
LTTEයට සහාය දුන්නැයි නීතිපති පැවරූ නඩු දෙකකින් හිටපු රේගු අධිකාරිවරයෙක් නිදහස්
රේගු අධිකාරිවරයකු ලෙස රාජකාරි කරමින් සිටියදී එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයකු වන කදිරගාමනාදන් මහින්දන් හෙවත් වෙන්නයන් නමැත්තාට, එල්ටීටීඊයට අවශ්‍ය සන්නිවේදන උපකරණ හා ගමන් කථන නිෂ්කාශනය කර ගැනීමට සහාය ලබාදීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩු දෙකක චෝදනාවලින් හිටපු රේගු අධිකාරි කන්දයියා යෝගනාදන් මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (11දා) නියෝග කළේය.
එම විත්තිකරු සහකාර පොලිස් අධිකාරිවරයකුට ලබාදුන් බව කියන පාපොච්චාරණය ස්වාධීන පාපොච්චාරණයක් බවට පිළිගත නොහැකි බවට අභියාචනාධිකරණය විසින් නිගමනය කොට තිබීම, චූදිතට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති චෝදනා සනාථ කළ වෙනත් ස්වාධීන සාක්ෂි නොමැතිවීම මෙන්ම, අනෙකුත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මගින් එකී චෝදනා සනාථ නොවීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළ තම අධිකරණය, විත්තිකරුට එරෙහිව පවරා තිබූ පළමු නඩුවේ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සිය නියෝගය මගින් පෙන්වා දුන්නේය.
නීතිපතිවරයා විසින් 2010 දෙසැම්බර් 31 වැනිදා චූදිතට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පෙර කී චෝදනා යටතේ වෙන් වෙන්ව නඩු පවරා තිබිණි. ඉන් එක් නඩුවක් කැඳවූ අවස්ථාවේදී චූදිතගෙන් ලබාගත් බව කියන පාපොච්චාරණය ස්වාධීන නොවන බව පෙන්වා දෙමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කොට තිබූ අතර, එවකට එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් වොන්ඩාර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කොට නඩු විභාගය ආරම්භ කොට තිබිණි.
විත්තියේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධනයේ තීන්දුව, පසුගිය පෙබරවාරි මස නිකුත් කරමින් විත්තිකරුගෙන් ලබාගත් බව කියන පාපොච්චාරණය පිළිගත නොහැකි බවට අභියාචනාධිකරණය තීරණය කොට තිබිණි. අභියාචනාධිකරණයේ එකී තීන්දුව අනුව නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ නෛතික හැකියාවක් නොමැති බව, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා මහාධිකරණයට පෙන්වා දී තිබූ අතර, එකී විරෝධතා පිළිබඳ නියෝගය ඊයේ නිකුත් කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම, එම නඩුවේ චෝදනාවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ අනෙක් නඩුව ද ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ චතුරි ජයසූරිය මහත්මිය කරුණු දක්වමින්, මෙම නඩුවට ද ප්‍රධාන සාක්ෂිය ලෙස යොදා ගැනීමට අපේක්ෂා කරනුයේ පෙර කී පාපොච්චාරණය වන බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බවත් සුදුසු නියෝගයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා එම නඩුවේ චෝදනාවලින් ද විත්තිකරු නිදහස් කිරීමට නියෝග කළේය.
විත්තිකරුට එරෙහිව ගොනුකර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන බරපතළ චෝදනා බවත්, කුමන බරපතළ චෝදනාවක් ගොනු කළත් විධිමත් නඩු විභාගයකදී සාක්ෂි මෙහෙයවා චෝදනා සනාථ කිරීමකින් තොරව කිසිදු විත්තිකරුවකුට දඬුවම් ලබාදීමේ නෛතික බලයක් තම අධිකරණයට නොමැති බවත් පැවසූ විනිසුරුවරයා, පිළිගත් නෛතික ප්‍රතිපාදන අනුව තම අධිකරණය එම නියෝග නිකුත් කළ බව පෙන්වා දුන්නේය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
