රටට බාල ඖෂධ සපයන ජාවාරමේ මුල් පුටු ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්
රජය සහ අමාත්‍යවරයා ප්රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල ඖෂධ සපයන ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇති බවත්, හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (IV IG) යන අත්‍යාවශ්‍ය ඖෂධය කූඨ ලේඛන සකස් කර සුපුරුදු පරිදි හොර රහසේ, ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකොට, ලියාපදිංචි කිරීමකින් තොරව මෙරටට ගෙන්වා ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මෙවැනි ක්‍රියාවලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් රැගෙන ආ බවත්, එහෙත් මෙවැනි බාල ඖෂධ ගෙන්වමින් ජනතාවගේ ජීවිත සමග සිදුකරන සෙල්ලම අනුමත කරමින් 113 දෙනෙකු සිය ඡන්දය භාවිත කළ බවත් ප්‍රේමදාස මහතා සිහිපත් කළා.
අදාළ ඖෂධය ස්නායු රෝගීන්ට හා හදවත් රෝගීන්ට භාවිත කරන ඖෂධයක් බවත්, එම ඖෂධය නොමැති වුවහොත්, බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු ඇඟවූ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළා.
මෙවන් බරපතල සෞඛ්‍ය ගැටලුවක් නිර්මාණය කළ හා දූෂිත ජාවාරමක නිරතවන සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපතිවරයා කටයුතු නොකිරීම හෙළාදකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි