020-2030 කාලරාමුව සඳහා ඉතා විස්තීරණ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කර තිබියදීත් එය මුළුමනින්ම නොසලකා හැර මෙම නව ජාතික ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කර ඇති බව අමතර සටහනක් ලෙස තබමු. නමුත් කණගාටුදායක තත්ත්වය වන්නේ රටේ ජනතාවගේ ජීවිත කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන කෙටුම්පතක් පිළිබඳව ප්‍රමාණවත් මහජන සංවාදයක් තවමත් දැකීමට නොහැකි වීමයි. එවැන්නක් ඇති කිරීම සඳහා ප්‍රමාණවත් මාධ්‍ය මැදිහත්වීමක්ද දැකීමට නොලැබීමයි. දේශපාලකයන්ගේ සිල්ලර ප්‍රකාශ වෙනුවෙන් තම අවකාශය වෙන් කරන මාධ්‍ය ආයතන මෙවැනි බලපෑම සහගත ලියවිල්ලක් සඳහා තම මැදිහත් වීම ප්‍රමාණවත් දැයි අවංකව සිතා බැලිය යුතුය. මෙම ලිපියේ අරමුණ වන්නේ නව අධ්‍යාපන කෙටුම්පත විසින් යෝජනා කෙරෙන ව්‍යවස්ථා සහ සදාචාර විරෝධී අධ්‍යාපන විමධ්‍යගත කිරීමේ තැත පිළිබඳ රට හමුවේ හෙළිදරව් කිරීමයි.

මෙම කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපතෙහි සඳහන් වන පරිදි මෙය සම්පාදනය වී ඇත්තේ අනුයෝජිතතා මූලධර්මය (Principle of Subsidiarity) මතය. පාඨකයින්ගේ දැනගැනීම සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධව මෙම මූලධර්මය අරෝපනය කිරීම හා සම්බන්ධ කෙටි එහෙත් කුප්‍රකට ඉතිහාසය හෙළිදරව් කළ යුතුය. ශ්‍රී ලංකාවේ ඒකීය ව්‍යූහය අභියෝගයට ලක් කරමින් 2016 වසරේදී යහපාලන ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව පිළියෙල කරන ලද මූලික ව්‍යවස්ථා කෙටුම්පත් වල නිර්දේශ කළ මූලධර්මයකි මෙම අනුයෝජිතතා මූලධර්මය. එය පහත පරිදි අර්ථ දක්වා ඇත.

 “…… එනම්, පාලන ආයතනයේ පහළම මට්ටමට හැසිරවිය හැකි ඕනෑම දෙයක් එම ආයතනයට හෝ ඒකකයට ඉතිරි කළ යුතු අතර ඉතිරිය ඊළඟ ස්ථරයට යා යුතුය. මෙම සංකල්පය දේශපාලන බලය මධ්‍යයේ සිට උප ජාතික ඒකක වෙත මාරු කිරීමේ වර්තමාන ආකෘතියට පටහැනිය.”

ඉහත සඳහන් වර්තමාන ආකෘතිය අනෙකක් නොව මෙරට ඒකීය රාජ්‍ය ව්‍යුහයයි. මෙහි ඇති උත්ප්‍රාසජනක තත්ත්වය නම් දැඩි මහජන විරෝධතා හමුවේ අතහැර දැමූ ව්‍යවස්ථා සම්පාදනයෙන් අවුරුදු කිහිපයකට පසු මෙම අනුයෝජිතතා මූලධර්මය රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවකට ඇතුළත් වීමයි. නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සම්පාදකයින්ට මතක් කළ යුතු කාරණය නම් එම යහපාලන ආණ්ඩුවේ ප්‍රයත්නය අසාර්ථක වූ බවත් රටේ ව්‍යවස්ථාව තවමත් ඒකීය ව්‍යුහයට අනුගත බවයි.

මෙය ඉතා පැහැදිලිව සම්පාදකයන් අතින් සිදුවූ අහඹුවක් හෝ අත්වැරදීමක් නොව මනා සැලසුම් සහගත ක්‍රියාවලියක එක් පිළිබිඹුවක් ලෙස පමණක් අවධාරණය කළ යුතුය. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේදී සමගාමී ලැයිස්තුව හරහා මධ්‍යම රජයට සහ පළාත් සභා රජයන්ට පවරා ඇති විශ්වවිද්‍යාල පිහිටවීමේ බලය පළාත් සභාවලට පමණක් යෝජනා කිරීම මෙම කෙටුම්පතේ අඩංගු වෙයි. එයින්ද නොනැවතී දැනට පවතින විශ්වවිද්‍යාල “පළාත්සභා විශ්වවිද්‍යාල” බවට පත් කිරීමට යෝජනා කරන අතර ඒ සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයද සඳහන් කරයි.

රටේ සියලුම විශ්වවිද්‍යාල පළාත් විශ්වවිද්‍යාල බවට පත් කිරීම මෙම සැලැස්මේ පළමු පියවර වේ. ඉන් පසුව යෝජනා කෙරෙන්නේ, ශ්‍රී ලංකාවේ පළාත් නවයටම පළාත්සභා අධ්‍යාපන මණ්ඩල ඇතිකර ඒවාට ස්වයං පාලන බලතල දීමයි. පළමුකොටම කිව යුත්තේ, මෙම ආයතන නව ආයතන නොවන බවය. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉතා පැහැදිලිව උපදේශක කර්තව්‍ය සදහා පළාත්සභා අධ්‍යාපන මණ්ඩල පිහිටවීම සදහන් වේ. එය ඉක්මවා යමින්, මෙම නව කෙටුම්පතෙන් යෝජනා කරන්නේ පළාත් ආයතන සඳහා ස්වයං පාලන බලතල ලබාදීමේ ඉතා බරපතල තත්ත්වයකි.

 ඉන්පසු යෝජනා කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කර, ඒ වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව නම් ආයතනයක් බිහි කිරීමයි. මෙම නව ආයතනයේ වගකීම ප්‍රමිතීන් පවත්වා ගෙන යෑමට සීමා කරයි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය  ඉතා පුළුල් වපසරියකින් පැතිරී පැවැතේ. උදාහරණයක් ලෙස, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම, උසස් අධ්‍යාපන ආයතන සඳහා මූල්‍යය නියම කිරීම සහ මෙම ආයතනවල පරිපාලනයක් නියාමනය කිරීම, අධ්‍යයන සම්මතයන් පවත්වා ගැනීම, සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යන් ඇතුළත් කිරීම නියාමනය කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරී ඇත. නිතැනින්ම නැගෙන ප්‍රශ්නය නම්, මෙම පුළුල් කාර්යභාරයේ වගකීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීමෙන් පසු කාට පැවරෙන්නේ කවුරුන්ද යන්නයි. සැලැස්මේ  දෙවන අදියර ක්‍රියත්මක වන්නෙ ඉන් පසුවය. ස්වයං පාලන බලතල ලබා දීමට යෝජනා කරන පළාත් අධ්‍යාපන මණ්ඩලයන්ට මෙම වගකීම් පැවරෙනු ඇත. මෙම සැලැස්ම දැන් ඉතා පැහැදිලිය. පළමුව, විශ්වවිද්‍යාල පළාත් සභා විශ්වවිද්‍යාල ලෙස පත් කරයි. දෙවනුව, විශ්වවිද්‍යාල සම්බන්ධීකරණය හා පරිපාලනය ඇතුළු පුළුල් කාර්යභාරයක් පළාත්සභා ආයතනයක් වෙත පැවරෙනු ඇත. මෙය පැහැදිලිවම විශ්වවිද්‍යාල පළාත්සභා කරණයකි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදනද ඉක්මවා යමින් මධ්‍යම රජයේ බලතල කප්පාදු කරමින්ද අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය මෙහි සම්පාදකයින්ට පවරා දුන්නේ කවුරුන්ද? මෙම කෙටුම්පත අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විමධ්‍යගත කිරීමේ අරමුණින් සකස්කර ඇතිබව ඉතා පැහැදිලිය. මෙම විමධ්‍යගත කිරීම ඉන්දියානු මොඩලයද ඉක්මවා ඇත. ඉන්දියානු ව්‍යවස්ථාවට අනුව විශ්වවිද්‍යාල පිහිටුවීමේ සහ  පවත්වාගෙන යෑමෙන්  බලතල  මධ්‍යම රජයට ද පවරා ඇත. මෙහි ඇති විකාර සහගත තත්ත්වය නම් මෙම සම්පාදකයින් උසස් අධ්‍යාපනය විමධ්‍යගත කිරීමට අර අදින්නේ විධිමත් ව්‍යවස්ථා සංශෝධන හරහා  නොව ව්‍යවස්ථා විරෝධී හා සදාචාර විරෝධී ලෙස අධ්‍යාපන ප්‍රතිපත්ති හසුරුවමිනි.

මෙම අනීතික පළාත්සභා කරණය විශ්වවිද්‍යාල ඉතා අවදානම් තත්ත්වයකට ඇද දමනු ඇත. ඒ හරහා රටේ උසස් අධ්‍යාපනය විනාශය කරා ගෙන යනු ඇත. මෙතෙක් කලක් විශ්වවිද්‍යාල පිහිටවීම සහ ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම ආදී දේශපාලන පොරොන්දු තුළ, ප්‍රාදේශි‍යකත්වය සහ වාර්ගිකත්වය ඉක්මවා ගිය ජාතික අභිලාෂ මත වූ පදනමක් විය. නමුත්, විශ්වවිද්‍යාල මෙම පළාත්සභාකරණය හරහා ප්‍රාදේශීය සහ වාර්ගික දේශපාලනයේ අතකොළුවක් වීම නොවැලැක්විය හැකි වන අතර, ප්‍රාදේශීය දේශපාලනඥයන් විශ්වවිද්‍යාල මූලික වශයෙන්ම තම ඡන්ද කොට්ඨාශයට හෝ තම වාර්ගික කණ්ඩායම්වලට සේවය කිරීමේ මෙවලමක් ලෙස සලකනු ඇත. ඉතා පැහැදිලිව, ප්‍රාදේශීය සහ වාර්ගික වෙනස්කම් නොසලකා ජාතික අභිලාෂ සඳහා සේවය කිරීමේ පරමාර්ථය අභියෝගයට ලක්වනු ඇත.

මෙයට කලකට පෙර, ප්‍රකට දේශපාලඥයෙකු තම හිතවතෙකු විශ්වවිද්‍යාල කථිකාර ධූරයකට බඳවා ගැනීම සඳහා නිර්දේශ කරමින් ඉහළ බලධාරියකුට ලිපියක් යැවූ පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඍජු දේශපාලන මැදිහත්වීම්වලින් විශ්වවිද්‍යාල ආරක්ෂා කිරීමේ තත්ත්වය තුළ පවා මෙවනි දේ සිදුවූයේ නම්, මෙම කෙටුම්පත යෝජනා කර ඇති ආකාරයට විශ්වවිද්‍යාල යෝජිත ස්වයංපාලන පළාත්සභා අධ්‍යාපන මණ්ඩලය අතට පත් වූ විට තත්ත්වය කෙසේ විය හැකි දැයි පාඨකයාට සිතා ගැනීමට බාර කරමු. මෙම ඊනියා ස්වයංපාලන පළාත්සභා අධ්‍යාපන මණ්ඩලය පළාත් දේශපාලනයේ ගතිකත්වයේ ගොදුරක් වීම නොවැලැක්විය හැකි වනු ඇත. තවද ප්‍රධාන අමාත්‍යවරයා පළාත්සභා විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරයා පත් කිරීම සිදු කෙරෙනු ඇත. පළාත් දේශපාලනඥයින් විසින් විශ්වවිද්‍යාල ඔවුන්ගේ හිතවතුන් සඳහා රැකියා සපයන ආයතනයක් ලෙස දැකීම නොවැලැක්විය හැකි තත්ත්වයක් වනු ඇත.

මෙරට පවතින පළාත් මායිම් තවදුරටත් වාර්ගික වශයෙන් බෙදිය යුතු ය යන කුප්‍රකට ඉල්ලීමක් ඇති බව නොරහසකි. මෙම සන්දර්භය තුළ, වාර්ගිකත්වය ප්‍රමුඛ කරගත් කණ්ඩායම් විශ්වවිද්‍යාල වාර්ගික සහ ආගමික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමේ ආයතන ලෙස සලකනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, විශ්වවිද්‍යාල ප්‍රාදේශීය සහ වාර්ගික ගොදුරක් බවට පත්වන අතර, එමඟින් පොදු ජාතික මනෝභාවයක් ගොඩනගා ගැනීමේ ජාතික අභිලාෂද අඩාල වනු ඇත.

මෙම සම්පාදකයින්, සිය කෙටුම්පත තුළින් පවතින ව්‍යවස්ථාව ද අභියෝගයට ලක් කරමින්, ඉතා දැඩි ලෙස අධ්‍යාපනය විමධ්‍යගත කිරීමට කැස කවන්නේ කුමක් සඳහාද? ඔවුන් බලය බෙදීමට අපේක්ෂා කරන්නේ නම්, ඊට අනුමත පටිපාටියක් ඇත. එය සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට යොමු කළ යුතුව තිබුණි. අපට හැඟෙන පරිදි, දැන් සිදුවෙමින් පවතින්නේ එය සඳහා හිතකර දේශපාලන වාතාවරණයක් පැමිණෙන තෙක්, ප්‍රතිපත්ති සම්පාදනය තුළින් එය සිදු කර ගැනීමට උත්සාහ කිරීමකි.  මෙවැනි උත්සාහයන් නැවත ආපසු හැරවිය නොහැකි හානීන් සිදු කර ඇති බැවින්, මේ පිලිබද දැඩි අවධානයෙන් සිටිය යුතුය.

නව ප්‍රතිපත්ති රාමුවේ සම්පාදක කරුවන්ට අවධාරණය කළ යුතු කාරණය නම් ඒකීය රාජ්‍ය ව්‍යුහයක් සහිත ශ්‍රී‍ ලංකාවේ ඉන්දියාව මෙන් ප්‍රාදේශීය ස්වයංපාලන ප්‍රතිපත්තියක් ලෙස අනුමත නොකෙරෙන බවයි.   යම් ව්‍යවස්ථාදායක, පරිපාලනය හෝ මූල්‍යමය බලතල පැවරීම ප්‍රාදේශීය වශයෙන් සිදුකිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්වයන් එහි උත්තරීතර බව රැක ගනිමින් සිදුකළ යුතුය. මෙම තත්ත්වය තුළ ඉතාම මූලික මට්ටමේ ප්‍රශ්න කිරීමක් කළ යුතුව ඇත. එනම් විශ්වවිද්‍යාල පළාත්සභාකරණය කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?  විශ්වවිද්‍යාල පළාත්සභා යටතට යොමු කිරීම සාධාරණය කළ හැකි එම පළාත්වලට ආවේණික අවශ්‍යතා පවතීද? එවැනි ආවේණික අවශ්‍යතා සඳහා විශේෂිත උසස් අධ්‍යාපනයක අවශ්‍යතාවයක් තිබේද? උදාහරණයක් ලෙස එම ප්‍රශ්නය වඩා සංයුක්තව මතු කරන්නේ නම් යම් පළාතකට ආවේණික කාර්මික හා නිෂ්පාදන ක්‍රියාකාරමක් සඳහා සුවිශේෂී ලෙස සකස් කළ යුතු විශේෂිත ඉංජිනේරු සහ කළමනාකරණ පාඨමාලා සඳහා අවශ්‍යතාවයක් තිබේද? අප දන්නා පරිදි කිසිවකුත් පළාත් සඳහා ඇති එවැනි ආවේණික උසස් අධ්‍යාපන අවශ්‍යතා පෙන්වාදී නැත. මෙම කෙටුම්පත පිළියෙළ කළ බලධාරීන් සහ ඔවුනට සහාය වූ විද්වතුන් දැනගත යුතු කරුණ නම් බලතල විමධ්‍යගත කිරීම කලයුත්තේ එවැනි පදනමක් මත විනා යම් කණ්ඩායම්වල දේශපාලන වාර්ගික අභිලාෂ වෙනුවෙන් නොවන බවය.

රජයේ බලධාරීන්ගේ මෙම වෑයම නතර කළ යුත්තේ හුදු විශ්වවිද්‍යාල බේරා ගැනීම සඳහා පමණක් නොවේ. මෙම අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුම්පත ඉතා භයානක පූර්වාදර්ශයක් නිර්මාණය කර තිබේ. එනම් ප්‍රතිපත්ති රාමු හරහා බලය විමධ්‍යගත කිරීමේ භයානක පූර්වාදර්ශයයි. මෙම වෑයම අනෙකුත් ක්ෂේත්‍රයන් සඳහාද අත්හදා බැලෙනු ඇත. අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ, කන්නංගර ප්‍රතිපත්තියේ සාර්ථකත්වය එහි සැබෑ අභිප්‍රායන් සහ එහි නිර්මාතෘවරුන්ගේ සද්භාවය මත මුල් බැස ඇති අතර, නව ප්‍රතිපත්ති රාමුවේ සමස්තයම වංකභාවයෙන් සලකුණු කර ඇති බවයි.

- ආචාර්ය නාලක සමරවීර, ඉංජිනේරු පීඨය, මොරටුව විශ්ව විද්‍යාලය


සම්බන්ධිත පුවත් | Related News

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..
ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.
ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ප්‍රධාන පුවත්

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.