
ශ්‍රීධරන්, මහවිරු සතිය අරඹලා
උතුරු නැගෙනහිර පළාත් ජනතාව විසින් යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිපත් කරමින් සිදු කරනු ලබන මහවිරු දින සැමරුම් සතිය ඊයේ (නොවැ. 21) ආරම්භ විණි.
මහවිරු දිනයේ අවසන් දිනය ලබන 27 වන දා පැවැත්වීමට නියමිත අතර උතුරු නැගෙනහිර පළාත්වල ස්ථාන රැසක ඊයේ මහවිරු සැමරුම් පවත්වා තිබිණි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පෙරිය පරන්තන් ප්‍රදේශයේදී මහවිරු සැමරුම් උත්සවයක් පැවති අතර එහිදි යුද්ධයේදි මිය ගිය පිරිස් සිහිපත් කරමින් මන්ත්‍රීවරයා විසින් පුෂෝපහාර හා අලෝක පුජා පවත්වනු ලැබීය.
1982 නොවැම්බර් මස 27 වන දා යුද ගැටුම්වලින් එල්ටීටීඊ ක්‍රියාකාරිකයෙකු වූ ලුතිනන් සංකර් නැමැත්තා යුද්ධයේදී මරණයට පත් වූ පළමු එල්ටීටීඊ සාමාජිකයා වශයෙන් මිය ගිය අතර ඔහු සිහිපත් කිරීම වෙනුවෙන් 1989 වසරේ නොවැම්බර් මස 27 වන දා මුලතිව් නිත්තකෙයිකුලම කැළෑවේදී පළමු මහවිරු දින සැමරුම පවත්වා තිබිණි.
- ලක්ෂ්මි ජයකොඩි (මව්බිම)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
