News Category
From Date
To Date
Maximum Number of Result

13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට උතුරේදී පොරොන්දු දුන් සජිත් සහ අනුරට එරෙහිව ජාතික සංවිධානවල දැඩි විරෝධය (වීඩියෝ)

Jun 14, 2024 at 06:56 AM
|

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන බවට කිලිනොච්චියේදි  කරනු ලැබු ප්‍රකාශයට එරෙහිව  ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී දේශප්‍රේමි ජාතික බලවේගය සහ තවත් ජාතික සංවිධාන රැසක් දැඩි විරෝධතාවක්   දැක්වුහ.

 එහිදී දේශප්‍රේමි ජාතික පෙරමුණේ .ප්‍රධාන  ලේකම්  නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ ජාතික සංවිධාන සැමදා කටයුතු කළේ රටේ ඒකීයභාවය රැකගැනීම උදෙසා බවත්, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට දේශපාලන ස්වාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන ඉන්දියාවට, ශ්‍රී ලංකාව බෙදා වෙන්කර දුර්වල රාජ්‍යයක් බවට පත්කිරීමට ඇති උවමනාව මත ගෙන ආ දෙයක් බවත් ය.

මේ පිළිබඳව ඒ මහතා වැඩිදුරටත් දක්වා ඇති අදහස් මෙසේය,

  "අපි ඒ විරෝධතාව සජබේට විතරක් ලඝු කලේ නෑ. රනිල්ගේ එජාපය, ප්‍රතිපත්තියක් නැති රනිල්ගේ වල්ගේ එල්ලුණු පොහොට්ටුව, ජාතික ජනබලවේගය වගේම චම්පික රණවකගේ ජනරජ පෙරමුණත් සජිත් වගේම 13 එහාට යන බලය බෙදීමකට එකඟයි. රණවිරුවෝ ජීවිත පුදලා රැකගත්ත රටේ ඒකියබව ගැන හිතන මිනිස්සුන්ට තනි ඉරකින් වෙන් කර ගන්න පුළුවන් මේ කන්ඩායම. මේ සියලු දෙනා නිල් , රතු, කොල ,රෝස මොන පාටින් හිටියත් අද වෙනකොට සේවය කරන්නේ ලංකාව රාජ්‍යක් හැටියට දුර්වල කරන සිංහල ජනතාව සහ සුළු වාර්ගික කන්ඩායම් එකිනෙකාට වෛර කරවන ඉන්දියානු- ඇමරිකානු බෙදුම්වාදි ව්‍යාපෘතියටයි.   

අපේ මේ ප්‍රකාශයට උත්තර දෙන මාලිමාවේ පිරිස් කියන්නේ අනුර 13 දෙනවා කිවුවේ නෑ කියලා. පොහොට්ටුවට, එජාපයට , සජබෙට වගේම මාලිමාවේ අනුගාමිකයනුත් අන්ත වහල්ලු. දෙමළ සංධානය සමග යාපනයේදි තිබුණ සාකච්ඡාවෙන් පස්සේ අනුරගේ මේ වීඩීයෝවේ තියෙන මාධ්‍ය ප්‍රකාශය පැහැදිලිව අහන්න. වහල්බවින් මිදිලා දේශපාලනිකව අහන්න. 

අනුර පැහැදිලිව කියනවා ඔවුන් 2019 දි පළාත් සභා පිළිගත්තා කියලා. ඒ වගේම ඔහු කියනවා ව්‍යවස්ථාපිතව ඇතුලත් කරලා තියෙන ඒත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන දේ අපි බලාත්මක කරනවා කියලා. මොනවද ව්‍යවස්ථාවේ තියෙන නමුත් බලාත්මක කරනවා කියන්නේ. ඉඩම් සහ පොලිස් බලතල. ඒ කියන්නේ 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා කියලා. අනුර සජිත්ට වඩා කපටියි. ඔහු වචන වලින් ඉඩම් සහ පොලිස් බලතල ගැන කියන්නේ නෑ. අනුර උතුරට කතා කරන ගමන් දකුණ ශේප් කරගන්න හැංගෙනවා. එතැනින් එහාට අනුර කියනවා අපි පළාත් සභාවෙන් ඔබ්බට යන්න ඕනේ කියල. පළාත් සභාවෙන් ඔබ්බට කියන්නේ වෙන මුකුත් නෙමේ 13 පල්ස් සහ ෆෙඩරල්.  ජව්පේ මේ ලණුව පහල සාමාජිකයන්ට ගිල්වලා තියෙන්නේ ඉතාම ප්‍රාථමික තර්කයක් එක්ක. 13 දැනටමත් ව්‍යවස්ථාවේ තියෙන නිසා කරන්න දෙයක් නෑ... විරුද්ධ වෙන්න දෙයක් නෑ කියලා. දැන් විධායක ජනාධිපතිධුරය 1978  ඉඳන් ව්‍යවස්ථාවේ තියෙනවා. ඇයි ජව්පේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න මේ තරම් වලිකන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා කියලා ඒ අකාරයෙන්ම භාර ගන්නේ නැතුව. ජව්පේ නායකයෝ දන්නවා අනුගාමික වහල් නඩයට ඒ තරම් තාර්කිකව හිතන්න බෑ ගිරා පෝතක න්‍යායෙන් වමාරනවා මිසක්.                                                    

13 වන  සංශෝධනය  ව්‍යවස්ථාවට ආවේ කොහොමද? 1977 දි ජේ.ආර් ජයවර්ධන ට  සරල බහුතර මැතිවරණයෙන් ලැබුණු 5/6 ක බලය කුප්‍රකට  ළාම්පු කළගෙඩි සෙල්ලමින් 1989 වෙන කන් කල් දාලා, ජව්පේ ඇතුළු පක්ෂ තහනම් කරලා, පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන්ගේ  දින රහිත ඉල්ලා අස්විමේ ලිපි අරගෙන , මන්ත්‍රිවරු කොළඹ හෝටල්වල ගාල් කරලා ප්‍රජාත්‍රන්තවාදය අමුඅමුවේ මරාදාලා ජේ.ආර් 13 ගෙනාවේ. ඒ විතරක් නෙමේ ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව ඉන්ඳියානු වඳුරු හමුදාව පන්නමු... මවුබිම නැත්නම් මරණය වෙනුවෙන් ටයර් සෑයවල් වල ජීවිතය පූජාකරපු ජවිපේ සහ දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ මිනීමතින් ජේ.ආර් 13 සම්මත කලේ. ඒ විතරක් නෙමේ, ගුවනින් පරිප්පු දාලා ඒක්සත් ජාතින්ගේ මූලධර්ම උල්ලංගණය කරලා ස්වෛරි රටක් හැටියට අපේ දේශසීමා උල්ලංඝනය කරලා ඉන්දියානු බලහත්කාරය මතයි 13 ව්‍යවස්ථාවට එකතු කලේ.                                     

අද ජවිපේ ව්‍යවස්ථාවේ ඇති නිසා 13 ට පක්ෂයි කියන්නේ එදා ජේ.ආර්ගේ ප්‍රජාත්‍රන්තවාදි මංකොල්ලයට අනුමත කරන නිසාද? ජිවිත පරිත්‍යාග කල ජව්පේ සාමාජිකයාගේ ජීවිත වලට වටිනාකමක් නැති නිසාද? එදා කතා කල ඉන්දියානු ව්‍යාප්තවාදය අද නැති නිසාද?       

1989 පළවෙනි පළාත් සභා මැතිවරණය වර්ජනය කල පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම ද්‍රෝහියෙක් ලෙස මරණ වරෙන්තුවට ලක්වීමටත් චන්දය පාවිච්චි කල පළමු 10 දෙනාට හිස කපා ඉවත් කර වැට ඉන්නෙ ගහන  මරණ දඬුවම ලබාදීම ජව්පේ අද සාධාරණිකරණය කරන්නේ කෙසේද? 

මාලිමාවේ අනුගාමිකයකු වීමට  පෙර අවම වශයෙන් රෝහණ විජේවිරගේ "ජාතික ගැටලුවට අපේ විසඳුම " පොත කියවන්න. ඔහු පැහැදිලිව කියනවා දෙමළ ජනතාවගේ ස්වයං තීරණ කැරට් අලය පෙන්වා ලංකාව දුර්වල අස්‍ථාවර වාර්ගිකත්වයන් ඇණ කොටා ගන්නා රාජ්‍යයක් බවට පත්කර ගැනිමේ ඉන්දියානු  උපාය මාර්ගය ගැන.  ඉතාම පැහැදිලිව එජාපය, සජබෙය, ජනරජ පෙරමුණ , ශ්‍රි ලනිපය  සහ ජව්පේ ඇතුලු  කන්ඩායම් ඉන්දියානු අතකොළු බවට පත්ව අවසන්. පක්ෂයක වහලෙකු නොවී සැබැ දේශපාලන සත්වයකු වන්න. ඔබ සොයන විකල්පය ඇත්තේ පක්ෂ අච්චුවෙන් මිදුණ සැබෑ ජාතිකවාදි බලවේගයක් තුල පමණි. "

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ටී.එන්.ඒ පක්ෂයේ නියෝජිතයන් අතර යාපනයේ දී සිදුවූ හමුවේ වීඩියෝව පහළින්...


      

සම්බන්ධිත පුවත් | Related News

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.
රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.
පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.