News Category
From Date
To Date
Maximum Number of Result

"13" සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් වීම හැර අන් කිසිවක් සිදු වන්නේ නැහැ - ජානිපෙ විපක්ෂ නායකට අවධාරණය කරයි

Jun 12, 2024 at 02:44 PM
|

උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කරමින් "13 වැනි සංශෝධනය" සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට පොරොන්දුවීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට  පත් වීම හැර අන් කිසිවක් සිදු නොවන බව ජාතික නිදහස් පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවධාරණය කරයි.

අද(12) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එසේ අවධාරණය කළේය.

එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය.

"සජිත්ගේ විවෘත ප්‍රකාශය" 

"මීට පෙර කිසිදු විපක්ෂ නායකවරයෙකු නොකළ ආකාරයට උතුරු ප්‍රදේශයේ ජනතාව අමතමින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථිරසාර සහ විවෘත ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එතුමාට පෙර එම ධුරය දැරූ පුද්ගලයින්ට ද ඔහුට මෙන්ම බාහිරින් ඒ සඳහා පීඩනයක් එල්ල වුවත් ඔවුන් විසින් එය විවෘතව ප්‍රකාශ නොකළේ ඊට එරෙහිව ප්‍රබල ජනමතයක් පැවතීම නිසා බව ඉතා පැහැදිලියි. නමුත් මේ වන විට රටේ පවතින ආපදා තත්ත්වය තුළ එම විරෝධය ප්‍රබල ලෙස මතු නොවන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් හිතනවා. 

13 සංශෝධනයේ සැබෑ වුවමනාව

කෙසේ වෙතත් එතුමා  එවැනි ප්‍රකාශයක් කරනු ලබන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කර ගනිමින් බව ඉතා පැහැදිලියි. අපට මතකයි එතුමා විසින් මීට පෙර පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ ඉල්ලීම පරිදි එම සංශෝධනයට '13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන වගන්ති 2ක්' ඇතුළු කළ බව.  ඒ වගේම අපට මතකයි, එතුමාගේ පියා 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට අකමැත්ත ප්‍රකාශ කළත් පසුව 13 වැනි සංශෝධනයට පක්ෂව අත ඔසවනු ලැබූ බව. නමුත් ඔහු කිසිදු අවස්ථාවක 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ප්‍රකාශ කළේ නැහැ. ජනාධිපතිවරයෙකු ලෙස ඒ සඳහා උත්සාහ කිරීමට ද කටයුතු කළේ නැහැ. අපි විපක්ෂ නායකවරයාට කියනවා, 'ඔබ විසින් පටු දේශපාලන උවමනාවන් සඳහා ප්‍රකාශ නිකුත් කිරීමට පෙර 13 වැනි සංශෝධනයේ ඉතිහාසය විමසා බලන්න. එහි බරපතලකම සහ එම සංශෝධනයේ සැබෑ වුවමනාව කුමක්දැයි තේරුම් ගන්න.' කියලා. 

භූඃ දේශපාලන උවමනාව

එම ඉතිහාසය ආරම්භ වන්නේ 1932 දී ඉන්දියාවේ සර්දාර් පනික්කාර් න්‍යාය අනුව ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කරලා ගිවිසුම් මඟින් අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගත යුතුයි, යන න්‍යායාත්මක ප්‍රවේශය මතයි. ඒ අනුව එදා 1987 දී ඔවුන්ගේ අරමුණ වූයේ බෙදී වෙන් වන ඊළාම් රාජ්‍යය අර්ධ යටත් විජිතයක් ලෙස ඇඳා ගැනීමයි. නමුත් අද වන විට පවතින ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ කිරීමට යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසුව 30 වැනි ප්‍රාන්තය ද බිහිවීමේ හැකියාව තිබෙනවා. 13 වැනි සංශෝධනයේ අවසන් ප්‍රතිඵල අවබෝධකර ගත යුත්තේ ඉන්දු - ඇමෙරිකානු දීර්ඝකාලීන භූ දේශපාලන උවමනාවන්ට සාපේක්ෂවයි.  

ඉන්දු - ඇමෙරිකානු භූ දේශපාලන උවමනා 

ඉන්දු - ඇමෙරිකානු භූ දේශපාලන උවමනාවට අනුව බෙදුම්වාදී ගැටුම් වර්ධනය කිරීම සඳහා බාහිර බලවේග දායක වූ බව සහ එය යොදා ගනිමින් ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට බලපෑම් කළ බව දැන් රහසක් නොවෙයි. එසේ වුවත් එතුමා විසින් රට බෙදීම වැළැක්වීම සඳහා ඉන්දියානු නිලධාරීන් සමඟ කේවල් කර 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වැළැක්වීම සඳහා යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පනවා ඇති බව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විසින් පසුව හෙළිදරව් කරනු ලැබුවා. 

'ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩක්!'

එසේ කිරීම මගින් අදාළ සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට සිදු නොවන ආකාරයට සම්මත කරගැනීම ඉන්දියාවේ අපේක්ෂාව වූ බව පිළිගත හැකියි. එදා ඉන්දු - ලංකා ගිවිසුමට සහ 13 වැනි සංශෝධනයට එරෙහිව පැවති ප්‍රබල විරෝධය නිසා එම සංශෝධනය ජනමත විචාරණයක් මගින් සම්මත කළ නොහැකි බව පැහැදිලි කරුණක්. 

එම විනිසුරුතුමා 13 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් විභාග කළ විනිසුරු මඩුල්ල ද නියෝජනය කරනු ලැබුවා. එතුමාට අනුව, '13 වැනි සංශෝධනය යනු ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩක්'. ඔහුට අනුව එය ගැට ගසා ඇත්තේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක නම් වූ ඉතා දුර්වල රැහැන් පටවලින්. ඒ නිසා ඔහු අපේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේගවලින් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෝ පරිපාලන ක්‍රියාමාර්ග මගින් එම රැහැන් පට කපා දැමීමට දිවිහිමියෙන් ඉඩ නොදෙන ලෙසයි. ඒ අනුව ඔහු අවධාරණය කළේ නව ව්‍යවස්ථාවක් මඟින් “කඩුව” ඉවත් කරන තෙක් රැහැන කැපීම හෙවත් බාධක ඉවත් කිරීම මගින් 13 වැනි  සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම කිසිසේත්ම නොකළ යුතු බරපතළ වරදක් බවයි. 

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම 

නමුත් පවතින දේශපාලන තත්වය සහ විදේශීය බලපෑම් නිසා 13 වැනි සංශෝධනය පමණක් විශේෂිතව ඉවත් කිරීම ද යථාර්ථයක් නොවන බවට අපට විවාදයක් නැහැ. එසේ නම් කළ යුත්තේ 13 වැනි සංශෝධනයක් නොමැති නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සහ ඒ මගින් බෙදුම්වාදයෙන් රට ගලවා ගන්නා අතර විධායක බලය උපරිම ලෙස විමධ්‍යගත කිරීමයි. එසේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන බව එම නව ව්‍යවස්ථාව මගින් සහතික කිරීමයි. නමුත්  විපක්ෂ නායකවරයා විසින් බලය ලබාගැනීමේ පටු උවමනාව සඳහා ලබාදෙන පොරොන්දු නිසා එතුමා බලයට පත්වුවත් එම නිවැරදි ක්‍රියාමාර්ගය තේරීමට කිසිදු ඉඩක් නොලැබෙන බව ඉතා පැහැදිලියි. 

ඒ ආකාරයට අනතුරුදායක දේශපාලන පොරොන්දු ලබාදෙමින් සුළුජන ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම මගින් එතුමා බලයට පත්වුවහොත් අනිවාර්යෙන්ම නව ව්‍යවස්ථාවක් වෙනුවට පවතින ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට සිදුවනු ඇති. 

"රනිල් -සජිත් : එක වල්ලේ පොල්"

රටේ අනාගත ඉරණම තීන්දු කිරීමට අදාළ වැදගත්ම සහ ප්‍රබලම ප්‍රතිපත්තිමය කරුණක් පිළිබඳව එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අදාළව විපක්ෂ නායක ලෙස  එතුමාගේ මතය සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය අතර කිසිදු වෙනසක් හෝ ගැටුමක් නොමැති බව ඉතා පැහැදිලියි. එසේ නම් එම දෙපළ අතුරින් කුමන පුද්ගලයෙකු විසින් ජනාධිපති ධුරය අත්පත්කර ගත්තද ඉහත දැක්වූ රටේ ඉරණම වෙනස් නොවන බව ද ඉතා පැහැදිලියි. ඒ අනුව එම දෙපළ පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව හෝ එසේ නොමැතිව රටේ දේශපාලන බලය ලබාගැනීම යනු රටේ ඉතිහාසය අවසන් කිරීමේ ආරම්භය බව ද අපි ජාතිය හමුවේ අවධාරණය කරනවා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.
රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.