News Category
From Date
To Date
Maximum Number of Result

සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම උසස් පෙළ.... විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩිනමින්

Jun 11, 2024 at 05:49 PM
|

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසී ය. ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවන විට දී උසස් පෙළත් 18 වැනි විය ඉක්මවද්දී පාසල් අධ්‍යාපනයත් නිමා කර කඩිනමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථා විවර කිරීමේ අරමුණින් මේ වන විට අතපසු වූ අධ්‍යයන කටයුතු නිමා කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද එක වර කණ්ඩායම් දෙකක් අධ්‍යයන කටයුතුවල නිරත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරු වත් අඛණ්ඩ ව ඉදිරියට පවත්වාගෙන යන බවයි. එහි දී දරුවන්ගේ ප්‍රතිඵල සම්බන්ධ දළ පෙරකියවීමක් එම දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු උසස් පෙළ විෂය ධාරා තෝරාගෙන අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම දක්වා මාස 4-5ක පමණ කාලයක් අපතේ යෑමක් මින් පෙර සිදු වුවත් ඉදිරියේ දී එලෙස සිදු නොවී මේ සතියේ උසස් පෙළ පන්ති ආරම්භ කරන සිසුන්ට නියමිත වසර දෙක අවසන දී උසස් පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාව හිමි වන බවත් මේ වසරේ දී නොවැම්බර් මස ආරම්භ වන උසස් පෙළ විභාගය 2025 වර්ෂය වන විට සැප්තැම්බර් මාසයේ පැවැත්විය හැකි වන බවත් මෙහි දී පැවසී ය.

පාසල් පද්ධතියේ හා විශ්වවිද්‍යාල පද්ධතියේත් කඩිනම් ව සිදු කෙරෙන මෙම අධ්‍යයන කටයුතු සාර්ථක ව පවත්වාගෙ යාම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට ද හැකි පමණ උත්සහ දරන බව ද කී අමාත්‍යවරයා කිසි දු දරුවකුගේ කාලය අපතේ නොයවා දක්ෂ දරුවන්ට වේගයෙන් ඉදිරියට ගොස් නව ලොව දැනුම හඹා යමින් පර්යේෂණවල නියැලී රටට අත්‍යවශ්‍ය නවෝත්පාදන බිහි කිරීමේ අවකාශ විවිර කිරීම ද මෙම ක්‍රියාදාමයන්හි ප්‍රධාන අරමුණක් බව ද පැවසී ය.

තාක්ෂණය හා දැනුම ශීඝ්‍රයෙන්‍ වෙනස් වන ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පවා කතා බහ වන කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් සම්බන්ධ අද්දැකීම් ද ශිෂ්‍ය ප්‍රජාවට ලබා දිය යුතු ව ඇති බවත් ඊට පෙර එම විෂය භාවිතයට අදාළ නීති පද්ධතිය සම්පාදනය කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. එමෙන් ම දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේ ඛේදනීය තත්වයක් ‍ගෝලීය වශයෙන් ම ව්‍යාප්ත වී පවතින වර්තමානයේ යුනෙස්කෝ සංවිධානයෙන් පවා පවසා ඇත්තේ පාරිසරික වෙනස්වීම් පිළිබඳ පළමු ශේණියේ සිට ම සියලු‍ දරුවන්ට දැනෙන ආකාරයෙන් වටහා දිය යුතු බවයි. ජාත්‍යන්තර වශයෙන් මෙවැනි විෂයන් පිළිබඳ කතාබහක නියැලෙද්දී අප තවමත් වැටුප් විෂමතා, වර්ධකවල ම එල්ලී සිටීම, පාසල් විශ්වවිද්‍යාල වසා තැබීම වැනි තත්වයන් පැවතීම මත දරුවන්ට පාසල නීරස තැනක් වීමේ ඉඩකඩ දිගින් දිගට ම වැඩි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් සිටින කාලය තුළ නිදහස් අධ්‍යාපන අවස්ථා අහිමි වීමට කිසි සේත් ඉඩ නොතබන බවයි. එමෙන් ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන අතර ම පෞද්ගලික අධ්‍යාපනය ලැබීමේ අයිතිය ද සමාජය තුළ තහවුරු කර තුලනාත්මක ව පවත්වාගෙන යා යුතු බව ප්‍රකාශ කළ ඒ මහතා විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී දිස්ත්‍රික් පදනම මත දරුවන්ට මුහුණ පෑමට සිදු වන ගැටලු‍ සම්බන්ධයෙන් ද සඳහන් කරමින් මෙහි දී පැවසුවේ වසරින් වසර එම ලකුණු මට්ටම් සංශෝධනය කළ යුතු බවයි. නිදහස් අධ්‍යාපන අවස්ථා අහිමි වන දරුවන්ට සිය දක්ෂතා මට්ටම හා අභිමතය පරිදි මෙරට හෝ පිටරට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා තහවුරු කර දීම කළ යුතු බවත් එවැනි ගැටලු‍ නිරාකරණය කරන අතර ම විශ්වවිද්‍යාල පද්ධතිය හා ඒවායේ තාක්ෂණික උපාංග හා උපකරණ මෙන් ම සම්පත් යාවත්කාලීන කරමින් කඩිනමින් වැඩිදියුණු කළ යුතු ව ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී සඳහන් කළේ ය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන් ම විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ඇගයීම්ලාභී සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. එහි දී අබාන්ස් ආයතනය මගින් එම සිසුන් විශේෂ ඇගයීමකට ලක් කරමින් එම සිසුන්ට ලැප්ටොප් සහ ටැබ් පරිගණක ලබා දීම ද සිදු විය.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.
රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.