සුරේෂ් සලේ මාත් එක්ක ශේප් වෙන්න කතා කළා.. මං බෑ කීවා.. - තමන්ට එරෙහිව සුරේෂ් සලේ ගොනුකළ නඩුව ගැන සිරිල් ගාමිණී පියතුමා කියන කතාව..
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
අද (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පියතුමා සඳහන් කළේ, මෙම විමර්ශන නතර කිරීම හෝ ඒවාට බාධා පැමිණවීම එම ප්‍රහාරයෙන් බැටකෑ වින්දිතයන්ට කරනු ලබන දැවැන්ත අසාධාරණයක් බවයි.
මොනතරම් බාධක පැමිණියද මෙම විමර්ශන කටයුතු අඛණ්ඩව කරගෙන යන ලෙස තමන් රජයෙන් සහ විමර්ශන කණ්ඩායම්වලින් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවසූහ.
විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය සඳහා දේශපාලඥයන් ඇඟිලි නොගැසිය යුතු බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිත්‍යානුකූල විමර්ශන කණ්ඩායම්වලට ස්වාධීනව සහ නිදහසේ සිය රාජකාරි කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම සැමගේ වගකීම බවත් පියතුමා පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිල් ගාමිණී පියතුමා, තමන්ට එරෙහිව සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති අපහාස නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන විවිධ මත පිළිබඳවද පැහැදිලි කිරීමක් කළේය.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම හරහා මෙම අපහාස නඩුව අඩාල කිරීමට උත්සාහ කරන බවට පැතිර යන කතා පදනම් විරහිත බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අදාළ නඩු කටයුත්ත අතරතුර අධිකරණ පරිශ්‍රයේදී සුරේෂ් සලේ මහතා තමන් හමු වී නඩුව සමථයකට පත් කර ගැනීමට යෝජනා කළ බව පියතුමා මෙහිදී හෙළි කළේය.
තමන් කළ ප්‍රකාශයෙන් සලේ මහතාගේ නම ඉවත් කරගන්නේ නම් නඩුව සමථයකට පත් කිරීමට ඔහු සූදානමින් සිටි බවත්, එහෙත් තමන් කළ ප්‍රකාශය සත්‍යයක් බව තවමත් විශ්වාස කරන බැවින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් පියතුමා සඳහන් කළේය.
"මට වන්දි ගෙවීමෙන් බේරෙන්න ඕනකම තිබුණා නම් එදාම ඒක කරන්න තිබුණා. නමුත් මට අවශ්‍ය වුණේ මා කියපු දේ සත්‍යයක් බව ඔප්පු කරලා පෙන්වන්නයි," යනුවෙන් පියතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඒ අනුව නීත්‍යානුකූලව එම නඩුවට මුහුණ දීමට තමන් සූදානම් බවද පියතුමා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි