News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්

Nov 20, 2024 at 10:33 AM
|

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ මාධ්‍ය නිවේදනය පහළින්...

ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම

ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ලබාගත් ජනවරමේ දිගුවක් ලෙස ජනතාව විසින් එම ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඓතිහාසිකව සුවිශේෂී ජනවරමක් ලබාදී ඇත. එම ජනවරම හිසට බරක් වන බව සහ එය අවභාවිතා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සඳහන් කිරීම අපි අගය කරමු. එම ජනවරමට ගරු කරන බව සහ ඊට එරෙහිව ක්‍රියා කිරීමට කටයුතු නොකරන බව මෙන්ම එය ආරක්ෂා කරන බව සහ ආණ්ඩුව ඊට එරෙහිව ක්‍රියාකිරීම වැළැක්වීම අපගේ ඉදිරි දේශපාලන භූමිකාව බව අප විසින් දැනටමත් මහජනයාට දන්වා ඇත.

ඒ අනුව මෙම ජනවරම නිවැරදිව කියවා ගැනීම හෙවත් එය නිර්මාණය කළ ජනතාවගේ හදවත්වල තැන්පත් වී ඇති දීර්ඝ කාලීන අපේක්ෂා පිළිබඳව ආණ්ඩුව මෙන්ම මහජනයා ලෙස අප සැම ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. එදා 2002 දී දෙමළ බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී ඊළම නිර්මාණය කිරීමට කෙටි පාරක් කැපීමට දායක වූ රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට මෙන්ම ඉන්පසුව 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ සියලුම අපේක්ෂකයන්ට ඉහළම මනාප ලබාදුන්නේ අද ආණ්ඩුවේ ජනවරම නිර්මාණය කළ ජනතාවම බව අපගේ කියවා ගැනීම වේ. එදා ජාතික ජන බලවේගයක් තිබුණේ නැත. ඉන්පසුව 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්කර යුද්ධය අවසන් කිරීම සඳහා ඡන්දය දුන්නේ එම ජනතාවම නොවේ ද?. බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව නැවතත් රට ගොඩනැඟීමට ජනවරම නිර්මාණය කළේ ද ඔවුන්ම ය.

එසේම යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරේ සහ දකුණේ ජනතාව අතර "මානසික පාලම" ඉදිකිරීම මගින් බෙදුම්වාදය සහ ජාතිවාදය පරාජය කිරීම වෙනුවට "කොන්ක්‍රීට් පාලම්" ඉදිකර කොමිස් ගැසීමේ බැසිල් රාජපක්ෂ න්‍යාය ප්‍රතික්ෂේප කිරීමේ ජනවරම නිර්මාණය කිරීමට ද එම සුවිශේෂී ජන කණ්ඩායම දායක විය. ඉන් පසුව 2015 - 2019 කාලයේදී නැවත වටයකින් රනිල් වික්‍රමසිංහ පාලනය විසින් නිර්මාණය කළ අර්බුද විසඳීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් 69 ලක්ෂයක ජනවරම නිර්මාණය කරන්නේ ද අද අනුර දිසානායක ජනාධිපතිවරයාගේ 69 ලක්ෂයක ජනවරමට දායක වූ අතිබහුතරයකි.

එම දීර්ඝ ඉතිහාස කතාව වැදගත් වන්නේ අප රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ඓතිහාසික සභ්‍යත්ව උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවෙන සහ නිර්භීතව දේශපාලන තීන්දු ගන්නා ලක්ෂ 60 - 70 ක ඡන්දදායකයන් පිරිසක් සිටින බව පෙන්වාදීම සඳහා ය. ඔවුන් 1977 සිට වර්ධනය වූ "පාදඩ ප්‍රභූ දේශපාලන සංස්කෘතියට" අකැමැති පිරිසකි. මෙවර එම "පාදඩ ප්‍රභූන්ට" ඡන්ද පාවිච්චි නොකළ 60 ලක්ෂයක ජනතාව ද අපගේ ඇගයීමට ලක් වේ. "පාදඩ ප්‍රභූන්ට" එරෙහිව ගොඩනැගෙන විරෝධය තුළ විකල්පය බවට හෙවත් "ගැලවුම්කාරයා" බවට ජාතික ජනබලවේගය පත්වන්නේ සුවිශේෂී ඓතිහාසික සාධකයක් නිසා බව තේරුම්ගැනීම ජනවරම නිවැරැදිව කියවා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. ජාතික ජන බලවේගය තෝරාගැනීම බවට පත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් තම අතීත උරුමය, එනම් මහා කැපකිරීම් තුළින් නිර්මාණය කළ "සන්නාමය" පිළිබඳව ඇති ගෞරවය, ආදරය හා පිළිගැනීම නිසා බව සැඟවිය නොහැක.

ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ නම් වූ සන්නාමයේ ගුණාංග නිර්මාණය කිරීම සඳහා ඓතිහාසිකව යම් භූමිකාවක් ඉටුකළ බලවේගයක් ලෙස, වර්තමාන ආණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට සහ විවිධ බාහිර බලපෑම් නිසා ආණ්ඩුව ඊට පිටුපා ක්‍රියාකිරීම වැළැක්වීමට වගකීමක් අප වෙත පැවරී ඇත. ඒ අනුව එම සන්නාමය නිර්මාණය කිරීමට, විශේෂයෙන්ම එම ක්‍රියාවලිය තුළ අපගේ මාතෘභූමිය බෙදා වෙන්කිරීම වැළැක්වීමට දිවිපිදූ රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ දහස් ගණන්  වීරෝදාර සගයන්ට සාධාරණය ඉටුකිරීමට ආණ්ඩුවේ පාර්ශ්වවලට සමාන වගකීමක් අපට ද පැවරෙන බව අපගේ විශ්වාසයයි. නුදුරු අනාගතයේ දී ආණ්ඩුවට මුහුණදීමට සිදුවන දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල බලපෑම්වලට සහ ගෝලීය භූ දේශපාලන කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට උරුම වී ඇති අභියෝගවලට මුහුණදීම පහසු නොවන බව ජනවරම නිර්මාණය කළ ජනතාව ද තේරුම්ගත යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව දියත් වූ මෙහෙයුමක් මගින් බලයෙන් පහකර ඔහු අත වූ ”රිලේ බැටන් එක" රනිල් වික්‍රමසිංහ අතට ලබාදීමෙන් පසුව ඔහු විසින් 2002 දී සකස් කිරීම ආරම්භ කළ ධාවන පථය 2022 - 2024 කාලය තුළ කොන්ක්‍රීට් වැටවල් දමා ශක්තිමත් කරනු ලැබීය. දැන් “බැටන් පොල්ල” ජනතාව විසින් අනුර දිසානායක මහතා අතට ලබාදුන්න ද ඔහු ද දුවමින් සිටින්නේ එම පැරැණි ධාවන පථය තුළමය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ බලපෑම මත සම්මත කළ අණපනත් සහ ඔවුන් විසින් ස්ථානගත කළ නිලධාරීන් ආදී පවුරු මගින් එම ධාවන පථය තවදුරටත් ආවරණය කර ඇත. 

ඒ නිසා එම පථයෙන් එළියට පනිමින් ජනවරමට අදාළ අපේක්‍ෂා ඉටුකිරීම සඳහා "ඇතුළතින් තල්ලු කිරීම" සහ "පිටතින් ඇදීම" යන ක්‍රියාවලි දෙකම එකවිට සිදුවිය යුතු බව අපගේ විශ්වාසය වේ. එහිදී "තල්ලු කිරීමේ වගකීම" ජාතික ජන බලවේගයේ කේන්ද්‍රීය දේශපාලන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට සහ සාමාජිකයන්ට පැවරෙන අතර, "ඇදීමේ භූමිකාව" ජනවරම නිර්මාණය කළ ජනතාවට මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කිරීමට කැපවන අප ඇතුළු සියලු ජාතික බලවේගවලට පැවරෙන බව අපගේ විශ්වාසයයි. ඊට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ වත්මන් දේශපාලන අභියෝග තුළ ආණ්ඩුව බිඳවැටීම අනිවාර්යෙන්ම රාජ්‍යයේ බිඳවැටීම දක්වා ගමන් කිරීමය.

ජනවරමේ අපේක්ෂා කියවා ගැනීම සහ ඊට අදාළ මහජන සංවාදය දැන් ඉතා වැදගත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසා බව අපි විශ්වාස කරමු. පළමුවැන්න, ඉහත සඳහන් කළ බරපතළ ආර්ථික සහ ගෝලීය භූ දේශපාලන අභියෝගයන් ය. බෙදුම්වාදී බලවේග විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා කරනු ලබන බලපෑම්, ඉන්දියාව සමග රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා 2023 ජූලි 21 දින ඇතිකර ගත් එකඟතාවය අනුව ආර්ථික ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ඇති වන බලපෑම, ඉන්දු - පැසිෆික් කලාපයේ යුදමය අවශ්‍යතාව සඳහා ඇති කෙරෙන අමෙරිකානු බලපෑම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇතිකරන බලපෑම් ආදී වශයෙන් වන බහුවිද බලපෑම් ඊට අයත් වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන්ට අනුව සම්මත කළ 2017 විදේශ විනිමය පනත සහ 2023 මහ බැංකු පනත නැවත සංශෝධනය කිරීමට ඉඩ නොදීම ආදිය ඉතා බරපතළ වේ. එම පනත් දෙක නැවත සංශෝධනය කිරීමෙන් තොරව ආර්ථික අර්බුදයෙන් දීර්ඝ කාලීනව ගොඩඒම යනු හුදු සිහිනයක් පමණක් බව අපගේ දේශපාලනික කියවා ගැනීම වේ.

එම පැහැදිලි කිරීමට අදාළ දෙවැනි කාරණය වන්නේ ජනවරම වැරදියට කියවා ගැනීම මගින් පැනවෙන මානසික බාධක ජය ගැනීමය. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව විසින් දෙමළ ජාතිවාදය සහ බෙදුම්වාදයට එරෙහිව නිර්මාණය කළ ජනවරම ඊනියා සිංහල ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස කියවා ගැනීමේ වරද ඉතා බරපතළ වේ. ඒ මගින් දෙමළ බෙදුම්වාදීන්ට පාර්ලිමේන්තුවේ ආසන අහිමි කළ සහ ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ ජනතාවගේ නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට අවකාශය සැලසේ. එය වළක්වාගත හැක්කේ උතුරේ සහ දකුණේ ජනතාවගේ අපේක්ෂා හෙවත් ජනවරම නිවැරදිව කියවා ගැනීම මගිනි.

විශේෂයෙන්ම 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ට පොලිස් බලය ලබාදීමෙන් සමාජ ආර්ථික පීඩනයට අමතරව කුල පීඩනයට ද ගොදුරුව සිටින අතිබහුතරයක් දෙමළ ජනතාවට සාධාරණය ඉටුවන්නේ නැත. ඒ මගින් සිදුවන්නේ එම ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම පමණකි.  ඔවුන්ගේ පන්තියේ පුද්ගලයකු ජනාධිපති කරවීම මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ  ඔවුන්ව ආර්ථික සහ කුල පීඩනය ඇතුළු සමාජීය පීඩනයන්ගෙන් ගලවා ගැනීමය. ඒ සඳහා කළ යුතු  දේ ලැයිස්තුගත කිරීම "රොකට් විද්‍යාවක්" නොවේ.

එහෙත් රටේ අවාසනාවකට ඒ සියල්ලට අදාළ "ප්‍රතිපත්තිමය බෙදීම හෙවත් සංවාදය" ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු නොවීය. එය සමාන වන්නේ ජනතාව විසින් ආණ්ඩුවට "හිස් චෙක් පතක්" අත්සන හා දිනය යෙදීමෙන් තොරව බාරදීම වැනි ක්‍රියාවකට ය. දේශපාලන සංවාදය තුළ එම "ප්‍රතිපත්තිමය බෙදීම" ඇති කිරීමට ආණ්ඩුවට විරුද්ධ විපක්ෂය මෙන්ම ආණ්ඩුවට මගපෙන්වන විපක්ෂය ද අසමත්  වීම පිළිබඳව අපට ද වරද පැටවෙන බව නිහතමානීව පිළිගනිමු.

නමුත් ඉතිහාසය තුළ පක්ෂයක් ලෙස අප දේශපාලන තීන්දු ගැනීමේ දී පුද්ගලයන් ලෙස අපට ලැබෙන දේ හෝ අප ආණ්ඩුව තුළ නියෝජනය වනවාද, නැත්ද යන්න හෝ සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන නැත. ඒ අනුව අප පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවීම අපගේ දේශපාලන භූමිකාව ඉටුකිරීම සඳහා බාධකයක් ලෙස නොසලකන බව පොදු මහජනතාවට දන්වා සිටිමු. එසේම ජනවරමේ අපේක්‍ෂා ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාවට අදාළ "ප්‍රතිපත්තිමය බෙදීම හෙවත් සංවාදය" සඳහා පොදු මහජනතාවට ගෞරවයෙන් ආරාධනා කරමු.

මේ වගට,

(විමල් වීරවංශ)

නායක,

ජාතික නිදහස් පෙරමුණ.

(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්)

2024-11-20


සම්බන්ධිත පුවත් | Related News

බරපතල වැඩ සහිතව හිර සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අදාල තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යාපනයේ තිස්ස රජමහා විහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඕනෝර් ආයතනයේ සභාපතිවරයා සිදුකළ විසින් කළ කතාවක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ.
රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
බහාලුම් 323 ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව අද(06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.
වරාය අධිකාරියේ වත්මන් පරිපාලනයේ ආකාර්යක්ෂමතාව හේතුවෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා තවත් වසර එකහමාරක කාලයක් ගතවනු ඇති බවට වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ නියෝජිතයන් පසුගිය දා අනාවරණය කළේය.
‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිරෙන තොරතුරු සම්පූර්ණ අසත්‍ය බවත්, එවන් පුවත් ඇතැම් විට තම විරුද්ධවාදින් හෝ අවධානය දිනා ගැනීම සඳහා විවිධ මාධ්‍ය විසින් පල කරන එවා විය හැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.