News Category
From Date
To Date
Maximum Number of Result

ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් මගින් නිදහස් අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමේ වෑයම හෙළා දකිනවා - නිදහස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරු කියති

Jun 13, 2024 at 08:01 AM
|

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ කොතලාවල ආයතනය මගින් 2024 ජූනි මස 08 දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය කරුණු වසන්කරමින් සහ විකෘති කරමින් රටේ මහජනයා මුලා කිරීමේ උත්සාහයක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරු සංවිධානය පවසයි.

එසේ ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් තුළින් නිදහස් අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමේ වෑයම  දැඩිලෙස හෙළා දකින බවත් එම සංවිධානය සඳහන් කරයි.

අදාළ නිවේදනය පහළින්...

මාධ්‍ය නිවේදනයයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ කොතලාවල ආයතනය මගින් 2024 ජූනි මස 08 දින නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවිය. එම නිවේදනය හරහා කරුණු වසන්කරමින් සහ විකෘති කරමින් රටේ මහජනයා මුලා කිරීමේ උත්සාහය පිළිබඳ අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කර සිටිමු. 

එම නිවේදනයේ සදහන් පහත කරුණු පිළිබඳව අපගේ අවධානය යොමු විය.

1)   කොතලාවල ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීමට අනුමැතිය ලබා ගැනීමේ කුමන්ත්‍රණය

එම නිවේදනය අනුව කොතලාවල ආයතනය තුළ 2009 වර්ෂයේ වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ කර ඇත. නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ උසස් අධ්‍යාපන නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත්තේ කෙලෙසකද යන්න ප්‍රශ්නකාරීය. මැර බලය, මිලිටරි බලය භාවිතා කරමින් ඒ අනුමැතිය ලබාගත් අයුරු හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධව පැමිණිල්ලක් දැනටමත් වෛද්‍ය සභාව වෙත යොමු කර ඇත.

2)   සිවිල් සිසුන් බඳවා ගැනීම

2017 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද විශේෂ විධිවිධාන පනතක් මගින් SAITM සිසුන් KDU හි වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කරන ලදී. KDU හි වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගත් ප්‍රථම අවස්ථාව එය වූ අතර එය SAITM අහෝසි කිරීමේදී එම සිසුන්ට පමණක් ලබා දුන් එක්වරක් ක්‍රියාත්මක කළයුතු විසඳුමක් විය. නමුත් මාධ්‍ය නිවේදනය අනුව 2022දී  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් KDU වෛද්‍ය පීඨය සඳහා තවත් සිවිල් සිසුන් බඳවාගෙන ඇති අතර එම සිසුන් දැනට අධ්‍යයන කටයුතුවල නියැළෙමින් සිටිති. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ KDU ආයතනය විශ්වවිද්‍යාලයක් නොවන බැවින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා එසේ සිසුන් බඳවා ගැනීමට බලයක් නොමැත. එසේම  1981 අංක 68 දරන කොතලාවල ඇකඩමි පනත යටතේ ,  KDU ආයතනයට සිවිල් සිසුන් බඳවා ගැනීමට  ප්‍රතිපාදන නොමැත. එබැවින් UGC සහ KDU කළමනාකරණ මණ්ඩලය යන දෙකම ඔවුන්ට ලබා දී ඇති නීතිමය බලතල ඉක්මවා ක්‍රියා කර ඇති බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු  ඉදිරිපත් කිරිම දැනටමත් සිදුවෙමින් පවතී.

3)   කොතලාවල ආයතනය විසින් වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට භාවිතා කරන රාජ්‍ය සම්පත්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් අරමුදල් සපයන තමන්ගේම විශ්ව විද්‍යාල රෝහලක් ඇති ශ්‍රී ලංකාවේ එකම ආයතනය  KDU වේ. ජාතික විගණන කාර්යාලයේ මූලාශ්‍රවලට අනුව, KDU විශ්ව විද්‍යාල රෝහල (UHKDU) ඇඳන් 814 කින් සමන්විත රෝහලක් වන අතර එය අති නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද්දේ රු.මිලියන 3,000 ක භාණ්ඩාගාර ඇපකර මත සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 177ක ණය මුදලක් මගිනි. මෙලෙස ලබා ගත් ණය පියවීම සඳහා KDU මගින් වෛද්‍ය උපාධි මුදලට පිරිනැමීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පැහැදිලිය. එසේම මෙම මාධ්‍ය නිවේදනයට අනුව කැඩෙට් නිලධාරීන් සඳහා පුහුණුව ලබාදීමෙන් අනතුරුව විශාල සම්පත් ප්‍රමාණයක් KDUහි ඉතිරිව පවතී. රාජ්‍ය වෛද්‍ය පීඨ තුළ අවම පහසුකම් ප්‍රමාණයක් පවතින විටදී KDU සතුව අතිරික්තයක් පැවතීමත්, එම සම්පත් මුදල් වියදම් කල හැකි සීමිත පිරිසකට පමණක් භාවිතා කිරීමට ලැබීමත් සමාජ සම්මුතියට පටහැනිය. 

4)   මුදල් ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ප්‍රවේශය, කුසලතාව මත පමණක් පදනම් වු සාධාරණ ක්‍රමවේදයකට   ක්‍රියාත්මක වෙමින් පැවතුනි.  KDU ආයතනය මගින් රුපියල් මිලියන 12.5කට වෛද්‍ය අධ්‍යාපනය මිලට ගැනීමේ අවස්ථාවක් නිර්මාණය කිරීම මගින් රටේ ඉතා සුළුතරයක් වන වරප්‍රසාද ලත් සමාජ පන්තියකට පමණක් වෛද්‍ය අධ්‍යාපනය සීමා කිරීමට උත්සාහ දරමින් ඇත. මෙය, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් අධ්‍යාපනය ලැබීමේදී කුසලතාවය සැලකිය යුතුය යන මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කිරීමකි.

5)   KDU සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා

මීට පෙරද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බඳවාගැනීමේදී  මිලිටරි අනුග්‍රහය, ඥාති සංග්‍රහය, පෞද්ගලික සම්බන්ධතාවල බලපෑම් හා දේශපාලන බලපෑම් ක්‍රියත්මක වීම සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වී තිබේ. ශිෂ්‍ය ලියාපදිංචිය කළමනාකාරීත්ව මණ්ඩලයේ තනි අධිකාරිය යටතේ ක්‍රියාත්මක වේ. එය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ හමුදා නීති යටතේ ක්‍රියාත්මක වන බැවින් සාමාන්‍ය සිවිල් නීතිය යටතේ කිසිදු වගවීමක් නොමැත. 2024 අප්‍රේල් මස පළ කළ නිවේදනයක් මගින් KDU ආයතනය තුළ මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි ලබා ගැනීමේ අවස්ථාවන් ඇති බව ප්‍රචාරණය කෙරිණි. එහි බඳවාගැනීමේ සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් අනුමත නොකරන කේම්බ්‍රිජ් ,එඩෙක්සෙල් විභාග ප්‍රතිඵලද සුදුසුකමක් ලෙස සලකා තිබුනි. එසේම වෛද්‍ය අධ්‍යාපනය සඳහා කිසිසේත්ම සුදුසුකමක් නොවන අවිවාහක වීම, වයස් සීමාවන් ආදී කරුණුද දක්වා තිබුණි. 

6)   පාරදෘශ්‍ය නොවන බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ 

එම නිවේදනයේ පවසන පරිදි KDU ආයතනය මගින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයකින්ද මෙම සිසුන් සමත්ව ඇත. එහි ලකුණු 100න් 90ක්ම ලබාදී ඇත්තේ ප්‍රවේශය සඳහා මුලදී  සලකා බැලූ උසස් පෙළ ප්‍රතිඵල සඳහාය. ලකුණු 10ක් ලබාදී ඇත්තේ ක්‍රීඩා ක්‍රියාකාරකම් ආදිය වෙනුවෙනි. එක්වරක් සලකා බැලූ කරුණු නැවත  සලකා බැලීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම මෙන්ම  සිවිල් සිසුන් වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීමේ සුදුසුකමක් ලෙස ක්‍රීඩා හැකියාවන්  සැලකීම  වැනි අර්ථශුන්‍ය ක්‍රමවේද භාවිතය, මෙම බඳවා ගැනීමේ ක්‍රමවේදයෙහි  සැබෑ අරමුණ පිළිබඳව ගැටලුවක්  මතුකරයි. අපේක්ෂකයින්  තෝරා ගැනීමේ  සම්මුඛ  පරීක්‍ෂණ සඳහා  නිරික්‍ෂකයින් ලෙස  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයන්  සම්බන්ධවූ බව එම නිවේදනයේ දක්වා තිබුනද පසුව දැනගැනීමට ලැබුනේ එලෙස නිරීක්ෂකයන් සම්බන්ධ නොවූ බවයි. 

ආරක්ෂක අමාත්‍යාංශය විසින්, ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් තුළින් නිදහස් අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණය සාධාරණීකරණය කිරීමේ වෑයම අපි දැඩිලෙස හෙළා දකිමු. 

මෙවැනි මුලාකිරීම් වලට නොරැවටී නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පෙරට එන ලෙස අප ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. 

ස්තුතියි.
වෛද්‍ය දේශාන් නිම්රෝද්,
මාධ්‍ය ප්‍රකාශක,
නිදහස් අධ්‍යාපනය උදෙසා වෛද්‍යවරු 

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.