
එක්සත් ජනපදය සමඟ 50 වසරක් පැවැති පෙට්‍රෝඩොලර් ගනුදෙනුව සෞදි අරාබිය අවසන් කරයි!
සෞදි අරාබිය එක්සත් ජනපදය සමඟ වසර 50 ක් තිස්සේ පැවැති ජුනි 9 ඉරිදා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ පෙට්‍රොඩොලර් ගිවිසුම අලුත් නොකිරීමට තීරණය කර ඇත.
1974 ජූනි මස 8 වැනි දින ප්‍රථම වරට අත්සන් කරන ලද මෙම ගිවිසුම එක්සත් ජනපදයට ගෝලීය ආර්ථිකය කෙරෙහි බලපෑම් කිරීමට තිබෙන ප්‍රධාන අවියක් බවට විය.
මෙම ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සහයෝගීතාවය පවත්වා ගැනීමට මෙන්ම සෞදි අරාබියේ හමුදා අවශ්‍යතා සඳහා ඒකාබද්ධ කොමිෂන් සභා පිහිටු වීමට අවශ්‍ය පසුබිමද සකසන ලදී. ගිවිසුම අත්සන් කරන සමයේ සිටි ඇමරිකානු නිලධාරීන් පෙන්වා දුන්නේ සෞදි අරාබිය වැඩිපුර තෙල් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙන බවත් අරාබි රටවල් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ගිවිසුම දිරිමත් කරනු ඇති බවත්ය .
කෙසේ වුවද එක්සත් ජනපදය සමඟ අත්සන් කළ ගිවිසුම යාවත්කාලීන නොකිරීමට තීරණය කිරීමෙන්, සෞදි අරාබියට එක්සත් ජනපද ඩොලර් පමණක් වෙනුවට යුආන්, යුරෝ, යෙන් වැනි විවිධ මුදල් වර්ග භාවිතා කරමින් ඛනිජ තෙල් සහ අනෙකුත් භාණ්ඩ විකිණීමට හැකියාව ලැබේ. මේ අතර මෙවැනි ගණුදෙණු සඳහා බිට්කොයින් වැනි ඩිජිටල් මුදල් වර්ග භාවිත කිරීමේ හැකියාව කෙරෙහිද අධ්‍යනය කරමින් පවතී.
සෞදි අරාබිය ගනු ලැබූ මෙම තීරණය 1972 දී එක්සත් ජනපදය සිය මුදල් සෘජුවම රත්‍රන් සමඟ සම්බන්ධ කිරීම නවත්වා ස්ථාපිත කළ පෙට්‍රෝඩොලර් පද්ධතියේ සැලකිය යුතු පියවරක් සලකුණු කරන බවද විශේෂඥයන්ගේ මතයයි.
සෞදි අරාබිය ගත් මෙම පියවර විසින් ජාත්‍යන්තර වෙළඳාමේ දී එක්සත් ජනපද ඩොලරය හැර වෙනත් මුදල් භාවිතා කිරීමේ ගෝලීය ප්‍රවණතාවය වේගවත් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
මීට අමතරව, මධ්‍යම බැංකු සහ වාණිජ බැංකු අතර බෙදාගත් ඩිජිටල් මුදල් වේදිකාවක් ගවේෂණය කිරීමේ සහයෝගී ප්‍රයත්නයක් වන "Project mBridge" ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වීමටද සෞදි අරාබිය කටයුතු කර ඇත.
"විසුරුවා හරින ලද ලෙජර් තාක්ෂණය" භාවිතයෙන් දේශසීමා අතර ක්ෂණික ගෙවීම් සහ විදේශ විනිමය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම "Project mBridge" ව්‍යාපෘතියේ අරමුණයි.
"Project mBridge" ව්‍යාපෘතිය 2021 දී ආරම්භ වූ අතර ලොව පුරා ප්‍රමුඛ මහ බැංකු සහ ආයතන කිහිපයක් ඒ සඳහා මූලික වශයෙන් සම්බන්ධ වේ. එය මෑතකදී අවම ශක්‍ය නිෂ්පාදනයේ ((Minimum Viable Product-MVP) මට්ටමට ළඟා වූ අතර, වේදිකාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා නවෝත්පාදන යෝජනා කිරීමට සහ අවස්ථා භාවිතා කිරීමට පුද්ගලික අංශයේ සමාගම්වලට ආරාධනා කරනු ලැබීය.
සෞදි අරාබිය ගනු ලැබූ මෙම පියවර, ජාත්‍යන්තර වෙළඳාම සහ මූල්‍ය වෙළෙඳ පොල කෙරෙහි ඇති කරනු ලබන සම්පූර්ණ ඇඟවුම් තවමත් දැකගත නොහැකි වුවද, ගෝලීය ආර්ථික ගතිකයේ ප්‍රධාන පෙරළියක ආරම්භය සනිටුහන් කරන බව විශේෂඥයන්ගේ මතයයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
