News Category
From Date
To Date
Maximum Number of Result

ඉදිරි ඡන්දයෙන් තීරණය වන්නේ රටේ ජය හෝ පරාජයයි - ජනපති රනිල් කියයි

Jun 12, 2024 at 11:33 AM
|

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විඳීමට ජනතාවට සිදුවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගිවන තරුණ නියෝජිතයන් සමඟ ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.

අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරද්ද නැවත සිදුනොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස ද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ හැර වෙනත් ක්‍රවේදයක් කිසිවෙකුට තිබේ නම් එය රටට ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

"අද ඔබ මෙම ස්ථානයට පැමිණ සිටින්නේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන් ලෙසයි. මම ජනාධිපති ධූරයට පත්වූ පසුව කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කිරීමේදි එතුමා ලබාදුන් අදහසක් තමයි අද මේ අයුරින් දියුණු කර තිබෙන්නේ. තරුණ නායකයන්ට රටේ ඉදිරි සැලසුම් වෙනුවෙන් තම අදහස් සහ යෝජනා ලබා දෙමින් ආණ්ඩුවේ කටයුතුවලට දායක වීමට මෙමඟින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව අප එම සියලු අදහස්වලට ඇහුම්කම් දෙනවා.

අද රටේ ආර්ථික බංකොළාත්භාවය පිළිබඳ සියලු දෙනා කතා කරනවා. මම ඊට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි දේශපාලන වශයෙන්ද බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. මේ කරුණු දෙකම අද වෙන් කළ නොහැකි ගැටලුවක් වී තිබෙනවා.

මීට හේතු වී තිබෙන්නේ රට තුළ විධිමත් ආර්ථික ක්‍රමවේදයක් නොතිබීමයි. අපේ රට තුළ මෙතෙක් ක්‍රියාත්මක වූණේ ආනයනය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. අප අවශ්‍ය සියලු දේ ආනයනය කළා. නමුත් ඒවාට ගෙවීමට අවශ්‍ය මුදල් අප සතුව තිබුණේ නැහැ. ඒ අතරතුර අපට යුද්ධය වෙනුවෙන් ද වියදම් කිරීමට සිදු වුණා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මෙරටට හැකියාව තිබුණා. යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුණද අප එම දියුණුව ලබා ගත්තේ නැහැ. අප පැරණි ක්‍රමවේදයම අනුගමනය කළා. මුදල් නැති වන විට ණය ලබා ගන්න පටන් ගත්තා. ඒ ණය ආපසු ගෙවීමට නොහැකි වුණා.

මේ කාලයේ ඇත්ත කතා කිරීමට කිසිවෙකු කැමති වුණේ නැහැ. නමුත් රටේ ආර්ථිකය වෙනස් විය යුතු බව අප ප්‍රකාශ කළා. ඒ සඳහා මැතිවරණවලදී පොරොන්දු ලබා දුන්නා. මේ කටයුතු කරගෙන යන විට රට විකුණන්න යනවා කියමින් ඇතැමුන් රට තුළ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා. නමුත් අවසානයේ අප බංකොළාත් රටක් බවට පත් වුණා.

රටට ආදායම් අවශ්‍ය නිසා 2015 වසරේදී අගමැතිවරයා ලෙස සිටියදී බදු වැඩි කිරීමට මට සිදු වුණා. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාරගෙන බදු අඩු කළා. මෙම බදු අඩු කිරිමත් සමඟ රටට ආදායම් අහිමි වුණා. ඒ සමඟම කොවිඩ් වසංගතයත් පැමිණියා. රටට විදේශ විනිමය ලෙස ඩොලර් බිලියන 03ක් අවශ්‍ය වුණා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිවෙකු ඒ පිළිබඳ කතා කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අප ඒ පිළිබඳ සඳහන් කළා. වෙන කිසිවෙක් ඒ පිළිබඳ කතා කළේ නැහැ. ඒ වෙනුවට කළේ ඉටු කළ නොහැකි බව දැනගෙන වුවද ජනතාවට විවිධ පොරොන්දු ලබා දීමයි. එහි අවසාන ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් පමණක් හිමි වීමයි.

ලෝකයේ කිසි තැනක එක් ආසනයක් පමණක් තිබු පුද්ගලයෙක් අගමැති හෝ ජනාධිපති ලෙස පත්වී නැහැ. එසේ සිදු වුයේ මේ රටේ තිබු දේශපාලන බංකොළොත්භාවය නිසයි. රටේ වගකීම භාරගෙන ආර්ථික ප්‍රශ්න විසඳිමට වෙනත් කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.

ඉන් පසුව තරුණයන්ට ද මෙම වගකීම් භාරදී ඔවුන් තුළ අවබෝධයක් ඇති කළ යුතුයි කියා අප තීරණය කළා. මෙම වැඩසටහන ආරම්භ වුණේ ඒ අනුවයි. රටේ ආර්ථිකය හදන්න ක්‍රමවේදයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ භාරගෙන රට ඉදිරියට ගෙන යාමට තරුණ පිරිස සූදානම් කළ යුතුයි.

අද ඇතැම් දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දෙනවා. නමුත් ඔවුන් කිසිවක් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර නැහැ. විපක්ෂ නායකතුමා සහ අනුර දිසානායක මහත්මයා කොහොමද, කොතැනද වාද කරන්නේ කියා තෝරා ගන්න මාසයක් වාද කළා. අවසානයේ එක් අයෙක් පැමිණියේ නැහැ. මේ එක් අයෙකුගෙන්වත් රටේ ආර්ථිකය ගොඩනැඟීමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් වී නැහැ.

ඒ නිසා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අමතරව තවත් ක්‍රමයක් තිබෙනවද කියලා ඔවුන් පැවසිය යුතුයි. නමුත් කිසිවෙක් එවන් ප්‍රකාශයක් සිදුකර නැහැ. ඔබේ ආනගතය භාර ගැනීමට ඔවුන් සූදානම් නැත්නම් ඔබ ඔබේ අනාගතය ගැන සිතා ඉදිරියට යා යුතුයි. එහිදී මෙවන් වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. ඔබේ දැනුම වැඩිකර ගැනීම වෙනුවෙන් අනෙක් නිලධාරීන් සහ පුද්ගලික අංශය හමුවීමට අවස්ථාව සලසා දිය හැකියි. නව යෝජනා ඉදිරියට ආ යුතුයි. පැරණි ක්‍රමවේදයේ තවදුරටත් සිර වී නොසිට අපි රටක් ලෙස වේගයෙන් ඉදිරියට යමු කියා මා සියලු දෙනාට ආරාධනා කර සිටිනවා."

ප්‍රශ්නය - රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ එම අභියෝගය භාරගෙන ඔබතුමා සාර්ථකව ඊට මුහුණ දුන්නා. නමුත් යම්කිසි ආකාරයකින් ඔබතුමා ඊළඟ මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නායකත්වය ගැනීමට කිසිවෙක් සිටිනවාද?

"මෙම මැතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය හෝ පරාජය නොවෙයි. එහිදී තීරණය වෙන්නේ රට පරාජය වෙනවාද නැද්ද යන්නයි. අප මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමට ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. එය බිඳවැටුණහොත් අපට නැවතත් විදේශ විනිමය නැති වෙනවා. නැවතත් ඖෂධ, පෙට්‍රල්, ගෑස් නොමැතිව පෝලිම්වල දුක් විඳීමට සිදුවෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යනවාද නැද්ද කියා තීරණය කළ යුතු වෙනවා. 

මෙම ආර්ථික පරිවර්තන නීතියට සහාය දෙන ලෙස මම සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැති නම් විකල්පයක් ඉදිරිපත් කරන්න. මෙවර මැතිවරණයේදී තෝරා ගැනීමට සිදු වන්නේ පුද්ගලයන් නොවෙයි, ක්‍රමයයි. මේ ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි කියා ඔබ සෑහීමට පත් ව තිබෙනවා නම් මේ ක්‍රමය සමඟ ඉදිරියට යමු. එසේ නොමැතිව නැවත කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක්, විදේශ විනිමය නැති ඖෂධ, පොහොර නැති රටක් අවශ්‍ය නම් වෙනත් පාර්ශ්වයක් තෝරාගත හැකියි. රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය නම් රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා හැකියි."

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.
රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.